බියගම විලේජ් හෝටලයේ අධිපති බර්නාඩ් ජයරත්න මහතා මරා දැමීයැයි සැකපිට අත්අඩංගුවට ගත් ඔහුගේ පුත් නිෂාන් සුරංග හා ඔහුගේ මිතුරා වන සුගත් වික්‍රමසිංහ පරීක්ෂණ අවසන් වීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පූගොඩ මහේස්ත්‍රාත් තිලකරත්න බණ්ඩාර මහතා රහස් පොලිසියට අද නියෝග කළේය.
2012 පෙබරවාරි 20 වැනිදා දොම්පේ පහළ දොම්පේ ඔහුගේ වත්තේදී කපා කොටා මරා දැමිණි.
ගම්පහ කොට්ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශන අංශය මුලින්ම ද, කොළඹ අපරාධ කොට්ඨාසය ඊළඟට ද පරීක්ෂණ කළේය.
පොලිස්පති නියමයෙන් රහස් පොලිසිය කැඳවූ පසු පුතා ද ඔහුගේ මිතුරාද අත්අඩංගුවට ගනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්ලාම් දහමේ තියන බොහෝ දේ පැහැදිලි කරන්න බැහැ. ඉස්ලාම් කියන්නේ විශ්වාසය මත ගොඩ නැගුණු ආගමක්. නොයෙක් පත පොත කියවල එහි ඇති දේවල් ඉස්ලාම් දහමට රිංගවල සමහරු ඉස්ලාම් ගැන නොයෙක් පැහැදිලි කිරීම් කරනවා. මුස්ලිම් අය චර්ම චේදනය කරන්නේ එහි මුත්‍රා රැදී අපිරිසිඳු වෙන නිසාලු. මිනිසා මවනකොට සර්වබලධාරී දෙවියන් මේ වරද දැක්කේ නැද්ද? (නදී)
නසර්ගේ දැනුම පිළිබඳව ගොඩක් කනගාටුයි. ඔයිට වඩා තවත් ටිකක් දැනගෙන හිටියා නම් කියන්නේ වෙනත් දෙයක්.(ස)
ඕසන් සලාම් ..ඔයාට ෂුවර්ද ..? ඔය ලංකාවේ හැම නොසන්ඩාල වැඩක්ම කලේ...ඔය කොලුවමද ?(නදී)
දෙවියන්ගේ කැමැත්ත යන්න හරියාකාරව මෙහි වටහාගෙන නොමැති බවයි පෙනෙන්නේ.......මහා පාප කර්මවලින් ප්‍රධාන තැනක් ගන්නා මිනීමැරීම සම්බන්ධව දෙවියන්ගේ කැමැත්තක් ඇත්තේම නැත. දෙවියන්ගේ කැමැත්ත අනුව මෙය සිදුවෙනවා නම් දෙවියන් විසින්ම මහා පාප කර්මයක් ලෙස මෙය හඳුන්වන්නේ නැහැ.මෙය තේරුම් ගත යුත්තේ මෙසේය. එනම් මිනිසා යනු දෙවියන්ගේ නියෝජිතයෙකු ලෙස මෙලොවට පැමිණ ඇති සත්වයෙකි. මිනිසා වෙත සිතීමේ සහ ක්‍රියා කිරීමේ නිදහස දෙවියන් විසින් මෙලොවේදී ඔහුට ලබාදී තිබේ. ඒ නිදහස බුක්තිවිඳිමින් පාප කර්මවල යෙදීම දෙවියන්ගේ කැමැත්ත නොව සාතන්ගේ කැමැත්ත අනුව සිදුවෙන ඒවාය. එසමගම මිනිසාට ජීවත්වීමේ ක්‍රමය පමණක් නොව පාප කර්මයන් යනු කුමක්ද