22 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ ආරම්භක උත්සවයට ඔබ සාදරයෙන් පිළිගනිමි. වේල්ස් කුමරුනි, කෝන්වෝල් ආදිපාදතුමියනි, රාජ්‍ය නායකවරුනි, විදේශ ඇමතිවරුනි, විදේශීය නියෝජිතයන්ගේ සම්භාවනීය ආර්යාවනි, විශේෂ ආරාධිතයිනි, ශ‍්‍රී ලංකාවට පැමිණි ඔබ සැම පිළිගැනීම මට ඉමහත් සතුටකි.
පොදුරාජ්‍ය මණ්ඩලයේ නායකත්වය හොබවන දෙවන එළිසබෙත් මහ රැජිණ නියෝජනය කරමින් පැමිණි වේල්ස් කුමරුනි, ඔබ අප දේශයට ආගන්තුකයකු නොවේ. කුමරුනි, ඔබේ නාමයෙන් ඇති පදනම මෙරට සමාජ සංවර්ධන ව්‍යාපෘති ගණනාවකට අරමුදල් සම්පාදනය කර ඇත. ඔබතුමා අප රටේ කරන චාරිකාවේ දී අත්විදින සියළුම සොඳුරු මතකයන් සිය රට ගෙනයනු ඇතැයි මම විශ්වාස කරමි. මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව සාර්ථක කර ගැනීමට දුන් සහයෝගය පිළිබඳ ව අදින් සිය සභාපති ධූරයෙන් ඉවත් ව යන ඕස්ටේ‍්‍රලියාවේ සභාපතිතුමාට ස්තූතිවන්ත වෙමි.
මේ සමුළුව අප රටෙහි පැවැත්වීමට හැකිවීම ශ‍්‍රී ලංකාවට ඓතිහාසික අවස්ථාවක් වනවා, එමෙන් ම සමස්ථ ආසියාවට ම ගෞරවයක් වනවා. සමුළුව මෙලෙස ආසියාවේ පවත්වන්නේ 24 වසරකට පසුවයි. පොදුරාජ්‍ය මණ්ඩලයේ ආරම්භක සාමාජිකයන් 8 දෙනාට අයත් වන ශ‍්‍රී ලංකාවට මේ සමුළුවේ සත්කාරක දේශය වීමට ලැබීම ඉමහත් ගෞරවයක්. ශ‍්‍රී ලංකාවේ පශ්චාත් ගැටුම් යුගයේදී තිබූ සංකීර්ණ ප‍්‍රශ්නවලදී පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික ජාතීන් වන ඔබ සියළු දෙනා දැක් වූ සහාය ගැන මම කෘතඥ වෙමි.ඔබ මගේ රට කෙරෙහි දැක් වූ විශ්වාසය පොදුරාජ්‍ය මණ්ඩලයේ ජනතාවගේ උපරිම යහපතට හේතුවන ලෙස මෙම සංවිධානය මෙහෙයවීමට මට ලැබුණ සවියකි.
දශක තුනකට ආසන්න ත‍්‍රස්තවාදයේ ශාපය නිසා මගේ ජනතාවට දිගු කලක් අහිමිව තිබූ සාමය, ස්ථාවරත්වය සහ අලූත් ආර්ථික ඉඩ ප‍්‍රස්ථා සහිත නව යුගයකට ශ‍්‍රී ලංකාව දැන් පිවිසෙමින් සිටී. 2009 දී ත‍්‍රස්තවාදය අවසන් කිරීමෙන් ශ්‍රේෂ්ඨතම මානව අයිතිය එනම් ජීවත්වීමට ඇති අයිතිය අපි සහතික කළෙමු. ගත වූ සිව් වසර තුළ ශ‍්‍රී ලංකාවේ කොතැනක හෝ ත‍්‍රස්තවාදයට සම්බන්ධ එකදු සිදුවීමක් හෝ නොවූ බව ප‍්‍රකාශ කරන්නේ මහත්වූ සතුටිනි. .
අපේ ජාතීහු අද සමාජ ආර්ථික අස්ථාවරත්වය නිසා උද්ගත බහුවිධ ගෝලීය අභියෝග රැසකට මුහුණපා සිටිති. අප කැමැත්තෙන් පිළිගෙන ඇති වටිනාකම් ආරක්‍ෂා කිරීම පිණිස මේ අභියෝග ඵලදායී ලෙස ජයගැනීමේ මාර්ග පොදුරාජ්‍ය මණ්ඩලයේ අපි සාමූහිකව හඳුනාගත යුත්තෙමු.
මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය නායක සමුළුවේ තේමාව ලෙස "සමානාත්මතාව සමඟ වර්ධනය - පරිපූර්ණ සංවර්ධනය"යන්න ශ‍්‍රී ලංකාව යෝජනා කළේ අපේ ජනතාවන්ගේ ජීවිත කෙරෙහි සෘජුව ම බලපාන්නා වූ වර්ධනය හා සංවර්ධනය සමග බැඳුණු දැවෙන ප‍්‍රශ්න නිරාකරණය හදිසි අවශ්‍යතාවක් ලෙස හඳුනාගත් බැවිනි.
මේ තේමාව සමස්ත පොදුරාජ්‍ය මණ්ඩලයට පෘථුල ලෙස අදාළ බව ත්, ධනය සහ ආර්ථික ප‍්‍රතිලාභ බෙදීයාමේ වත්මන් විෂමතා විශේෂයෙන් සළකන කල ආර්ථීක සංවර්ධනයෙහි සමානාත්මතාවට ඇති වැදගත්කම හුවා දක්වන බවත් අපි විශ්වාස කරන්නෙමු. පරිපූර්ණ සංවර්ධනය සමාජ ප‍්‍රගමනය ප‍්‍රවර්ධනය කරන අතර, සහශ‍්‍රක සංවර්ධන අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීමට දායක වෙයි.
වත්මන් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිපත්ති න්‍යාය පත‍්‍රය වන ''මහින්ද චින්තන ඉදිරි දැක්ම'' ආර්ථික හා සමාජ ප‍්‍රතිලාභ සමාජයේ සෑම ස්ථරයකටම අත්වන බව සහතික කරමින් අපේ ජනතාවගේ ජීවනෝපාය වැඩි දියුණු කිරීමේ සහ විශේෂයෙන් ශ‍්‍රී ලංකාව ''ආසියාවේ ආශ්චර්යය'' බවට පත්කරනු වස් ඉදිරියට ගෙන යන්නා වූ නිශ්චිත උපායමාර්ග ඇතුළත් කොට ගනී. පහළ මධ්‍ය ආදායම් රටක් වුව ද ශ‍්‍රී ලංකාව සහශ‍්‍රක සංවර්ධන අභිමතාර්ථවලට ඇතුළත් සමාජ දර්ශක සමූහයක් සාක්ෂාත් කර ගැනීමට සමත්ව ඇති බව මා සඳහන් කරන්නේ සතුටිනි. 2007 දී 15.2% ක් වූ ශ‍්‍රී ලංකාවේ අන්ත දරිද්‍රතාව සහශ‍්‍රක අභිමතාර්ථවල මධ්‍ය ඉලක්ක ඉක්මවායමින් 2012 වනවිට 6.5% දක්වා පහත වැටිණ. අපේ ජනතාවගේ සියලූ අවශ්‍යතා සපුරාලන අතර, රජය පශ්චාත් ගැටුම් අවධියේ ප‍්‍රතිසංවර්ධනය හා ප‍්‍රතිසන්ධානය අරභයා පූර්ව ක‍්‍රියාකාරී ප‍්‍රවේශයක් ගත්තේ ය.
වේල්ස් කුමරුනි, සහෝදර රාජ්‍ය නායකයිනි, උතුමාණෙනි, මිතුරනි, දුෂ්කර අභියෝගයනට මුහුණ පා සිටින්නා වූ අප අපෙන් ම ප‍්‍රශ්න කිහිපයක් ඇසිය යුතු ය. පළමුව, මූලික පහසුකම්, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, ඵලදායී සේවා නියුක්තිය, ආහාර සහ සුරක්‍ෂිත පානීය ජලය ලබා ගැනීමේ පහසුව, දිළිඳුකම හා සාගින්න පිටුදැකීම, දේශපාලන වුවමනාවන් තරම් වැදගත් නැතැයි අපට යථාර්ථවාදීව ප‍්‍රකාශ කළ හැකිද? දෙවනුව, පොදුරාජ්‍ය මණ්ඩලය තම සාමාජිකයනට ආර්ථික ප‍්‍රතිලාභ නෙළා ගැනීමට හැකිවන පරිදි සංවර්ධන අභිමතාර්ථ ජය ගැනීම සඳහා සාමූහිකය ක‍්‍රියාකළ යුතු නොවන්නේද? තුන්වනුව, අප ''පොදු ධනය'' ගැන කථා කිරීමට පෙර ''පොදු දිළිඳුකම'' පිළිබඳ ගැටලුව විසඳීමට වඩාත් වෙහෙසී ක‍්‍රියා කළ යුතු නොවන්නේද?
