ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව අද පස්වරු 9.30ට උතුවන්කන්දේ ධර්මදූත යෝග්‍රාශ්‍රමය අසලින් ආරම්භ වීමට නියමිතය.
මාවනැල්ල නගර සීමාවේ පාගමන් නවත්වමින් දුන් අධිකරණ නියෝගය නිසා පාදයාත්‍රාව ගනේතැන්නෙන් නැවැත්වීමට පෙරදින සිදු විය.
කෑගල්ල නගරය මහහැරෙන පරිදි උතුවන්කන්දෙන් පාදයාත්‍රාව අරඹන බව පාගමනේ සංවිධායකයෝ කීහ.
අද පෙරවරු නවය වන විට දෙසීයකට ආසන්න පිරිසක් උතුවන්කන්දට පැමිණ සිටියහ. සංවිධායකයන් පැමිණ සිටි පිරිස පෝලිම් කරනු දක්නට ලැබිණි.
පාගමනට පොලිසියෙන් කිසිම බාධාවක් යොදා නැති අතර රථවාහන තදබදයක් ඇති වුවහොත් එය පාලනය කිරීමට නිලධාරීන් යොදවා ඇතැයි පොලිසිය කියයි.
(ඡායාරූප කෞෂල්‍ය සමින්ද බණ්ඩාර)





COMMENTS
අපේ සුබ පැතුම්! (නි)
මහින්ද රාජපක්ෂට තාම ජනතාව කැමතියි එත් මේ මහින්දානන්ද වගේ අයත් එක්ක ගියොත් එතුමාට අබ සරණයි (අ)
පාද යාත්‍රාවේ යන බහුතරය කරලා තියෙන වැඩ බලපුවහම පටන් ගන්න තැන හොඳට ගැලපෙනවා... (ර)
හරි මේකේ අරමුණ මොකද්ද කියල කව්රුහරි මට කියන්න. මේ කරන වැඩෙන් මහජනතාවට ප්‍රයෝජනයක් තියෙනවද? මේකේ ඉන්න සියලු දෙනාම පව් කියලත් හිතෙනවා. (ර)
දේශපාලන දඩයම මොකක්ද හොරුඅල්ලන එකද.? (ර)
ජයවේවා මැතිදුනි.! (ර)
මල්වැහි වහිවා ඔබ යන ගමනට. සියලු දෙවියන්ගේ පිහිටෙන් ඔබේ ගමන සාර්ථක වේවා. දෙවියෝ ආරක්ෂා කරත්වා.! (ර)
ජය වේවා ඔබ සැමට. (ර)
කාවද රවට්ටන්න හදන්නේ.? (ර)
ඔබ සැමට ජය වේවා !!! (ර)
දැන් මෙහෙම ගියා කියල වැඩක් තියනවද නිකන් අහිංසක මිනිස්සු අමාරුවේ... (ර)