ඒවායින් වැලකී සාතන් පිළිනොපැදී සිටීමටද අපට උගන්වා තිබේ. අපි විසින් කරනු ලබන පාප කර්මවලට දෙවියන් පලි නැත. ඒ නිසාමයි මිනීමැරුමට මරණ දඬුවම තමා එකම විසඳුම බව අපහට දෙවියන් දේශනා කර තිබෙන්නේ. එනම් මෙලොවේදී කෙනෙකු තවත් කෙනෙකුට කිසිදු අපරාධයක් කිරීමට දෙවියන් අවසරදී නොමැත. (දී)
ඕසන් සලාම් මහතාගේ කියමන හරියටම හරි. හැමදේම හොඳට පමණක් නම් ලෝකයේ කිසි පැවැත්මක් නැත. ඒ නිසා හොඳ නරක දෙකම ලෝකයේ තිබුනත්, බුද්ධිමත් අය ඒවා වටහා ගෙන වැඩ කරනවා වගේම එයාලත් වැරදි කරනවා. එහෙත් අඩුම තරමින් පස්සේ ඒවා වටහා ගන්නවා. (නි)
"සාතන් මවා ඇත්තේත් ඔබ වැනි අයගේ ක්‍රියා කලාපයන් හැඩගැස්වීම සඳහාත් හරි මඟ කුමක්ද වැරැදි මඟ කුමක්ද යන්න තෝරා බේරා දීමටත්ය. " එම්නිසද පුතා තාත්තාව මැරුවේ? සාතන් පුතාට හරිමග පෙන්වල තිබෙනවා නේද? ඔබල වගේ අය තව ලෝකේ ඉන්නවා නේද? (නදී)
"මේ සරල සත්‍ය වටහාගන්නට අපි හැම කෙනාටම පුළුවන්වේ නම්" අන්න එතන තමයි ප්‍රශ්නය කොහෙවත් කියන නිසා පිළිනොගෙන තමන්ට ඇත්ත මොකක්ද කියා තේරුම් ගන්න පුළුවන් නම් වටිනවා එයට බුද්දිය තියෙන්න ඔනී. නැතිව අපේ පොතේ ඔහොමයි තියෙන්නේ කියා අන්ද විස්වාසය වැඩක් නැත. (නදී)
ඔසන් සලාම් ඔය කතා පැත්තකින් තියල අපට කියන්න දෙවියෝ අංග විකල, දුප්පත් අසරණ මිනිසුන් මැව්වේ මොකද කියල එම මිනිස්සු මොන වැරැද්ද කලාටද කියල. මිනිස්සු කොටසක් හොඳට සැප විඳිනවා තව කොටස මහපාරේ බඩ් ගානවා සමහර යට කැන්සර් හැදෙනවා අයි දෙවියෝ එහෙම කරන්නේ අපට තෝරලා දෙන්න.(නදී)
දරුවෝ ගුණ ධර්ම ඇතුව හැදුවේ නැති වුනොත් ඕක තමා වෙන්නේ හැමෝටම. දහම් පාසල් යවන්න කැමති නැහැ. පන්ති යවලා ලොකු මිනිහෙක් කරන්නයි කැමති. ඔන්න ප්‍රතිපල, ආනන්තරීය පාප කර්මය කරගත්තා නේද, ලංකාව දැන් ලිබියාවට වඩා ටිකයි වෙනස්. (නි)
මෙය දෙවියන්ගේ කැමැත්ත අනුව සිදු උවකි, (අ)
ඕසන් සලාම්,කොයි ආගමේත් උගන්වන්නේ හොද දේවල් බව මා උප්පත්තියෙන්ම දැනගත් දෙයක් සේම ඔබේ ආගමටත්, දීර්ඝව පැහැදිලි කිරීමටත් ස්තුති කරන්නේ මහත් ගරුත්වයෙන්...ඒත් මට ප්‍රශ්නයකි...?ඔයාම කියාපු ඔය සාතන්, සාමාන්‍යයෙන් මොන වගේද ..? (නි)