පොදුරාජ්‍ය මණ්ඩලයේ අපි ප‍්‍රමුඛතාවක් සේ ගෙන අපේ සාමාජික ජාතීන්ගේ බහුතරය මුහුණපා සිටින සංවර්ධන අභියෝග කෙරෙහි අවධානය යොමු කළ යුතුය. පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉරණම මෙහෙයවන පිරිස ආර්ථික, සමාජ ගැටලු නිරාකරණය සඳහා ප‍්‍රායෝගික විධික‍්‍රම ගැන ගැඹුරින් කල්පනා කිරීමේ ප‍්‍රබල අවශ්‍යතාවක් ඇතැයි මම දකිමි.මෙය පොදුරාජ්‍ය මණ්ඩලයේ වටිනාකම සහ අදාළ බව බොහෝ සෙයින් වර්ධනය කිරීමට ඉවහල් වනු ඇත.ස්ත‍්‍රීන් සහ ළමයින්ගේ අභිවෘද්ධිය කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම අවශ්‍ය වෙයි. එසේ ම සන්නිවේදන තාක්‍ෂණයේ ශක්‍යතාව මෙන්ම අවදානම් පාර්ශවය කෙරෙහි ද දැනුවත් වී සිටීම ප‍්‍රමුඛ අවශ්‍යතාවකි. ආර්ථික ප‍්‍රමුඛතා මුල්තැන ගන්නා නමුදු අපේ ජාතීන් සතු ශ්‍රේෂ්ඨතම ධනය ජනතාව බව අප අමතක නොකළ යුතු ය. මානව ප‍්‍රාග්ධනයේ ගුණාත්මක අගය ශක්තිමත් කිරීම ධරණීය වර්ධනය අත්කර ගැනීම රටවලට උපකාරී වෙයි. පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් ජාතීන් ඇතුළත වඩා පුළුල් ජනතා සම්බන්ධතා මෙන් ම පොදුරාජ්‍ය මණ්ඩලයේ පරමාර්ථ අපේ ජනතාවන්ගේ ඉතා දුරස්ථ කණ්ඩායම් වෙත ගෙන යාම ද එක සේ වැදගත් ය.
2013 පොදුරාජ්‍ය මණ්ඩලීය නායක හමුව සංවර්ධන අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීමෙහිලා පොදුරාජ්‍ය මණ්ඩලය ලබා ඇති ප‍්‍රගතිය තක්සේරු කිරීමට අපට අවස්ථාව සලසා දෙයි. පොදුරාජ්‍ය මණ්ඩලය සාමාජික රටවලට අදාළ ආයතනයක් ලෙස දිගටම පැවතීමට නම් සංවිධානය දඬුවම් දෙන හෝ තීන්දු දෙන මෙවලමක් බවට පත් වීමට ඉඩ නොදී සිය ජනතාවන්ගේ අවශ්‍යතාවනට සංවේදී ලෙස ප‍්‍රතිචාර දැක්විය යුතු ය.පොදුරාජ්‍ය මණ්ඩලයේ සම්ප‍්‍රදායන් සහ ඒකමතිකභාවය විකෘති කරමින් බහුපාර්ශ්වීය න්‍යාය පත‍්‍ර සංවිධානයට හඳුන්වාදීමට එරෙහිව අප සාමූහිකව ක‍්‍රියා කළ යුතු ය. සංවිධානයේ ශක්තිය රැඳී තිබෙනුයේ හවුල්කාරීත්වයේ ජීවගුණයෙන් යුතුව එකිනෙකාට උපකාර කිරීමෙන් සාමාජික රටවල් එකට තබා ගැනීමෙනි. පොදුරාජ්‍ය මණ්ඩලයේ සුවිශේෂ ආයතනයක් වනුයේ එවිට ය.උතුමනි, අප කොළඹ දී කරන සාකච්ඡා පිළියම් නිර්දේශ කරන හා භේදකාරී එකක් වෙනුවට හවුල්කාරිත්වයෙන්, සහයෝගයෙන් සහ එක්සත්භාවයෙන් සළකුණු වූ අලූත් පොදුරාජ්‍ය මණ්ඩලයක ජනතාවන් උදෙසා වැඩිම ප‍්‍රායෝගික ප‍්‍රතිලාභ අත්කර දීමට ඉවහල් විය යුතු ය.
