ජාතික ආරක්ෂාවට හානියක් වීමට කිසි විටෙක ඉඩ නොතබන බව ජනපති පැවසුවත් එය පිළිගත නොහැකි බව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ බෙංගමුවේ නාලක හිමියෝ කියති.
‘පාතාලය මර්දනය කරන බව ජනපති පසුගිය දිනකදී අභයාරාමයේදී පැවසු නමුත් පාතාලකාරයන් 2015 ජනවාරි 8 වැනිදා ජනපතිවරණයේදී වැඩ කළේ කොහොමද? මහින්ද රාජපක්ෂ මහතා නැවත දිනුවොත් පාතාලකරුවන්ට ශ්‍රී ලංකාවේ සිටීමට නොහැකි නිසා ගිය ජනපතිවරණයට පෙර ඔවුන් රට පැන්නා‘ යැයිද කී ඒ හිමියෝ මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් පසු පාතාලය ශ්‍රී ලංකාවේ නැවත රජකරන බවද කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන ඇත්ත කාරණය නම් එදා රටටම හිටියේ එක පාලකයයි, එක පාතාලයයි. ප්‍රාදේශීයව ඒ නිසා කවුරුවත් මතුවුණේ නැහැ. අද? ඔය හැම ජාතියක්ම ප්‍රාදේශීය වශයෙන් බහුලව බිහිවෙලා. (නි)
ඇත්ත නේන්නම් අපේ හාමුදුරුවනේ. මේ පාතාලය ඉවරකරන්න සරත් ෆොන්සේකා මහත්තයාව අධිකරණ ඇමති කරන්න කියලා කියන්නකෝ. (නි)
සමහරුන්ට නම් අතීතය සහමුලින්ම අමතකවෙලා වගෙයි (නි)
මේවා ඇහෙනකොට සමහරුන්ට නම් හරි අමාරුයි වගේ (නි)
රොෂාන්, ඔයාට තරහා ගියාද? (නි)
කුඩා දරුවෝ වාචාලකමට කටට එන ඕන දෙයක් කියනවා. වැඩිහිටියෝ උනාම කට රැකගෙන ඉන්න අඩු ගානේ උත්සාහ කරනවා. වයස්ගත වෙනකොට මිනිස්සු ආයෙත් කුඩා දරුවෝ බවට පත් වෙනවා කියනවනේ. එතකොට ආයෙත් වාචාලකමට දොඩවන්න පටන් ගන්නවා.(ම)
මොකද ඒ කාලේ පාතාලේ රජකළේ එයාලගේ අයනේ (නි)
ඇත්තටම වෙන්නේ සාක්කිකාරයින් නැති කිරීමයි කියලයි මට නම් හිතෙන්නේ. මහින්දගේ කාලේ මැරයින් අතට ගිය ආයුධ තාම තිබෙනවා ඔවුන් ළඟ. (නි)
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි (නි)
රොෂාන්, පෙනෙන්නේ නැද්ද දැන් රටට කරගෙන යන විනාශය? පාතාලේ නැවත හිස ඔසවනවා, එකම ඉතිහාසය ආයෙත් කැරකෙනවා. (නි)
ඔබ වහන්සේ එක්ක අපිත් ඉන්නවා (නි)
මේක අහපු ගමන් මට බුද්ධාලම්බන ප්‍රීතියක් පහළවුණා. (නි)
මහින්ද යුගයේ මෙතරම් මිනීමැරුම් සිදුවුණේ නැහැ (නි)
බුදුන්ටත් බුදුදහමටත් නිගාකරන්න නම් එපා (නි)
පාතාලය රජ කරනවා නෙමෙයි, පාතාලය මර්දනය කරනවා. කවුරු වුණත් හොඳ වැඩක් කරන්නේ. (නි)