මොවුන් කර ඇතේ බරපතල වරදකි(අ)
දෙවි හාමුදුරුවනේ ..තම සදාදරණීය පියා නේද..? (අ)
අජාසත්තල තවමත් සිටියි,එනමුත් මේවා නිකම්ම සිදුවෙන දේවල් නොවෙයි. සල්ලිවල රසබැලීම සහ වෙනත් රස සෙවීම උරුමයක් කරගන්න ගිහින්.(අ)
සාතන් හෙවත් ඩෙවිල් යනු මිනිස් වෙසින් ජීවත්වන සත්වයෙකු නොව අපගේ ජීවන ආත්මය සමඟ ගැටෙන එක්තරා අද්භූත බලයකි. එම බලයට කීකරුවන අය සාතන්හට කීකරුවූ අය බව සැලකේ. අපගේ පියවි ඇසට දකින්නට නොහැකිවූවද සැබැවින්ම අපගේ නිර්මාතෘවරයාණන් වන දෙවියන් වහන්සේ වෙත ආධ්‍යාත්මිකව ළඟා වීමට ඇති එකම බාධකය මෙම සාතන් ය. මෙය සාමාන්‍ය කෙනෙකුට පිළිගත හැකි නොවුවත් සැබෑ තත්වය එයයි. අපි සියලු දෙනාම එකම දෙවියන්ගේ නිර්මාණයන්වේ. එනම් අපි එකම කුලයට අයිති එකම ජාතියක්වෙමු. අපි අතර කිසිඳු වෙනසක් ඇත්තේම නැත. නමුත් එය පිළිගැනීමට සහ වටහා ගැනීමට අප විසින් ගන්නා ලද ක්‍රියාමාර්ගයන් හෝ උත්සාහයන් කුමක්ද ? ඇයි එම සත්‍ය වටහාගැනීමට අපට බැරි ? මෙයට බාධා කරගෙන සිටින්නේම ඔය සාතන් සිතුවිලිමයි. සෑම් සහ රූපවතී සොයුරු සොයුරියන් මේ සම්බන්ධව දැක්වූ අදහසටද ගරු කරමි. (ස)
හරියට හරි බමුණු මටත් ඔය පුරස්නෙම ආවා. ඔයා දන්නවද මේ ඊශ්‍රායල් රටේ ඉන්න බහුතරය ගැන. ලෙඩ වල නිර්මාතෘලා මෙහෙ ඉන්නේ. අම්මපා මෙහෙ තියෙන ලෙඩ. (නදී)
පොලෝසිය මේ සිද්ධියේදී බඩ ගෙඩි තර කරගෙනද? (නි)
තාත්තගෙම පුතා... (නි)
දෙවියන්ට දෙන්න පුළුවන් මොළේ විතරයි. (ස)
කෙටි කාලයකදී මුදල් ඔබ සොයා පැමිණ ඔබ අසීමිතව ධනවත් කරයි නම් එහි අදහස ඔබ පසුපස ඉතා ඉක්මන් ගමනින් ළග ළගම මරු එන බවය...සියාම් ගාතනය බියගම ගාතනය දහසක් උදාහරණ අතරින් දෙකක් පමණි... (නි)
ඔසන් සලාමුත් හොද අපරාධකරුවෙක් වගෙයි පෙනෙන්නේ (නි)
නසාර්,තමන්ගේ පියාව මැරීමට දෙවියෝ කැමැත්ත දෙනවද?එසේ නොමැතිනම් පියාව මැරීම දෙවියන් විසින් අනුමත කරනවද ? (නි)
මම ඔය බර්ණාඩ් මහතාව දන්නේ ගොඩක් කල් ඉදලා. ඒ දවස් වල ඔය දරුවන්ට ගොඩක් ආදරෙන් හැදුවේ. දැන් උන් අජසත්තලා වෙලා (නි)
