දකුණු අප‍්‍රිකාවේදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතාවලියට සහභාගිවීම සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 10 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා බර ඉසිලීමේ කණ්ඩායම අද (7) දකුණු අප‍්‍රිකාව බලා පිටත්ව යයි. තරගාවලිය මේ මස 10 වැනිදා සිට 15 වැනිදා දක්වා දකුණු අප‍්‍රිකාවේ කේප් ටවුන් නගරයේදී පැවැත්වේ. තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිලට ක‍්‍රීඩකයෝ අට දෙනෙක් සහ ක‍්‍රීඩිකාවෝ දෙදෙනෙක් ඇතුළත්වෙති. පසුගිය වසරේ නවදිල්ලි නුවරදී පැවැති පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනාගත් සුදේශ් පීරිස් ද තරගාවලියට සහභාගිවෙයි. තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිල: පිිරිමි: කමල් බණ්ඩාර, සංගීත් විජේසුරිය (කි.ග‍්‍රෑ. 56, ජේ්‍යෂ්ඨ අංශය*, කේ. පලගසිංහ, එම්. එස්. ඒකනායක (කි.ග‍්‍රෑ. 56, කනිෂ්ඨ අංශය), සුදේශ් පීරිස් (කි.ග‍්‍රෑ. 69), ඞී.එම්.දිසානායක (කි.ග‍්‍රෑ. 62*, ආර්.ආර්.සමරසේකර (කි.ග‍්‍රෑ. 85), පී.එම්.විජේරත්න (කි.ග‍්‍රෑ. 105), කාන්තා: ඞී. ඞී. අබේසේකර (කි.ග‍්‍රෑ. 48, කනිෂ්ඨ අංශය), එන්. එස්. රාජපක්‍ෂ (කි.ග‍්‍රෑ.58) පූර්ණ කාහිංගල මහතා (කළමනාකරු), අතුල විජේවික‍්‍රම (පුහුණුකරු) සහ ටී. එම්. ගමගේ (සහය පුහුණුකරු)
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
පොදු රද මඬුලූ බර ඉසිලීමේ තරගාවලියට ශ්‍රී ලංකා පිල අද දකුණු අප‍්‍රිකාවට යයි