එක්තරා අවස්ථාවකදී විශාඛා මහෝපාසිකාවට පසේනදී කොසොල් රජුගේ අනුමැතිය යටතේ කරවාගත යුතු කිසියම් කටයුත්තක් යෙදී තිබුණා. මේ සඳහා රජතුමාව හමුවී කතා බස් කළ නමුත් ඇගේ අදහසට ගැලපෙන ආකාරයේ තීරණයක් නොවෙයි රජතුමා දුන්නේ. ඒ නිසා විශාඛාවට ආපසු හැරී එන් සිදු වුණා. ඇය කෙළින් ම පැමිණියේ භාග්‍යවතුන් වහන්සේ වෙතටයි. සිදුවූ සියල්ල භාග්‍යවතුන් වහන්සේට පැවසුවා. ඒ කාරණය අරභයා තථාගතයන් වහන්සේ මේ උදානය පහළ කළා.
‘සබ්බං පවරසා දුක්ඛං - සබ්බං ඉසසරියා සුඛං
සාධාරණේ විහඤ්ඤන්ති - යොගාහි දුරතික්කචා‘ති‘
(සබ්බං ඉස්සරියං සුඛං) සියලුම අධිපතිකම් සැපයි. කොසොල් රජතුමාට සියල්ලටම අධිපතිව සිටි නිසා කැමැති විදියට පාලනය කරන්න පුළුවන්. එය එක්තරා සැපයක්. නමුත් විශාඛාව සම්බන්ධයෙන් තත්ත්වය එසේ නොවෙයි. (සබ්බං පරවසා දුක්ඛ) අනුන් යටතේ තියෙන හැම දෙයක් ම දුකයි. ඊට හේතුව නම් තමාට අවශ්‍ය ආකාරයට පාලනය කළ නොහැකි වීමයි. (සාධාරණ විහඤඤන්ති) සාධාරණය ඉටුකරගන්න යද්දී වෙහෙසට පත්වෙනවා. (යොගා හි දුරතික්කමා) කෙලෙස් ඉක්මවා යාම දුෂ්කරයි. ඒ නිසා සාමාන්‍යයෙන් ලෝක සත්ත්වයා රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් පීඩා විඳී.
ලාභ-අලාභ, යස (කීර්තිය) - අයස (අපකීර්තිය), ප්‍රශංසා-නින්දා, සැප-දුක වශයෙන් ජීවිතය නම් ලෝකයේ ලෝක ධර්ම 8ක් දකින්න පුළුවන්. (ලෝකධම්මා ලොකා අනුපරිත්තති) මේ ලෝක ධර්ම ජීවිතය නම් ලෝකය අනුව පෙරළෙනවා. (ලෝකෝච ලෝක ධම්මේ අනුපරිවත්තති) ජීවිතය නම් වූ මේ ලෝකයත් ලෝක ධර්ම අනුව පෙරළෙනවා. ඒ නිසා කවදාවත් සාධාරණ ලෝකයක් බලාපොරොත්තු විය නොහැකියි.
රාගය, ද්වේශය, මෝහය කෙලෙස් ඉක්මවා යාම දුෂ්කර නිසා ලෝක ධර්මතාව අවබෝධ නොකළ පුද්ගලයා කෙලෙස්වලට යටවෙනවා. ඔහුගේ සිත ලෝක ධර්මයන්ගෙන් මුළුමනින්ම මැඩගෙන සිටිනවා. (චිත්තං පරියාදාය තිට්ඨති) ලාභය, යස, ප්‍රශංසාව, සැපය හටගත් විට (අනුරුජ්ජති) ඒවාට එකතු වෙනවා, ඇලෙනවා, උද්දාමයට පත්වෙනවා. අලාභ, අයස, නින්දාව, දුක හටගත් විට (පටිවිරුජ්ජති) ඒවාට විරුද්ධ වෙනවා. ප්‍රතික්ෂේප කරනවා, දුකට පත්වෙනවා. ‘අසාධාරණයක් වුණා‘ යැයි සිතනවා. බාහිරට චෝදනා කරනවා. සාධාරණය ඉෂ්ට කරගන්න දඟලනවා. නමුත් ලෝක ධර්මතාව අවබෝධ කළ පුද්ගලයා ලාභය, යස, ප්‍රශංසාව, සැපය හටගත් විට එකතුවෙන්නෙත් නෑ. අලාභ, අයස, නින්දාව, දුක හටගත් විට විරුද්ධ වෙන්නෙත් නෑ. ලෝක ධර්මයන්ගේ අනිත්‍ය වීම දකිනවා. වෙනස්වීම දකිනවා. ‘මෙසේ වේවා! මෙසේ නොවේ වා! කියා තමාට අවශ්‍ය ආකාරයට ලැබිය නොහැකි බව දකිනවා. ලෝක ධර්මයන්ට යට වෙන්නේ නෑ. බාහිරට චෝදනා කරන්නේ නෑ. ඔහුට ලෝකය පිළිබඳව ඍජු දැක්මක් තියෙනවා.
අසාධාරණකම් අතීතයේත් තිබුණා. වර්තමානයේත් තියෙනවා. අනාගතයේත් අනිවාර්යයෙන්ම තියෙනවා. ‘සාධාරණ ලෝකය‘ කියන්නේ සිහිනයක් පමණයි. ප්‍රායෝගික දෙයක් නෙවෙයි. ඒ නිසා අනිත්‍ය වන්නාවූ ලෝකයේ අනිත්‍ය ස්වභාවය තේරුම් ගැනීම හැර වෙනස් වන්නා වූ ලෝකයේ වෙනස්වන ස්වභාවය තේරුම් ගැනීම හැර තම වසඟයේ පැවැත්විය නොහැකි වූ ලෝකයේ ඒ ස්වභාවය තේරුම් ගැනීම හැර අසාධාරණය හමුවේ වෙනත් කිසිදු ප්‍රායෝගික ස්ථිර විසඳුමක් නැත. සියලු කෙලෙස් නැසූ ලෝකයේ සියලු ස්වභාවයන් පවතින ආකාරයෙන්ම අවබෝධ කළ තථාගතයන් වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද ලොව සියලු අසාධාරණකම් සඳහා පවතින එකම සාධාරණ විසඳුම මෙයයි.
තෙරුවන් සරණයි!
ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේ නමක්
2025 දෙසැම්බර් මස 18
544
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1070
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෝදා ධර්ම දේශනාව
ප්‍රියන්ත Thursday, 24 December 2015 03:42 AM
සාධු..! සාධු..!! සාධු..!!! බොහොම පින් වටිනා ධර්ම දානයට . (කෞ)
විජිත් Thursday, 24 December 2015 04:35 PM
අස්ථිර ලෝකයේ ස්ථිරයි කියා තිබෙන්නේ එකම දෙයයි. ඒ අස්ථිර බවයි.. (නි)