රත්නපුරයේ මැණික් ව්‍යාපාරික සුමිත් ගුණසේකර ඝාතනය ඇතුළු ඝාතන පහළොවකට සම්බන්ධ බව කියන සුගත් චමින්ද හෙවත් පාලම්කඩ හීනා හෙවත් හීන් මල්ලී කාලයක සිට කිරිල්ලවල සුහද මාවතේ ඔහුගේ නැගණියගේ නිවසේ ජීවත් වු බවට පොලීසිය සැක කරයි.
මැණික් ව්‍යාපාරිකයා ඝාතනය කළ පසුගිය 13 වැනි දා ඔහු එහි පැමිණ ඇති බවටද පොලීසියට තොරතුරු ලැබී ඇත.
මැණික් ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට යොදා ගත් බව කියන පතුරොම් තුවක්කුවද , පතුරොම් විස්සක් ද ,කොල්ල කෑ යතුරු පැදියක් ද ,පසුගිය ජනවාරි 8 වැනිදා තිස්සමහාරාම චීන සමාගමකින් කොල්ල කෑ සේප්පුවක කොටස් ද කඩවත කිරිල්ලවල සුහද මාවතේ නිවසකින් රත්නපුර පොලීසිය අද (12) ගොඩ ගත්තේය.
පාලම්කඩ හීනා විසින් කොල්ලයක් සඳහා කුලියට ගන්නා ලදැයි කියන මෝටර් රියක් ද කොළඹට නුදුරු ස්ථානයකින් අත්අඩංගුවට ගත් බව ද පොලීසිය කියයි.
මැණික් ව්‍යාපාරිකයාගේ ඝාතනයෙන් පසු හීනා විසින්ම මෙම භාණ්ඩ වළ දමන්නට ඇතැයි ද ඔහුගේ නඩු හබ වලට අදාල ලියැවිලි රැසක් ද ගොඩ ගෙන ඇතැයි ද පොලීසිය පවසයි.
කිරිල්ලවල ටික දවසක් ගත කළ හීනා බේරුවලට හා අම්පාරට ද ගොස් හික්කඩුවටද පැමිණි බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.පොලීසිය යන විට ඔහුගේ නැගණිය හෝ වෙනත් කිසිවකු නිවසේ සිටියේ නැත.හීනා පසුගිය 11 වැනිදා පොලිසි වෙඩ් පහරින් මිය යන විටත් ඔහුගේ නැගණිය හා ඇගේ සැමියා නිවස අතහැර ගොස් ඇති බව කඩවත පොලීසියට තොරතුරු ලැබී ඇත.
ඡායාරූප ශාන්ත සෙනෙවිරත්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තරම් ලොකු පාතාලයෙක් පාවිච්ච් කරන්නේ පතොරම් තුවක්කුද? (නදී)
රට ගමන් කරන්නේ ඉදිරියට නම්, ඒ රටේ අපරාධකාරී උප සංස්කෘතියක ට ඉඩක් නැත. ගරාවැටුන පාලන ක්‍රමයක් විසින් වපුරන්නේ යමක්ද, ඒ ක්‍රමයේ අවජාතක දරුවන් නෙලන්නේ ඝාතන නමැති අස්වැන්නයි. (අ)
මෙයට අනුග්‍රහය දැක්වූ උත්තමයන් ගැන සොයා බලන්න. අනිවාර්යයෙන්ම මෙය කාගේ හරි බොඩි ගාඩ් කෙනෙක්. (අ)
පාතාලයට සම්බන්ද පුද්ගලයන් නීතිය හමුවට ගේන්න ඕනේ (අ)
කවුද මේ අත්වැසුම්වත් නොමැතිව මේවා අතපත ගාන කට්ටිය? (අ)