මේකේ ප්‍රතිචාර දක්වන 90%ක් දෙනා ලංකාවේ අය නෙමෙයිද කොහෙද? (නි)
මහින්ද නැති අඩුව දැන්නම් කාටත් තේරිලයි තියෙන්නේ (නි)
ඔබ වහන්සේ මේවා මෙහෙම කියන්නේ කොහොමද? (නි)
වසර 10ක් රට පාලනය කළ මහින්දගේ වැරදි නිසා තමයි ඔච්චර ඉක්මනට පාතාල ලෝකය වැඩ පටන්ගත්තේ. රටේ නීතිය නැත්තටම නැති කරපු එකේ ප්‍රතිඵල තමයි ඔය. ඔක්කොම අපරාධකාරයෝ වරප්‍රසාද ලත් නීතියට ඉහළින් තියපු නායකයෙක් ගැන තවම කඳුළු හලන අය ඉන්නවා. (නි)
හරියට හරි හාමුදුරුවනේ (නි)
මහින්ද මහත්තයා වගේම අනෙකුත් රාජ්‍ය නායකයුනුත් ඇතැම් අවස්ථාවල යුද්ධ කිරීමට අණ දුන්නා. නමුත් හමුදාවට ශක්තිය තිබුනේ නැහැ යුද්ධය අවසන් කරන්න. ඒකයි ඇත්ත. නමුත් යෝෂිතගේ හමුදාවට එක්වීමත් සමඟ හමුදාව විශාල ලෙස ශක්තිමත් වුණා. හැමෝම හිතාගෙන ඉන්නේ සරත් මහත්තයා හින්ද යුද්ධය දිනුවා කියලනේ. (නි)
එකිනෙකාට විවේචනය කරගෙන මේවාට විසදුම් හොයන්න බෑ. සැවොම එකතුවෙලා කටයුතු කලොත් හරිනේ (ම)
මේ කතාව අපිත් පිළිගන්නවා (නි)
අපේ හාමුදුරුවෝ හරියටම හරි. මොකද, අද පාතාලයන්ට ඇමතිකම අහිමිවෙලා, මන්ත්‍රීකම අහෝසි වෙලා, පක්ෂයෙන් එලවලා, තවත් පාතාලයෝ එකෙක් දෙන්නෙක් ඇතුළේ. කොටින්ම රජයෙන් යැපුන පාතාලයෝ අනාථයි අසරණයි. දැන් උන් බිම් මට්ටමින් නැවත වැඩ පටන් අරගෙන. හැබැයි ටික කාලෙකට පමණයි (නි)
අපිත් එකඟයි (නි)
අපේ හාමුදුරුවනේ ඊලඟ ආත්මයේදීවත් සසරින් එතෙර වන්න උත්සහ කරන්න.(හේ)
හරියටම හරි අපේ හාමුදුරුවනේ. එදා රට දාලා ගිය සමහරක් අද රටට ඇවිල්ලා වගේ පෙනේනේ. දැන් කොළඹ ඇවිදින්න බැහැ කාටහරි වෙඩි තියෙනකොට අපිටත් වදීද කියලා බයයි. දවස් කීයකට කීදෙනෙක් මැරුණද තුවාල වුණාද. යහපාලනයේ වචනයෙන්ම මේවා නවත්වන්න හරිහමන් වැඩ පිළිවෙලක් ඕනෑ. දේශපාලනයට යටවෙලා බැහැ. (නි)
මහින්ද නැති අඩුව කියා නිමකරන්න බැහැ (නි)
බන්දුල පෙරේරා, යෝෂිතයි මහින්දයි යුද්ධ කළේ මොන කැලේද දන්නේ නැහැ. අනේ මගේ කට. (නි)
තවම අපේ මිනිස්සුන්ට හරියටම තේරුනේ නැහැ අපේ හාමුදුරුවනේ. මේ යන විදිහට ගියොත් ඉදිරියේ තියෙන අවධානම විසින් අපි හැමෝවම ගිලගන්නා තෙක් අපේ මිනිස්සු ඇහැරෙන්නේ නැහැ. (හේ)
ඇති හාමුදුරුවනේ හොදටම ඇති ....(හේ)
පාතාල නායකයාට බලය නැති නිසා පාතාලය අයාලේ යනවද කොහේදෝ ? (බ)
