IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


පාද යාත්‍රාවටත් ගම්පහින් කොන්දේසි

එ්කාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව ගම්පහ දී  පාරේ වම් පස තීරුවේ පමණක්  ගමන් කළ යුතු බවත් මහජන පීඩා ඇති නොවන පරිදි සංවිධායකයන්  ක්‍රියා කළ යුතු බවත්  එසේ නොකරන ඒකාබද්ධ විපක්ෂය හෝ සෙසු පාර්ශව අත්අඩංගුවට ගැනීමට  සහකාර පොලිස් අධිකාරිවරයාට බලය ඇති බවත් ගම්පහ මහේස්ත්‍රාත් කාවින්දා නානයක්කාර  මෙනවිය අද (29) ප්‍රකාශ කළාය.

පාද යාත්‍රාව, එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් බඳවා ගැනීම, ශ්‍රිලනිප ප්‍රතිසංවිධානය කිරිම හා  රතුපස්වල ගැටුමට  තෙවසරක් පිරිමේ සැමරුම ලබන ඉරිදා (31) ගම්පහ දී  පවත්වන හෙයින් සාමය කඩ වී යෑමට ඉඩ ඇතැයි පොලිසිය අද උසාවියට  කියා සිටියේය.

මෙම සංවිධාන හතරේ සියළු කටයුතු වළක්වන්නැයි ද පොලිසිය ඉල්ලා සිටියේය. මහේස්ත්‍රාත්වරිය පැවසුවේ  කවර පාර්ශවයක් හෝ නිතිවිරෝධි ක්‍රියා කරන්නේ නම් අත්අඩංගුවට  ගන්නා ලෙසයි.    

කලගෙඩිහේන සිට කිරිල්ලවල දක්වා  පාද යාත්‍රාව කොළඹ නුවර  පාරේ වම් තීරුවේ පමණක් ගමන් කළ යුතු යැයි නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සෙසු පක්ෂ හා සංවිධාන කටයුතු පාද යාත්‍රාවට  පැයකට  පෙර හෝ පසුව කළ යුතු යැයි ද නියෝග කළාය.

 

 



අදහස් (0)

පාද යාත්‍රාවටත් ගම්පහින් කොන්දේසි

රජින්ද Friday, 29 July 2016 07:26 PM

යහපාලනය දොරේ ගලනවා... මිනිස්සු දහ අතේ බදු වලින්ද ඇතුළු තුන් බියෙන් පෙළෙනවා මීට වඩා පීඩාවක් තවත් තියේවිද? (ම)

:       0       0

චානක් ලොස්ඇන්ජලිස් Saturday, 30 July 2016 12:03 AM

මොන යාත්‍රා ගියත් ආණ්ඩුව තව අවුරුදු 5 කට කිසිම බාධාවකින් තොරව යන්නට ජනතාව කතිර බලය දීල තිබෙන්නේ . මේ මෝඩයෝ දැනගන්න ඕනේ මේවා සංවිදානය කලයුතු වන්නේ ආණ්ඩුවක් අවුරුදු ගානක් කරලා අපකීර්තියට පත්වුණාම කියලා .. තවම ආණ්ඩුව ළදරු වයස පසු කරන්නේ. සිරිසේන ජනපති තුමා අපේ රටට හොද නායකයෙක් (අ)

:       0       0

මුනසිංහ Saturday, 30 July 2016 01:37 AM

අර කුරුඳු පොලු මහත්තය හිටියේ මොන පක්ෂේද උපුල් මහත්තයෝ?(රේ).

:       0       0

සංජීව Saturday, 30 July 2016 01:49 AM

යු එන් පි එකටත් සාමාජිකයන් බදවගන්නේ පාද යාත්‍රාව ගමන් කරන මාර්ගයෙමයි.මාර වෙනසක් නේද ?(රේ).

