IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පද රචනයට ලොබ බඳින 'ඩිලන්ක'

2016-05-10-ent-53

ඩිලන්ක ගයාන් යන පුද්ගලයාව බොහෝ දෙනා හඳුන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් "හඬන තරම්", "දන්නවාද මේ ඇස්", යන ගීතයන් බොහෝ දෙනා මුමුණන ගීතයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙම ගීතයන්වල පද රචකයා වන ඩිලන්ක ගයාන් ඔහුගේ කලාවට අවතීර්ණය පිළිබඳව අපත් සමග මෙසේ පැවසුවා.

"මුලින්ම මම සිංදුවක් කළේ සුපර් ස්ටාර්වලින් ආපු මල්ලි කෙනෙක්ට. "හරි හුරතල්" ගීතය මියුසික් කළේ ප්‍රියන්ත නාවලගේ. පස්සෙ නොයෙල් රාජ් අයියගෙත් පෞද්ගලික හැඳුනුම්කමක් මත "හඬන තරම්" ගීතය පද රචනය කළා. ගොඩක් දෙනෙක් මාව හඳුන ගත්තෙ ඒ ගීතයෙන්. ඒ ගීතය රදේශ්ගේ වැඩක්. ඊට පස්සෙ ගොඩක් වැඩ ලැබුණා. නොයෙල් රාජ්ගේ "හඬන තරම් ඔබ හින්දා", නොයෙල් රාජ්ගේ "ඔයාට අමතක වෙලා ගිහින්", තීක්ෂණ අනුරාධගේ "දන්නවාද මේ ඇස්", සහිල් හිමාෂගේ "මේ ඇස් දෙක", ඉඳුනිල් අන්ද්‍රමාන්නගේ "මං විඳිනා දුක", නොයෙල් රාජ්ගේ "ඔයා දුන්න දුක මේ පපුවේ", සඳුන් පෙරේරාගේ "ඔබ සතුටින්" යන ගීත මෑතක් තුළ බොහෝ ජනප්‍රියත්වයට පත් වුණා. ඊට පස්සෙ ජූඩ් රොගන්ස්ගේ "දුක නැතේ" යන ගීතයත් බොහෝ රසිකත්වයට පත්වූ ගීතයක ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේ වෙද්දී ගොඩක් ආධුනික අයටත් සිංදු ගොඩක් කරලා තියෙනවා. තව දින කීපයකින් මම පද රචනය වුණු නව ගායකයෙකුගේ මියුසික් වීඩියෝවක් එන්න තියෙනවා.

 

 ඩිලාන් ක්‍රිෂාන්ත

 



අදහස් (0)

පද රචනයට ලොබ බඳින 'ඩිලන්ක'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site