සංවිධානයේ සියලූ සාමාජිකයන් පිළිගන්නා වූ වටිනාකම් සහ අභිලාසයන් ඇතුළත් පොදුරාජ්‍ය මණ්ඩලයීය ප‍්‍රඥප්තිය පසුගිය දෙසැම්බරයේ අනුමත කර ගන්නා ලදී. අප දැන් නව යුගයක් උදාකරමින් සිටින නිසා ත්, ශ‍්‍රී ලංකාවේ ජනයා අදහන සියලූ ආගම් උතුම් මානව වටිනාකම් සුරකින ලෙස උගන්වන නිසා ත් වත්මන් ශ‍්‍රී ලංකාවේ අපට ඒවායේ අඛණ්ඩ වලංගුතාවක් පවතී. අවසාන වශයෙන් බුදුන් වහන්සේගේ ධර්ම පාඨයක් උපුටා දැක්වීමට කැමැත්තෙමි.
''න පරේසං විලෝමානි - න පරේසං කතාකතං
අත්තනෝව අවෙක්ඛෙය්‍ය - කතානි අකතානිච''
''අනුන්ගේ රළු පරළු කථා ත්, අනුන් කළ නොකළ දේත් නො සෙවිය යුතු ය. තමා ගේ ම කළ නොකළ දේ සෙවිය යුතු ය''
ඵලදායී සහ නිර්මාණශීලී සංවාදයක් අපේක්‍ෂා කරමින්, අප රටේ රැඳී සිටින කාලය ඔබ සියලූ දෙනාට සොඳුරු හා ආශ්වාදජනක වේවා යි මම ප‍්‍රාර්ථනා කරමි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතිගරු ජනාධිපතිතුමනි, ඔබගේ කතාව අවසානයෙන්ම අපගේ පටන්ගැන්ම ගැන සිහිකැදවිමක් කර තිබෙන නිසාම අප අප ගැනම කතා කර හෙට දවස වඩාත් ඵලදායි වීමට නම් අද පටන් දුෂණයෙන් , භීෂණයෙන් කොමිස් ගැහිලෙන් තොර රටක් කිරීමට ශ්‍රී ලංකාවාසි සැවොම එක්සත්ව එක්සිත්ව සමගියෙන් පෙළ ගැසෙමු. එවිට මතු උපදින පරපුර අප ගැන කෘතවේදීව සිහිපත් කරනු ඇත. නැතහොත් ඔවුන් අපට ශාප කරනු ඇත. මගේ රට දිනේවා! (නි)
චාර්ල්ස් කුමාරයාගේ හිසකෙස් ගහක් වැටුණත් ඒ ගැන ප්‍රවෘත්ති වලට කියන ජර්මනියේ අපේ රටේ පවත්වන මෙම හමුවීම ගැන අද වෙනකලුත් එක වචන පේළියක් කිසිම මාධ්‍යයක පළවෙනවා දැක්කේ නැහැ. නමුත් ගරු ජනාධිපතිතුමනි, ඔබතුමා යන මග නිවැරදියි. ඉදිරියටම යන්න. අපට ජය සිකුරුයි (නි)
ඉතා අගෙයි (නි)
සමා, ජනපතිතුමාගේ මව් භාෂාව ඉංග්‍රීසි නොවේ. ඉංග්‍රීසි දෙවන හෝ තෙවන භාෂාවයි. ජනපතිතුමා කතාකරන ඉංග්‍රීසි ලෝකයේ ඉංග්‍රීසි භාෂාව මව් භාෂාව වශයෙන් හෝ දෙවන භාෂාව වශයෙන් ඇති ඕනෑම කෙනෙකුට ඉතා හොඳින් පැහැදිලිව තේරුම් ගත හැකිය. නමුත් ඕස්ට්‍රේලියා ඉංග්‍රීසිවල එයාලාට පමණක් ආවේණික වූ උච්චාරණ කොතරම් ප්‍රමාණයක් තිබෙනවාද කියා එයාලා නොදන්නාකම ලොකුම අඩුපාඩුවකි. වීදුරු ගෙවල් වල සිටින්නෝ අනුන්ට ගල් නොගැසිය යුතුය. (නි)
අතිගරු ජනාධිපතිතුමනි,ඔබට මාගේ උත්තමාචාරය! (නි)
අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමා මුළු සිරිලක වෙනුවෙන් ලොවට පෙන්වූ සිංහ නාදය අති උතුම්ය. මුළු සිරිලකට ජය වේවා! (නි)