:       0       0

ගාමිණි Saturday, 30 July 2016 03:11 AM

ජය වේවා අපි සුබ පතමි (අ)

:       0       0

දසුන් Saturday, 30 July 2016 03:09 AM

පට්ට හොරුන්ගේ රජය පලවා හරිමු පාද යාත්‍රාවට සුබ පතමි (අ)

:       0       0

සරත් Saturday, 30 July 2016 03:16 AM

බාදක බිඳ ගෙන පෙරටම එන පාද යාත්‍රාවට උණුසුම් සුබ පැතුම් (අ)

:       0       0

සුසිල් Saturday, 30 July 2016 03:12 AM

රජය මහත් අභියෝගයක් වූ පාද යාත්‍රාවට ජය වේවා (අ)

:       0       0

මණි Saturday, 30 July 2016 03:53 AM

මේ ආණ්ඩුව ගැන 2020 දීතීරණයක් ගනිමු වහල් බවෙන් මිදෙන්න (අ)

:       0       0

ජයන්ත Saturday, 30 July 2016 04:18 AM

මහින්ද මහත්තය ට යුද්දයේ සියලුම ලකුණු දාගන්න ගිහින් තමයි පිරිහුනෙත් (අ)

:       0       0

සුමිත්ත්‍ර බස්නායක Saturday, 30 July 2016 04:30 AM

මේවා යහපාලානේ තීන්දු නෙමෙයි.උසාවි තීන්දු.ඒ නිසා පාද යාත්‍රාවට සාදාරණයක් ඉටු වුනේ.නැත්නම් කොහොම වෙයිද....(රේ).

:       0       0

තිලාන් Saturday, 30 July 2016 04:36 AM

උපුල්මනි ඔබලා තමයි නියම වහල්ලු..තමන්ගේම පක්ෂේ පෙළපාලිවලට කුරුඳු පොලු වලින් ගහද්දි වෙඩි තියද්දි කොහෙද හිටියේ. (අ)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 30 July 2016 04:45 AM

රනිල් මහත්තයල ගිය පාද යාත්රවේදී (ජන බල මෙහෙයුම) ඔලු පැලිල්ලක් නම් වුණේ නැහැ. ‍ෙපැලියගොඩදී දෙන්නෙක්ව වෙඩි තියල මැරුවා මිසක්.

:       0       0

ධම්මිකා Saturday, 30 July 2016 05:03 AM

ගම්පහින් තව මොනාටද කොන්දේසි දැම්මේ.මේවා බලන බහුතරයට මේවා වැඩක් නෑ නේද. (අ)

:       0       0

ජනිත් Friday, 29 July 2016 12:12 PM

කොපමණ බාධක ආවත් පෙරටම. (ර)

:       0       0

රුවන් සම්පත් Friday, 29 July 2016 12:18 PM

හොඳ තීන්දුවක් (අ)

:       0       0

උපුල් Friday, 29 July 2016 02:38 PM

මේකට තමයි යහපාලනය කියන්නේ,කොහොමද පරණ කට්ටිය හිටිය නම් මේ වෙන කොටත් පාද යාත්‍රාවේ කිහිප දෙනෙකුගේ ඔලු පලලා ,සුදු වැන් වලින් උස්සල බලන්න තිබ්බ ඔය දැන් කියන බන දේශනා වල යථාර්තය (අ)

:       0       0

සෂිකා Friday, 29 July 2016 03:20 PM

එතකොට ඔය රනිල් මහත්තයල ඒ කාලේ ඕනේ තරම් යාත්‍රා කෙරුවේ. කාගේද උපුල් ඔලු පැළුවේ (අ)

:       0       0

මහදේව Friday, 29 July 2016 03:25 PM

මමනම් එදත් හිටියේ ලංකාවේ. පෙළපාලි ඕනේතරම් ගියා නිදහසේ. හැබැයි වෙනසක් තිබුන. ඒක තමයි, බොහෝ පෙළපාලිවලත් මිනිස් බෝම්බ පිපිරුණා. ඒවා බොහෝ අයට අමතකයි දැන්, අවාසනාවකට. (අ)

