හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රමුඛත්වයෙන් ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජන සටන පාද යාත්‍රාව මේ වන විට පිළීමතලාව නගරය පසු කරමින් ඉදිරියට ඇදෙයි.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයෝ ද රංගන හා ගායන ශිල්පීන් ද තවත් විශාල පිරිසක් ද පාද යාත්‍රාවට එක්ව සිටිති. පේරාදෙණිය, කිරිබත්කුඹුර, ඇඹිල්මීගම ආදී ප්‍රදේශවලදී පාද යාත්‍රාව පිළිගැනීමට ඒ ඒ ප්‍රදේශවල ප්‍රාදේශීය දේශපාලනඥයන් කටයුතු යොදා තිබුණි.
මග දෙපස රතිඤ්ඤා දල්වමින් ඔවුහු පිළිගැනීමේ වැඩසටහන් සංවිධානය කර තිබිණි. පාද යාත්‍රාව හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා ඇතිවී ඇති අතර මාර්ගයේ දිගු රථවාහන පෝලිම් දක්නට ලැබේ.
මහින්දානන්ද අලුත්ගමගේ, දිනේෂ් ගුණවර්ධන , විමල් විරවංශ, නාමල් රාජපක්ෂ, උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරු ද හිටපු ඇමැති රෝහිත බෝගෝල්ලාම ද පයින් ගමන් කළ අය අතර වෙයි.
මහජනයා උද්යෝගයෙන් පාද යාත්‍රාවේ ගමන් කරතියි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සභාපති රාජා කොල්ලුරේ මහතා පවසයි.
ජායාරුප - සෙනරත් බණ්ඩාර
ඡායාරූප හා වීඩියෝ - කෞශල්‍ය සමින්ද
![vlcsnap-2016-07-28-00h12m02s24[1]_76](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/vlcsnap-2016-07-28-00h12m02s241_76.png)
![vlcsnap-2016-07-28-00h24m27s33[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/vlcsnap-2016-07-28-00h24m27s331.png)
![DSCN1134[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/DSCN11341.png)
![vlcsnap-2016-07-28-00h09m21s206[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/vlcsnap-2016-07-28-00h09m21s2061.png)







COMMENTS
පහුගිය ආණ්ඩුව කාලේ මෙහෙම කළා නම් පහුවෙනිදාට සුදු වෑන් ඇවිල්ලා. මේක තමයි නිදහස කියන්නේ. එ්ක තේරුම් ගන්න බැහැනේ මිනිසුන්ට. (නි)
කවුරු බලයට ආවත් කරදරය ජනතාවට, වාසිය ඔවුන්ට. අනේ හැබෑටම මෙහෙමත් නාටක. (නි)
ජය වේවා! අපිත් ඉන්නවා ඔබ එක්කම. (නි)
කාලය ශ්‍රමය නාස්ති නොකර, මහජනතාවගේ දෛනික ජීවිතය කඩාකප්පල් නොකර නරකද කට්ටියම කුඹුරක් කෙටුවානම්. (නි)
පාද යාත්‍රාව හොඳයි නාමල් වගේ අය නැතුව ගියා නම් (නි)
කොහොමහරි කරලා වැඩේ සාර්ථක කරගමු (නි)
ජයවේවා! ඔබ දිනේවා! (නි)
රගන්න ,රගන්න ,ඇති වෙනකන් රගන්න, කොච්චර රැගුවත් වැඩක් නැහැ , හිත සනස ගන්නවා විතරයි , නැතුව මේ ජනතාව නැවත රට බාර දෙන්නේ නැහැ. (ර)
මෙහෙමත් මිනිස්සු. (ර)
දහ අතේ ණය වෙච්ච රටක් බාරදීලා අව්රුද්දක් යන්නට පෙර මෙයාල විශ්වකර්ම බලාපොරොත්තු වෙනවාද ? (ර)
මේ මිලියනයක ජනතාවද? (ර)
