IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පොදු රද ලේකම් මෛත්‍රී ගුණ වනයි

පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති ධූර කාලයේ දි ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය, මානව හිමිකම් හා වගවීම යන පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍ර‍තිපත්ති ප්‍රවර්ධනය කිරිමට පරමාදර්ශී මෙහෙයක් කළ බව පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් කමලේෂ් ශර්මා මහතා අද මෝල්ටා රාජ්‍යයේ පැවති මාධ්‍ය හමුවේ දි කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

‘‘ පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍ර‍තිපත්ති ප්‍ර‍වර්ධනය කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතා කරන ලද කැපවීම ඉතා යහපත් දෙයක්. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ දී කළ දේශනයෙන් ද පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍ර‍තිපත්ති ප්‍ර‍වර්ධනය සදහා ප්‍ර‍ශස්ත කාලයක් වෙන් කිරීමට ද ඔහු කටයුතු කළා.“

මෙම මාධ්‍ය හමුවට මෝල්ටා අගමැති ජෝෂප් මස්කට් මහතා ද පැමිණ සිටියේය. ඓතිහාසික ශාන්ත ඇන්ජලෝ කොටුවේ දී සිකුරාදා (27) පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව ආරම්භවීමට නියමිතය. වත්මන් සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා එදින සිය සභාපති ධූරය මෝල්ටා අගමැතිවරයාට බාර දීමට නියමිතය.

මෝල්ටා අගමැති මස්කට් මහතා පවසන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයන් ලෙස නොව ජනතාවගේ පොදු රාජ්‍ය මණ්ඩලය බවට පත්කිරීමේ සිය දර්ශනය ලෙස ගෙන කටයුතු කරන බවයි.

(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)

01



අදහස් (0)

පොදු රද ලේකම් මෛත්‍රී ගුණ වනයි

වසන්ජය Thursday, 26 November 2015 09:51 PM

වගවීම කියන්නේ මොකක්ද කරුණාවෙන් පහද දෙන්න (අ)

:       0       0

කසුන් Friday, 27 November 2015 04:07 AM

අපේ ජනපතිතුමාට ජයවේවා! (නි)

:       0       0

සොපී Friday, 27 November 2015 05:20 AM

මම නම් හිතන්නේ දොස් පවරන්නන්ට වඩා ගුණවයන්නන්ගෙන් ප්‍රවේශම් වියයුතුයි කියායි (නි)

:       0       0

ඇසළ Friday, 27 November 2015 07:06 AM

බලාගෙන හො‍ඳේ. කෑම මේසයට ආප්ප එහෙම තියෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

දිසානායක Friday, 27 November 2015 07:12 AM

එතුමා ප්‍රශංසාව ලැබීමට සුදුසු කෙනෙක් (නි)

:       0       0

දුමින්ද Friday, 27 November 2015 07:35 AM

හිටපු ජනපතිටත් මෙසේම කළ බවට මතකයක් තිබෙනවා මට (නි)

:       0       0

ගිහාන් Friday, 27 November 2015 08:22 AM

ජනපතිඳුන්ට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 498 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site