පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති ධූර කාලයේ දි ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා වගවීම යන පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කිරිමට පරමාදර්ශී මෙහෙයක් කළ බව පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් කමලේෂ් ශර්මා මහතා අද මෝල්ටා රාජ්‍යයේ පැවති මාධ්‍ය හමුවේ දි කියා සිටියේය.
ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.
‘‘ පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතා කරන ලද කැපවීම ඉතා යහපත් දෙයක්. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ දී කළ දේශනයෙන් ද පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රතිපත්ති ප්‍රවර්ධනය සදහා ප්‍රශස්ත කාලයක් වෙන් කිරීමට ද ඔහු කටයුතු කළා.“
මෙම මාධ්‍ය හමුවට මෝල්ටා අගමැති ජෝෂප් මස්කට් මහතා ද පැමිණ සිටියේය. ඓතිහාසික ශාන්ත ඇන්ජලෝ කොටුවේ දී සිකුරාදා (27) පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව ආරම්භවීමට නියමිතය. වත්මන් සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා එදින සිය සභාපති ධූරය මෝල්ටා අගමැතිවරයාට බාර දීමට නියමිතය.
මෝල්ටා අගමැති මස්කට් මහතා පවසන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයන් ලෙස නොව ජනතාවගේ පොදු රාජ්‍ය මණ්ඩලය බවට පත්කිරීමේ සිය දර්ශනය ලෙස ගෙන කටයුතු කරන බවයි.
(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගවීම කියන්නේ මොකක්ද කරුණාවෙන් පහද දෙන්න (අ)
අපේ ජනපතිතුමාට ජයවේවා! (නි)
මම නම් හිතන්නේ දොස් පවරන්නන්ට වඩා ගුණවයන්නන්ගෙන් ප්‍රවේශම් වියයුතුයි කියායි (නි)
බලාගෙන හොඳේ. කෑම මේසයට ආප්ප එහෙම තියෙයිද දන්නෙ නැහැ (නි)
එතුමා ප්‍රශංසාව ලැබීමට සුදුසු කෙනෙක් (නි)
හිටපු ජනපතිටත් මෙසේම කළ බවට මතකයක් තිබෙනවා මට (නි)
ජනපතිඳුන්ට අපේ ප්‍රණාමය! (නි)