අපේ හාමුදුරුවනේ මහින්ද විතරමද පාතාලය මදින්න වැඩ කළේ. අපරාධකාරයෝ හැදෙන්නේ මොකද කියල හොයල බලල දහමට අදාල ගන්න බලන්න. මහින්ද මහින්ද කියල බලාගෙන ඉන්නේ නැතව. බැරි වෙලාවත් මහින්ද මත්තය මළොත් මොකද කරන්නේ. (බ)
මම හොදට බුදු දහම අදහන කෙනෙක්..මේ වගේ අය නිසා දෑන්නම් ආගම එපා වෙලා තියෙන්නෙ..මොනවද මේ කියන්නෙ..මහින්ද ආයිමත් දිනයි කියලා රට පෑන්නලු..එතකන් හිටියෙ කොහොමද.? පොලව යටද? (බ)
අනේ අපේ හමුදුරුවනේ බණක් භාවනාවක් කරගෙන හිටියා නම් නේද හොද?(හේ)
පාතාලයේ නායකයා නැති වීම දුකකි.(බ)
සැකකරු ඇල්ලුවා, ආයුධ තියෙන තැන පෙන්නන්න එක්කගෙන ගියා,එතැනදී සැකකරු බෝම්බයකින් පොලිසියට දමා ගහන්න හැදුවා. පොලිසිය ප්‍රතිප්‍රහාර එල්ල කළා. සැකකරු මියගියා. එහෙම නැත්නම් ආයුධ පෙන්වන්න යන අතරේ ගඟට පැන්නා. මේ ඒ කාලේ ආණ්ඩුවට සම්බන්ධ නොවූ පාතාලයේ අය මර්දනය වුණ හැටි. ඔය දැන් මරාගන්නා පාතාලයේ අය එදා සිල්ගත්තද හාමුදුරුවනේ. (නි)
මෙයාලා මේ වැඩ කරලා දැන් බොරු ප්‍රචාරයක් කරනවාද දන්නේ නැහැ (බ)
පාතාලයට බයේද දන්නේ නැහැනේ මේ විදියට නිහඩව ඉන්නේ. (බ)
හාමුදුරුවොත් දැක්කා මේ වගේ හාමුදුරුවෝ නම් නොදැක්කා (බ)
එදා පාතාලය නැතිකළ හැටියට අදත් නැති කරනවා නම් හරි ලේසියි. එහෙම නම් ගිය ආණ්ඩු කාලේ හොරකම් කළ අයටත් ඒ වගේම දඬුවම් දෙන්න ඕනෑ. මේ ආණ්ඩුව ඉතින් හැමදේටම නීතියට අනුව කටයුතු කරන්න හදනවනේ අපේ හාමුදුරුවනේ. (නි)
අපේ හාමුදුරුවනේ හිටපු සමහර පාතාලයෝ මැරුව එක ඇත්ත එ්ත් ආපහු අවශ්‍ය වුනොත් ගෙන්න ගන්න ඒ දවස් වල මිලානෝ වලට ගෙනල්ල බස්සපු අය ගැන ඔබ වහන්සේ දැනුවත්ද? ඡන්ද කාලේ ඒ අය මෙහෙන් අතුරුදහන් වුනා කියලත් ඔබ වහන්සේ දැනුවත්ද? ඒ අය ඉස්සර ආණ්ඩුවේ ආරක්ෂාව සම්බන්ධ ප්‍රබලයෙක්ගේ නම කියමින් 'අපි එයාගේ ඉන්ට් එකේ මිනිස්සු' කියලා ගාල්ලේ කොල්ලොන්ගෙන් ගුටි කාපු එකත් ඔබවහන්සේ දන්නවද? (බ)
ඒ කාලේ මහින්දගේනේ පාතාලේ. (බ)
මේ ස්වාමීන් වහන්සේ හිටපු ජනාධිපතිතුමාගේ උපදේශක තනතුරක් ලබාගෙන වාහන හා අනෙකුත් දීමනා ලැබූ ස්වාමීන් වහන්සේ කෙනෙක්. එය රහසක් නෙවෙයි. ප්‍රසිද්ධ කාරණයක්නේ. (බ)