බලන්න කරන අපරාධයක්, .මහජනතාව ගැන කරුණාවක් තියෙනවනම් මේ වගේ ප්‍රතිපලයක් නැති දේ කරාවිද. (ර)
සෙනග ඉන්නවා ලක්ෂ 20ක් විතර. (ර)
නාමල් ඉස්සරහට එනකොට විමල්ගේ බැල්ම ටිකක් වෙනස් වෙනවා හැමවෙලේම . මම හොඳට බලල තියෙන්නේ එ්ක . එකට හිටියට බොක්ක වෙනස් කියන්නේ නිකන් නෙමේනේ .(අ)
වැඩ කරන මිනිසුන් අපරාදේ මිනිස් පැය කීයක්ද? රට දිනෙන් දින අගාදයට දේසපාලුවෝ රටට ආදරේ නෑ තමන්ගේ බඩට විතරයි? මිනිස්සු හැමදාමත් මෝඩ උන එක විතරයි... උනේ. (ර)
ආණ්ඩුවෙන් ජනතාවට සහන නොලැබෙන විට ආණ්ඩුවට බලකිරීමට ජනතාව පාරට බැසීම වරදක් නොවෙයි. ගිය ආණ්ඩුවෙන් නොලැබුන ඒ වරප්‍රසාදය මේ ආණ්ඩුවෙන් ලැබී තිබීම සතුටට කාරණාවක්. හැබැයි එදා වේලහොයාගෙන කන ජනතාවට හිරිහැරයක් නොවන ලෙස ආණ්ඩුවට විරෝධතා දැක්වුවනම් තමයි හොද. (ර)
ජය වේවා.! (ර)
මොවුන් එදත් ජනතාව අසරණ කළා අදත් මේ මහා මග යන ජනතාව අසරණ කරනවා. (ර)
ඔරු ටික මුහුදේ පාවෙයි. (ර)
මේ කෙරන වැඩෙන් මහ මග ජනතාව අමාරුවේ... (ර)
අර සෙට් එකම තමා. කුමාර් කියන එක තමයි මටත් කියන්න තියෙන්නේ (අ)
ඔහොම යමු. (ර)
අනේ! මෙහෙම තණ්හාවක්!! අනේ.. මෙහෙම ආසාවක්... (ර)
කම්බ හොරු රැල .රට කන්න ඉල්ලනවා (අ)
නිල් බලකායෙන් නාමල් විතරද ඇවිල්ලා ඉන්නේ. (නි)
පාද යත්‍රාවේ ඉස්සරහින්ම එන කට්ටිය බැලුවහම අනාගතය හිතාගන්න පුලුවන් (නි)
ජය වේවා! ලක්ෂ 57 ඔබ සමඟයි (නි)
මේ මිනිස්සුන්ට පිස්සුද කියලා මට නම් තේරෙන්නෙ නැහැ (නි)
අමාරුවේ වැටුන අය ගොඩගන්න තමයි මේ හදන්නේ (නි)
මීට වැඩිය හොඳ නැද්ද මෙයාලට ගොවි මහත්ත්වරුන්ගේ කුඹුරුවලට ගිහිල්ල ශ්‍රමදානෙන් වල් නෙලුවාම? අඩුගානේ රටට වැඩක් වෙනවා. මේ කරන්නේ ලෝකේ හිනස්සන නාඩගමක්. (අ)
මේ දවස් ටිකේ ෆ්‍රයිඩ් රයිස්, බුරියානි, අරක්කු, බියර් වලට හොඳ ඉල්ලුමක් තියෙන්න ඇති (නි)
ජයග්‍රාහීව ඉදිරියට ඇදෙන ඔබ සැමට සුබ පැතුම්! (නි)
කුමාර් කියන එක තමයි මටත් කියන්න තියෙන්නේ (නි)
සම්පුර්ණ මාර්ගය අවහිර කරමින් මේ කරන දෙය අසාධාරණයි. (නි)
මේ වෙලාවේ සමහර අය විවිධ අවශ්‍යතාවන් සඳහා පාරවල්වල පයින් ඇවිදිනවා. ඔහේ ඇවිදිනවා. ඇවිදින්න තහනමක් නෑනේ. (ර)
මෙයාල කොහොමත් දක්ෂයි මේ වගේ රට්ටු හිනස්සන වැඩ කරන්න. (ර)
ඔය පාද යාත්‍රාව සාධාරණ එකක් නම්, මහා ජනතාවට අත්‍යාවශ්‍ය එකක් නම්, වියදම් කරලා. ටී ශේර්ට් තොප්පි, අරන් දෙන්නේ ඇයි? පීඩිත ජනතාව පාරට බහින්නේ උසුලා ගත නොහැකි පීඩනයක් උනොත්. පාරවල් අවහිර කරනවා. මොකක්ද මේ පිස්සුව. (ර)
මේ ඇවිල්ලා රට වෙනුවෙන්වත් ජනතාව වෙනුවෙන්වත් යන පාද යාත්‍රාවක් නොවේ. (ර)
මහ ජනතාවගේ බඩ ගැන හිතලද මේ අය පාරට බැහැල තියන්නේ ?බලය තිබුන කාලෙ මේ අය කළේ බලය හොද හැටි පෙන්නපු එකයි කව්රු ආවත් එකම දේ තමා වෙන්නේ එකම දේ සුදු වැන් තවම නැති එකයි (අ)