IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පාතාලයෙක් එස්ටීඑෆ් දැලේ

(සුමිත් පොතුපිටිය )

තල්දූව ප්‍රදේශයේ දී පුද්ගලයන් සිව්දෙනෙකු ඉලක්ක කරගනිමින් වෙඩිතබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීම සහ දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ යතුරුපැදිය පැදවූ බව කියන මන්නා රමේෂ් නමැත්තාගේ ගෝලයෙකු අත්අඩංගුවට ගත්බව විශේෂ කාර්ය බළකාය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවිස්සාවේල්ල ගලබලන කන්ද ප්‍රදේශයේ පදිංචි 21 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය.

හම්බන්තොට කටුවැව ප්‍රදේශයේ දී සැකකරු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී හෙරෝයින් මත්කුඩු මිලිග්රැම් 6100 ක්, ජංගම දුරකථනයක් සහ රුපියල් 4340 ක මුදලක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරු ඉකුත් සැප්තැම්බර් 20 දා අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ දී ටී 56 ගිනිඅවියකින් වෙඩිතබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීම සහ පුද්ගලයන් දෙදෙනෙකු හට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ ඝාතනයක් පැමිණි යතුරුපැදිය පැදවූ පුද්ගලයා බවට අනාවරණය වී ඇති බවද විශේෂ කාර්ය බළකාය සදහන් කරයි.

 

 

 

 



අදහස් (1)

පාතාලයෙක් එස්ටීඑෆ් දැලේ

Bamunuarachchi Friday, 13 October 2023 03:40 PM

දුටු තැන සර්පයා අතනාරිනු මෝඩයා... ඉවරයක් කරන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site