"මහින්ද රාජපක්ෂ මහතා නැවත දිනුවොත් පාතාලකරුවන්ට ශ්‍රී ලංකාවේ සිටීමට නොහැකි නිසා ගිය ජනපතිවරණයට පෙර ඔවුන් රට පැන්නා යැයිද කී ඒ හිමියෝ" මේකට අපි නම් කියන්නේ අග මුල පෑගිලා කියලා. ඡන්දෙට කලින් පාතාලකාරයෝ හිටියේ කවුරු එක්කද? මට නම් හිතෙන්නේ පාතාල රජා නැති නිසා පොඩි උන් යකා නටනවා (නි)
එහෙම වුනානම් කොහොමද පාතලය තියෙන්නේ.(හේ)
වාර දෙකයි ඉන්නපුළුවන් ,හැමදාම ඉන්න බෑ, තුන්වෙනි පාර ජනතාව ප්‍රතික්ෂේප කලා ඉතින් මොකද කරන්නේ (හේ)
මහින්දට දැන් 70 විතර වෙනවා , මහින්ද ඇර ලංකාව පාලනය කරන්න වෙන පාලකයෙක් නැද්ද ? (හේ)
අපේ හාමුදුරුවනේ, පැනපු අය කව්ද කියල දන්නවනම් අදාළ අංශ වලට දන්වන එක හොඳ නැද්ද ? (බ)
ඔව් ඔව් රන්ජිත් මහත්තයට තේරෙනවා මහින්ද මහත්තයගෙන් දෙක තුනක් හරියට කෑවානම්...(බ)
සොත්ති උපාලිලගේ යුගය නැවත අැරඹෙමින් පවතිනවා. දේශපාලන කන්නාඩි දාගත්තු අය තමන්ගේ හුදු පැවැත්ම මිස රටේ සුබ සිද්ධියක් හිතන බවක් පෙනෙන්නේ නැහැ. (බ)
මේවා අහනකොට බඩත් එක්ක ගොර ගොර ගානවා (බ)
කවුරු රටේ පාලනයට ආවත් ඒ අයගේ සැබෑ තත්ත්වය එහෙමමයි. මස් කටු සුප්පන්න දීලා නරක් කරන්නෙත් ඔය පාලකයෝම තමයි. (බ)
හාමුදුරුවන් ගේ කට වහන්න හදන අය, ඊට කලින් තමන්ගේ පටු අරමුණු පැත්තකින් තියල රට ගැන හිතුවොත් හොදයි. මොකද මේ රටේ අනිත් මිනිස්සුත් ජීවත් වෙන්න ඕන. (බ)
පතාලයටම තමා පතාලය පාලනය හොඳට කළ හැකි වන්නේ (බ)
අප්පා මහින්ද (බ)
දන්න දෙයක් කියන්න. මහින්දගේ ගෝලයෝ තමයි ඕව කරන්නේ.දායකයන්ට ධර්මය කියා දෙන්න නොදන්න දේශපාලනය කරන්නේ නැතිව (බ)
ඇත්තටම කතාව වැඩියි තමයි සිරිසේන මහත්තයාගේ. දැන් ඕනේ වැඩ. (බ)
අපේ හාමුදුරුවෝ කියන දේ කාටත් වැටහෙන්නේ නෑ.(හේ)
ඔව් හාමුදුරුවනේ දැන් සුදු වෑන් නැහැ,පොලිසිය ආයුධ පෙන්වන්න ගෙනියන්නෙත් නැහැ හරි විදියට කරන්න ඉඩදීලා ඔබ වහන්සේ සාසනේට දෙයක් කරන්න.(හේ)
ඕනෑම කෙනෙක් ඕනවට වඩා විස්වාස කරන්න ගියාම අානන්ද බක්තිකයෙක් වෙනවා. (හේ)
හැම දෙයක්ම මහින්ද නැති නිසාද? (හේ)
මෙයාලට මොන අයිතියක්ද දේශපාලනය ගැන කතාකොරන්න ඕනතරමක්(225ක්ම)පාර්ලිමේන්තුවේ ඉන්නවා,උන් පඩි අරගෙන නිකන් ඉන්නේ නඔැතුව මොකක්හරි කතාකළ යුතුය,ගුණදාස අමරසේකරත් ඔය ළඟම ඉන්නේ. (බ)
එම්බාම් කරලා වගේ (බ)
