බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් පිටියේදී අද (27 වැනිදා) පැවැති අන්තර් පාසල් රග්බි තරගාවලියේ තරගයකදී සත්කාරක ශාන්ත පීතර විදුහල පරදවා ලකුණු 35 - 25 ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ති‍්‍රත්ව කී‍්‍රඩකයෝ සමත් වූහ.
මෙම ජයත් සමගම ති‍්‍රත්ව කණ්ඩායම මෙම පාසල් වාරයේදී සිය අපරාජිත වාර්තාව රැකගත් නමුත් ශාන්ත පීතර පිල රඳවාගෙන සිටි අපරාජිත වාර්තාව ගිළිහී ගියේය.
ති‍්‍රත්ව පිල ගෝල දිනුම් 2 කින්, උත්සාහක දිනුම් 3 කින් සහ දඬුවම් පහර 2 කින් ලකුණු ලබාගත් අතර ශාන්ත පීතර විදුහලට ලබාගත හැකිවූයේ ගෝල දිනුමක්, උත්සාහක දිනුම් 3 ක් සහ දඬුවම් පහරක් පමණි.
ඡයාරූප: ශානුක අරවින්ද
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පීතරයන් නැවත පැමිණේවි! (නි)
සුභ පැතුම් ! (ස)