:       0       0

රමණී ගුණතිලක Friday, 29 July 2016 04:02 PM

අපි නම් දැක්කේ නැහැ සුදු වූන් එනවා කුරුඳුපොලු නම් ආවා (අ)

:       0       0

අන්ස්ලාම් Friday, 29 July 2016 04:33 PM

ඉස්සර කවුරුත් තහනම් නියෝග ගත්තේ නැහැනේ. දැන් හැම පොලිසියක් උසාවියක් ගානේම යන්නේ යහපාලනේ දෙන්නද? (නි)

:       0       0

සත්‍යපාල Friday, 29 July 2016 04:38 PM

අනේ ශෂික, ඔයා මොන ලෝකෙකද හිටියේ? පහුගිය කාලේ පුදුමාකාර ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුණු රටක් තමයි මේ. (නි)

:       0       0

ප්‍රියාන් Friday, 29 July 2016 04:45 PM

පාද යාත්‍රාව සාමකාමිව යනවනේ. පොලිසියටනේ පුදුම අමාරුවක් තියෙන්නේ. එයාලටත් කරන්න දෙයක් නැහැ නේද? (නි)

:       0       0

කුසුම් දල්පදාදු Friday, 29 July 2016 04:49 PM

විරුද්ධ පක්ෂය කියනවා වගේ ආණ්ඩුව හොඳටම බයවෙලා වගේ. ආණ්ඩුව කරන දේවල් වලින් ඒක තහවුරු වෙනවා. (නි)

:       0       0

සමන් Friday, 29 July 2016 04:55 PM

උපුල්, මහින්ද මහත්තයාගේ කාලේ නම් කුරුඳු පොලුවලින් මාතරදී පාද යාත්‍රාවකට සැළකුවා මතකද? (නි)

:       0       0

ඇන්ජලෝ Saturday, 30 July 2016 08:07 AM

අප පැතූ වෙනස දැන් ලැබී ඇත (නි)

:       0       0

අසාද් Saturday, 30 July 2016 08:02 AM

සුමිත්‍ර,සශික යන අයට අමතකයි පහුගිය ආණ්ඩුවේ ක්‍රියාකාරකම්. නාමල් බෙබිව අත්අඩංගුවට ගත්තොත් අධිකරණය ස්වාධින නැහැ. මේ වගේ තීන්දු දුන්නහම අධිකරණය ස්වාධීනයි. රජය ජනතාවට ගුණදායි නැති ක්‍රියාකාරකම් බොහොමයකට විරුද්ධව තීන්දු දෙනවා. එ්ක තමයි අපි බලාපොරොත්තු වෙච්ච වෙනස. (නි)

:       0       0

මොහාන් Friday, 29 July 2016 05:05 PM

ශෂික, ඔයා ඒ දවස්වල ලංකාවේ පත්තර ටිකක් හොයාගෙන කියවන්න. ඔලු පලපුව, මරපුව ඔක්කොම දැන ගන්න පුළුවන්. (අ)

:       0       0

අනුර Friday, 29 July 2016 05:24 PM

අපේ රටේ අවාසනාවටද කොහෙද බොහෝ අයට යටගියාව අමතක වෙනවා. පෙළපාලි තියා අඩුතරමේ සිද්ධස්ථානයක ආගමික, ස්ථානයකවත් මරබිය නැතුව මිනිස්සුන්ට රැස්වෙන්න බැරිකාලයක් තිබුණ. (අ)

:       0       0

ප්‍රියන්ති වලිමුනිගේ Friday, 29 July 2016 05:34 PM

මේ වෙලාවේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් බඳවා ගැනීම, ශ්‍රිලනිප ප්‍රතිසංවිධානය කිරිම පාද යාත්‍රාව කඩාකප්පල් කිරීමට ගත් උත්සාහයක් ! නීතිය අතට ගන්න ගිහින් නිකන් සවුතුවෙනවා. (අ)

:       0       0

ප්‍රියන්ත විමලතුංග Friday, 29 July 2016 06:02 PM

අපක්ෂපාති තීන්දුවට අපේ උත්තමාචාරය. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 30 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 397 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 846 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site