තුන් සිංහලයම මුළු ලොවට සිංහ නාදය පල කල බවයි....ජය ශ්‍රී..."න පරේසං විලෝමානි - න පරේසං කතාකතං අත්තනෝව අවෙක්ඛෙය්‍ය - කතානි අකතානිච'' ධර්ම පාටය කාලෝචිත යොදා ගැනීමකි...ජයවේවා! (දී)
ජයවේවා ජනපතිතුමනි.! ඔබතුමන්ගේ කතාව ඉතා අනර්ඝයි. (දී)
ජාති ආගම් පක්ෂ බේදයකින් තොරව හැම කෙනෙකුගේම සිතට නැගෙන්නේ එකම සිතිවිල්ලකි, රටේ පිනට පහල වූ නායකයාණෙනි, ඔබතුමාට සැමදා ජය සහ දීර්ඝායුෂ ! (දී)
මගේ රටේ අභිමානය ලොවටම පෙන්වපු එකට ගොඩක් ස්තුතියි. එම උත්සවය නරඹද්දී අමුතුම හැගීමක් දැනුනා.ඒක වචනයෙන් කියන්න බැහැ (නි)
ඔබ අද දින කල කතාව දෑස තෙත් කරවන සුළුයි. අපට ආඩම්බරයක්. (දී)
ලෝකයටම ආදර්ශවත් කතාවක්. ඔබට දිර්ඝායුශ ජනාධිපතිතුමනි (දී)
දකුණේ සිංහල හඬ ලොවටම ඇසුන නේද (දී)
මගේ රටට දළදා හිමි පිහිටයි (දී)
මේ කතාවේ ඉතාම සුළු කොටසක් මෙහෙ (ඕස්ට්‍රේලියාවේ) පෙන්නුවා. මෙහෙ අය හැමදාමත් කරන විදියට අපේ මොකක් හරි අඩුවක් /වරදක් පෙන්නුම් කරන අකාරය ඒකෙනුත් පෙන්නුවා. එනම් 'ලිව්' කියන වචනය වැරදි ලෙස උච්චාරණය කර වැරදි තේරුමක් දෙන විදියට ලය්ව් කියා කියවීම. ඒ වාක්‍ය පමණක් මුළු කතාවෙන්ම ප්‍රවුර්ති වලට පෙන්නුවා. මෙහෙ අය ආසියාතික රටවල් පහත් කර පෙන්වීමට ලැබෙන සෑම අවස්ථාවකින්ම ඒ දේ කරනවා,(දිල්)
මගේ රට සැමදා දිනේවා .අති විශිෂ්ටය් ජනපතිතුමනි.(දී)
දකුණේ සිංහලද නෑ පෘතුගීසි මෙයා දොන් මේ ඔක්කොම එකම කට්ටිය පාට විතරය් වෙනස් තමුන්ගේ බඩට තමා ඔක්කොම කතා.(දී)
යේස් සර් ..යේස් සර් ..කියා කියා සුද්දට ඔලුව කහපු කාලය ඉවරයි. අපි නිදහස් ජාතියක්. කළගුණ සළකා ගෙට වද්දාගත්තත් වතුර උගුරක් නොදී යවන සිරිතක් අපි ළඟ නැහැ. ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට. (නි)
ජනාධි පති තුමාට අපේ උත්තමාචාරය (දී)
ජනපති තුමාගේ කතාව ඉතාම හොඳයි. මේ ආපු අය යාපනයට ගිහිල්ල කොටින්ගේ බොරු අහන එකතමා වැරදි (දී)
දකුණ දිනේවා,,,,,,,,,,,, (දී)
ශ්රී ලංකාව තව තවත් දිනේවා (දී)
ඔබ ලාංකික බව සුරකින පාලකයෙක් (දී)
''අනුන්ගේ රළු පරළු කතාත් අනුන් කල නොකළ දේත් නොසෙවිය යුතුය .තමාගේම කල නොකළ දේ සෙවිය යුතුය" ඔබතුමාගේ ඒ කතාව ඉතා අනර්ඝයි. (දී)
අතිගරු ජනපතිතුමනි, ඔබට අපගේ උත්තමාචාරය...!!! (නි)
