‘රටට මේ වේලාවේ පාද යාත්‍රාවක් අවශ්‍යද නැද්ද කියලා ජනතාවට තීන්දු ගන්න පුළුවන්. හැබැයි මේ හදන පාද යාත්‍රාව හදලා තියෙන්නේ මේ රට බලයට ගන්න රට පෙරළන්න නෙමේ. මොකද ව්‍යවස්ථාවෙන් දන්නවා අවුරුදු හතරහමාරක් යනකම් මේ ආණ්ඩුව පෙරළන්න බෑ කියලා. හැබැයි අපිට පැහැදිලිව කියන්න පුලුවන් මේ පාද යාත්‍රාව හදලා තියෙන්නේ එදා බණ්ඩාරනායක මහතා හදපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩන්න‘ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා අද (27) සිරිකොත පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘ඒ නිසා අපි විශේෂයෙන් කියනවා නුවර ඉඳලා එන මේ පාද යාත්‍රාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මැතිතුමාට ගෞරවයක් විදියට පක්ෂය පවත්වාගෙන ගිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට ගෞරවයක් විදියට ඒ වගේම තවමත් ජීවමානව ඉන්න චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට ගෞරවයක් විදියට අඩුම ගානේ හොරගොල්ල වලව්ව ඉස්සරහෙන් පෙළපාලි යන්න එපා. මොකද ඒක පක්ෂය හදපු නිර්මාතෘවරුන්ට අගෞරවයක්‘ යැයිද ඔහු කීය.

COMMENTS
ඉතින් මෙයාලට ඒ ගැන තියෙන ප්‍රශ්නය මොකක්ද? (නි)
කියන්න දෙයක් නැතිනම් කට පියාගෙන හිටියාම කාගේවත් අවඥාවට ලක් නොවී සිටිය හැකිය (ම)
පුදුම කැක්කුමක් නේද තියෙන්නේ පක්ෂය වෙනුවෙන්? (නි)
එජාපෙට හරිම දුකක් තියෙන්නේ ශ්‍රී ලංකා එක ගැන. (ම)
රටේ සාමාන්‍ය මහජනතාව හොරගොල්ල වලව්ව නියෝජනය කරන්නේ නැහැ. එහි ජීවත්වුණෙත් රටේ හිටි නායකයන් තමයි. එ්ත් රටක ප්‍රධානියා ඒ රටේ පුරවැසියා. ඒ නිසා හොරගොල්ල වලව්ව ළඟින් ගියා කියලා කාටවත් අගෞරවයක් වෙන්නේ කොහොමද. (නි)
එකේ කැඩෙන්න දෙයක් තව ඉතුරු වෙලා නැහැ. ඒවා කැඩෙන තරමට ඔහෙලට හොදයිනේ. බොරු බයිලා ඕනේ නැහැ. (බ)
ඒ. ජා. පෙට. මොකෝ මේ ලොකු දුකක් කවදාකවත් නැතුව, දෙකට කඩෙනවා නම් ඔබලාට නේද හොද. බයද, නැත්නම් හැටිද?(අ)
එජාපෙට මොකෝ මේ ලොකු දුකක් කවදාකවත් නැතුව, දෙකට කැඩෙනවානම් ඔබලාට නේද හොද. බයද, නැත්නම් හැටිද? (බ)
බොලේ මන්ත්‍රී නලීන් බණ්ඩාරට නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන අමාරුව හැදිලා තිබෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩුවම ඒගොල්ලෝ හතරට කැඩෙන බව මතක් වෙලා වෙන්න ඇති. (බ)
පුදුම දුකක් නේ ශ්‍රී ලංකා එක ගැන මේ එජාපෙට තියෙන්නේ තමන්ගේ වැඩක් බලාගන්න මහත්තයෝ අනුන්ගේ හාල් ගරන්නේ නැතුව..(බ)
පිස්සුද? හැටිද? නැත්නම් පිස්සුවෙ හැටිද? (නි)