සඳුන් ඇමරිකා, නිකම් මෙතන රට ගැනයි ජාතිය ගැනයි හාමුදුරුවන්ගේ කට වැහීම ගැන කතා කළාට අැග ඇතුලේ ඉන්නේ සුද්දෙක් නේද? නමට පස්සෙන් ඇමරිකාව කියල දැම්මම හිතන්න ඇති අපි බයේ ගැහෙයි කියල නේද? ඔච්චරටම කැක්කුමක් තියනවා නම්, ඇමරිකන් කාරයින්ට පස්ස අල්ලන්නේ නැතිව එනවකො ලංකාවට. නිකම් පයිතියන් කතා නොකර යනවා හලෝ යන්න ඇමරිකාවටම. මම දන්නා විදිහට නම්, ලංකාවේ නමක් ඉදිරියෙන් පිටරටක නමක් යොදන්නේ පරයෙක් (බ)
මහින්ද ට පාතාලය කොන්ට්‍රෝල් වගෙයි..(බ)
මිනිසුන්ට දහාඅට නීති දාල රට පාලනය කළාම කියන්නේ කෝ රටේ නිදහසක් කියල අහනවා.ඒ වගේම උපරිම නිදහස දුන්නම කියනවා කෝ රටේ නීතියක් ආරක්ෂාවක් කියලා. එහෙමනම් ඉතින් හමුදා පාලනයක් තමයි එකම විසදුම මේ ඔක්කොටොම වැඩිය. (බ)
ඔබවහන්සේටත් අර අමතකවීමේ රෝගය තදින්ම වැළදිලා.(හේ)
මහින්ද නැති පාඩුව මුන්ට තාම තේරුනේ නැ. දවසක මුන්ගේ ළමයින්ට තේරෙයි හාමුදුරුවනේ. (බ)
කොළඹ කොටුවේ අධි ආරක්ෂක කලාපයේදී කෙනෙක් මැරුවේ කොයි කාලයේද? රත්මලාන හමුදා කඳවුරක් අසල මාධ්‍යවේදියෙක් මරණ ලද්දේ කොයි කාලේද? හාමුදුරුවනේ (බ)
පතලේ මර්දනය කරන්නත් නීති මාර්ගයෙන් මිස අවනීතියෙන් බැහැනේ (හේ)
බුදු හාමුදුරුවන්ගේ ධර්මය දෙසීමට පැවිදි වූවන් දේශපාලකයන්ට කඩේ යාම දුකකි. ලාභ අපේක්ෂාවෙන් බුදු දහම පාවා නොදෙනු. (බ)
හැමදුරුවන් කියන්නේ ඇත්ත, (හේ)
ගාල්ල හිර ගෙදරට ගිහින් ජුලං පිටියේ අමරේ මම මහින්ද කියලා කතා කරපු එක ගැන දන්නවාද (බ)
රොෂාන්, ඔබ ජාතකයයි ලිපිනයයි පටලවාගෙන. (බ)
ඔය චීවරය දරාගත්ත හොර තක්කඩියෙක් අපි දන්නවා මහින්දගේ කළේ මෙයාගේ සල්ලි හම්බ කිරිල්ල දැන්වත් බුදු දහම ඉගෙන ගත්තොත් හොඳ නැද්ද රොෂාන් ඔබගේ කියමන මසුරන් දාහක් වටිනවා කොල්ලෝ අපේ රටෙන් පිටරට ගිහින් ඉන්න පාහරයෝ ඔක්කොම තමන්ගේ නමට ඉදිරියෙන් ඉන්න රටේ නම දාන්නේ අපිට ඉන්න රට පෙන්නන්නද දාන්නේ නැහැ නේද ඔය කිසිකෙනෙක් අපේ රටට ආදරය නැහැ උන් ඔක්කොමගේම බොරු මවා පෑමක් තියෙන්නේ (බ)
මිලානෝ පිටිගල කියන කතාව සම්පුර්ණ ඇත්ත. නදුන්, ෆියට් ඇතුළුව චරිතය අප්‍රසිද්ධ නමුත් නේවි එකේ ඉඳලා රට බේරාගත්තා කියන රණවිරු ලේබලය මුහුණු පොතෙන් පමණක් පතුරවමින් හිටි හැටියේ මිලානෝ වල පහළ වුණ භූතයින් අපමණ සිටිනවා. ඔවුන් පාතාලයෝ වුණත් යම් ආරක්ෂාවක් සහිතව වීසා ලබාගෙන මෙහි පැමිණ ඇත. හාමුදුරුවනේ, මුලින්ම හොයලා බලන්න මේ අය එව්වේ කවුද කියලා. (නි)