''2009 දී ත‍්‍රස්තවාදය අවසන් කිරීමෙන් ශ්‍රේෂ්ඨතම මානව අයිතිය එනම් ජීවත්වීමට ඇති අයිතිය අපි සහතික කළෙමු''. මහින්ද රාජපක්ෂ මැතිදුණි ඔබට මගේ සහ සිංහල දේශයේ (සිංහල දෙමල මුස්ලිම් බර්ගර්)නමස්කාරය!!!!!!! සියලු ශ්‍රී ලාංකිකයන්ගේ නමස්කාරය ඔබට!!!! රට ජාතිය ශ්‍රී ලංකික අභිමානය ලොවට පෙන්නු ඔබට දීර්ඝායුෂ !!!!!ජය වේවා !!!!!සියලු භාධක ජය ගැනිමට ශක්තිය !!!!(දී)
පිටබැද්දර ජයා, ඔය පෙළ ගැස්වීමට සියලුම නායකයන්වත් කැඳවා ගන්න. එතකොට ඔය කියන ගමන් යන්න පුළුවන්. (නි)
මෙතෙන අදහස් පල අයගෙන් කීදෙනෙක් මේක කියෙවුවද දන්නෙ නැහැ. කිසිම තේරුමක් නෙතුව ආවඩන එකයි මෙතන වැඩි දෙනෙක් කරන්නේ (නදී)
ජයවේවා ජනාදිපතිතුමනි ,ඔබ බය නැති වෙනත් ජාතීන්ද අවිදි කරන්න පුළුවන් ශ්‍රී ලංකික උතුමෙක් . (නදී)
රතු ඉන්දියානු නායක සියෙටල්ගේ කතාවට නොදෙවනි සාරවත් කතාවක් කල අප ජනාධිපති තුමාට අපගේ උපහාරය. අභීත නායකයානනි ඔබට චිරං ජයතු!
කතාව නම් නියමයි (නි)
නහිවේරේන වේරානී... (නි)
බුද්දි , ඔයා කැමතිනම් නමස්කාර කළාට අකමැත්තක් නැහැ. නමුත් අනිත් අය නමස්කාර කරනවා කියලා ඔයා කියන්න යන්න එපා. ඒක ඒ අය කැමති නම් කරාවි. අකමැති නම් නොකරාවි (නි)
සමා, කනගාටු නොවන්න. අපි සිංහල.ඔය හිනා වෙන අයගේ නායකයන්ට අඩුම තරමේ අපේ භාෂාවෙන් එක වාක්‍යක් වත් කියවන්න පුලුවන්ද?සමහර විට ඔය අය දන්නේ ඉංග්‍රීසි විතරයි. නමුත් අපේ නායකයා සිංහල,දෙමල,ඉංග්‍රීසි,පාලි භාෂාවෙන් පිලිබඳ දැනුමක් ඇති අයෙක්. ඒ අනුව හිනා විය යුත්තේ අපිය.(නදී)
ජාතියේ නායකයාණෙනි,ඔබ අපේ ශක්තිය. (නි)
අපට අහිමිකළ අපේකමට යළි පණපොවනා පණ ඇති මිනිහෙක් (නි)
සමානාත්මතාවය සිංහලයන්ට අද අහිමියි හුඟක් පළාත්වල. මේ ගැන අමතක කරලා කරන උත්සව වලින් ඡන්දෙ ලැබෙන්නේ නැහැ බලයේ ඉන්න. (නි)
ජාතියට පණ පොවන නායකයාණෙනි, ඔබේ අර්ථවත් වදන් මුළු ලොවම අවදි කරන්නට පෙළගස්වා අර්ථවත් බුදු වදනකින් දැනුම්දිය යුතු සියළු කරුනූ සංශිප්තව පෙන්වා, ''2009 දී ත‍්‍රස්තවාදය අවසන් කිරීමෙන් ශ්‍රේෂ්ඨතම මානව අයිතිය එනම් ජීවත්වීමට ඇති අයිතිය අපි සහතික කළෙමු''. වදන් පෙළ යථාර්ථවාදීව, ප්‍රායෝගිකව සිදුකිරීම තුල අස්වැසිල්ලක් ලබන මුළුමහත් ජාතියම ඔබට දණ නමස්කාර කරනු ඇත. ජාතියට අභිමානයකි. උතුමාණෙනි ඔබට "චිරං ජයතු" (නි)
නමුත් ආරංචි ලෙසට දැනටම ගෑස් රුපියල් 500 කින් වැඩි කරන්නට හදනවාය. සැබෑවටම කඳුළු එන්නේ එතකොටය. (නි)