එ්කාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව ගම්පහ දී පාරේ වම් පස තීරුවේ පමණක් ගමන් කළ යුතු බවත් මහජන පීඩා ඇති නොවන පරිදි සංවිධායකයන් ක්‍රියා කළ යුතු බවත් එසේ නොකරන ඒකාබද්ධ විපක්ෂය හෝ සෙසු පාර්ශව අත්අඩංගුවට ගැනීමට සහකාර පොලිස් අධිකාරිවරයාට බලය ඇති බවත් ගම්පහ මහේස්ත්‍රාත් කාවින්දා නානයක්කාර මෙනවිය අද (29) ප්‍රකාශ කළාය.
පාද යාත්‍රාව, එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් බඳවා ගැනීම, ශ්‍රිලනිප ප්‍රතිසංවිධානය කිරිම හා රතුපස්වල ගැටුමට තෙවසරක් පිරිමේ සැමරුම ලබන ඉරිදා (31) ගම්පහ දී පවත්වන හෙයින් සාමය කඩ වී යෑමට ඉඩ ඇතැයි පොලිසිය අද උසාවියට කියා සිටියේය.
මෙම සංවිධාන හතරේ සියළු කටයුතු වළක්වන්නැයි ද පොලිසිය ඉල්ලා සිටියේය. මහේස්ත්‍රාත්වරිය පැවසුවේ කවර පාර්ශවයක් හෝ නිතිවිරෝධි ක්‍රියා කරන්නේ නම් අත්අඩංගුවට ගන්නා ලෙසයි.
කලගෙඩිහේන සිට කිරිල්ලවල දක්වා පාද යාත්‍රාව කොළඹ නුවර පාරේ වම් තීරුවේ පමණක් ගමන් කළ යුතු යැයි නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සෙසු පක්ෂ හා සංවිධාන කටයුතු පාද යාත්‍රාවට පැයකට පෙර හෝ පසුව කළ යුතු යැයි ද නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනය දොරේ ගලනවා... මිනිස්සු දහ අතේ බදු වලින්ද ඇතුළු තුන් බියෙන් පෙළෙනවා මීට වඩා පීඩාවක් තවත් තියේවිද? (ම)
මොන යාත්‍රා ගියත් ආණ්ඩුව තව අවුරුදු 5 කට කිසිම බාධාවකින් තොරව යන්නට ජනතාව කතිර බලය දීල තිබෙන්නේ . මේ මෝඩයෝ දැනගන්න ඕනේ මේවා සංවිදානය කලයුතු වන්නේ ආණ්ඩුවක් අවුරුදු ගානක් කරලා අපකීර්තියට පත්වුණාම කියලා .. තවම ආණ්ඩුව ළදරු වයස පසු කරන්නේ. සිරිසේන ජනපති තුමා අපේ රටට හොද නායකයෙක් (අ)
අර කුරුඳු පොලු මහත්තය හිටියේ මොන පක්ෂේද උපුල් මහත්තයෝ?(රේ).
යු එන් පි එකටත් සාමාජිකයන් බදවගන්නේ පාද යාත්‍රාව ගමන් කරන මාර්ගයෙමයි.මාර වෙනසක් නේද ?(රේ).
ජය වේවා අපි සුබ පතමි (අ)
පට්ට හොරුන්ගේ රජය පලවා හරිමු පාද යාත්‍රාවට සුබ පතමි (අ)
බාදක බිඳ ගෙන පෙරටම එන පාද යාත්‍රාවට උණුසුම් සුබ පැතුම් (අ)
රජය මහත් අභියෝගයක් වූ පාද යාත්‍රාවට ජය වේවා (අ)
මේ ආණ්ඩුව ගැන 2020 දීතීරණයක් ගනිමු වහල් බවෙන් මිදෙන්න (අ)
මහින්ද මහත්තය ට යුද්දයේ සියලුම ලකුණු දාගන්න ගිහින් තමයි පිරිහුනෙත් (අ)
මේවා යහපාලානේ තීන්දු නෙමෙයි.උසාවි තීන්දු.ඒ නිසා පාද යාත්‍රාවට සාදාරණයක් ඉටු වුනේ.නැත්නම් කොහොම වෙයිද....(රේ).
උපුල්මනි ඔබලා තමයි නියම වහල්ලු..තමන්ගේම පක්ෂේ පෙළපාලිවලට කුරුඳු පොලු වලින් ගහද්දි වෙඩි තියද්දි කොහෙද හිටියේ. (අ)
රනිල් මහත්තයල ගිය පාද යාත්රවේදී (ජන බල මෙහෙයුම) ඔලු පැලිල්ලක් නම් වුණේ නැහැ. ෙපැලියගොඩදී දෙන්නෙක්ව වෙඩි තියල මැරුවා මිසක්.
ගම්පහින් තව මොනාටද කොන්දේසි දැම්මේ.මේවා බලන බහුතරයට මේවා වැඩක් නෑ නේද. (අ)
කොපමණ බාධක ආවත් පෙරටම. (ර)
හොඳ තීන්දුවක් (අ)
මේකට තමයි යහපාලනය කියන්නේ,කොහොමද පරණ කට්ටිය හිටිය නම් මේ වෙන කොටත් පාද යාත්‍රාවේ කිහිප දෙනෙකුගේ ඔලු පලලා ,සුදු වැන් වලින් උස්සල බලන්න තිබ්බ ඔය දැන් කියන බන දේශනා වල යථාර්තය (අ)
එතකොට ඔය රනිල් මහත්තයල ඒ කාලේ ඕනේ තරම් යාත්‍රා කෙරුවේ. කාගේද උපුල් ඔලු පැළුවේ (අ)
මමනම් එදත් හිටියේ ලංකාවේ. පෙළපාලි ඕනේතරම් ගියා නිදහසේ. හැබැයි වෙනසක් තිබුන. ඒක තමයි, බොහෝ පෙළපාලිවලත් මිනිස් බෝම්බ පිපිරුණා. ඒවා බොහෝ අයට අමතකයි දැන්, අවාසනාවකට. (අ)
අපි නම් දැක්කේ නැහැ සුදු වූන් එනවා කුරුඳුපොලු නම් ආවා (අ)
ඉස්සර කවුරුත් තහනම් නියෝග ගත්තේ නැහැනේ. දැන් හැම පොලිසියක් උසාවියක් ගානේම යන්නේ යහපාලනේ දෙන්නද? (නි)
අනේ ශෂික, ඔයා මොන ලෝකෙකද හිටියේ? පහුගිය කාලේ පුදුමාකාර ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුණු රටක් තමයි මේ. (නි)
පාද යාත්‍රාව සාමකාමිව යනවනේ. පොලිසියටනේ පුදුම අමාරුවක් තියෙන්නේ. එයාලටත් කරන්න දෙයක් නැහැ නේද? (නි)
විරුද්ධ පක්ෂය කියනවා වගේ ආණ්ඩුව හොඳටම බයවෙලා වගේ. ආණ්ඩුව කරන දේවල් වලින් ඒක තහවුරු වෙනවා. (නි)
උපුල්, මහින්ද මහත්තයාගේ කාලේ නම් කුරුඳු පොලුවලින් මාතරදී පාද යාත්‍රාවකට සැළකුවා මතකද? (නි)
අප පැතූ වෙනස දැන් ලැබී ඇත (නි)
සුමිත්‍ර,සශික යන අයට අමතකයි පහුගිය ආණ්ඩුවේ ක්‍රියාකාරකම්. නාමල් බෙබිව අත්අඩංගුවට ගත්තොත් අධිකරණය ස්වාධින නැහැ. මේ වගේ තීන්දු දුන්නහම අධිකරණය ස්වාධීනයි. රජය ජනතාවට ගුණදායි නැති ක්‍රියාකාරකම් බොහොමයකට විරුද්ධව තීන්දු දෙනවා. එ්ක තමයි අපි බලාපොරොත්තු වෙච්ච වෙනස. (නි)
ශෂික, ඔයා ඒ දවස්වල ලංකාවේ පත්තර ටිකක් හොයාගෙන කියවන්න. ඔලු පලපුව, මරපුව ඔක්කොම දැන ගන්න පුළුවන්. (අ)
අපේ රටේ අවාසනාවටද කොහෙද බොහෝ අයට යටගියාව අමතක වෙනවා. පෙළපාලි තියා අඩුතරමේ සිද්ධස්ථානයක ආගමික, ස්ථානයකවත් මරබිය නැතුව මිනිස්සුන්ට රැස්වෙන්න බැරිකාලයක් තිබුණ. (අ)
මේ වෙලාවේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් බඳවා ගැනීම, ශ්‍රිලනිප ප්‍රතිසංවිධානය කිරිම පාද යාත්‍රාව කඩාකප්පල් කිරීමට ගත් උත්සාහයක් ! නීතිය අතට ගන්න ගිහින් නිකන් සවුතුවෙනවා. (අ)
අපක්ෂපාති තීන්දුවට අපේ උත්තමාචාරය. (බ)