මොනවා කරන්නද අද රටේ හැම තැනම අපරාධ සිදු වෙනවා. මිනීමැරුම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ ආදිය හැම තැනකදීම සිදු වෙනවා. මේ යන විදිහට අපිටත් අපරාධ කරන්න යම් පෙළඹවීමක් ලැබෙනවා මේවා අහද්දී දකිද්දී. (නි)
හරිම පිළිකුල්සහගත අදහාගත නොහැකි තුච්ඡ ක්‍රියාවක්. (නි)
හිටුවා පස් ගැහුවත් හිත් වදින්නේ නැහැ නොව මෙහෙම පව්කාර පුත්තු.තමා ජාතක කරපු පියා මරන්න මිතුරෙකුත් එක්ක...? (නි)
මිනිස්සු කපලා කොටලා මරණ එකට දෙවියන් කැමතිද නසාර්? කරුණාකර ඔය අදහස වචනයකින් දෙකකින් විස්තර කරන්න අපහසු බව තේරුම් ගන්න. (නි)
දෙවියන් මිනිසුන් මරන්නේවත් දඬුවම් කරන්නේවත් නැහැ. මිනිසාගේ විශ්වාසය තුල ඔවුන් නිවැරදි මගේ යවන බව නම් සහතිකය (නි)
තණ්හාව තමයි (නි)
මුදල් වලට වහ වැටුණු මිනිස්සු. තමන්ගෛම පියා ඝාතනය කරන අරුම පුදුම දරුවෝ ? (නි)
සල්ලි මල්ලි දෙයියන්ගේ ද? සල්ලි මල්ලි යක්ෂයාගේ ද? (නි)
"ඉස්ලාම් දහමේ තියන බොහෝ දේ පැහැදිලි කරන්න බැහැ. ඉස්ලාම් කියන්නේ විශ්වාසය මත ගොඩ නැගුණු ආගමක්. නොයෙක් පත පොත කියවලා එහි ඇති දේවල් ඉස්ලාම් දහමට රිංගවලා..." ඔබ හරියට හරි (නි)
රුපවති නංගී, මටත් කියවුණා 'අහෝ දෙවියනි' කියලා. අපට ක්ලාන්තය හැදෙනවා නේද මේවා ඇහෙනකොට? අපට තමයි නංගී "සදාදරණීය පියවරු" ඉන්නේ. මෙවැනි අයට ඉන්නේ 'පියා' විතරයි. අහෝ දෙවියනි!!! (නි)
"නසාර්,තමන්ගේ පියාව මැරීමට දෙවියෝ කැමැත්ත දෙනවද?එසේ නොමැතිනම් පියාව මැරීම දෙවියන් විසින් අනුමත කරනවද ?" ඔය වගේ තර්ක දාල නසාර් ව අමාරුවේ දාන්නා එපා. කුරාන් එකේ කියන විදිහට නම් ඒගොල්ලන්ගේ වැඩ එයාලට හිතන්න ඉඩ දීල නැත. (දී)
හැමදේම සිදුවනුයේ තමාගේ දෛවයට අනුව බව අප අගය කරනවා (දී)
හැමදේම සිදු වනුයේ තමාගේ දෛවයට අනුව බව අප අගය කරනවා. නමුත් මව්පියන්, පුතුන් වශයෙන් අපට දෙවියන් හා සමාන පුතුන් විසින් පියවරුන් පෝෂණය කළ යුතුයි. මෙය අප සමාජයට අලුත් අත්දැකීමක්. මදක් සිතන්න. ඔබ තුළින් ඔබේ පිය සිහි කරන්න. මොහොතකට ජීවමානව දකින්න. ඔබේ ඇස් අග කදුළු මතුවෙයි. ඒ තාත්තලා අපව පෝෂණය කල අයුරු අපට මැවෙන නිසා. මෙය අප හෙළා දකිනවා. ගොඩක් දුකයි.අනිවාර්යයෙන්ම ම තාත්තා සුරලොව යනවා. පුතාට අපායේ තමා.සොරිම තමා. (ස)
"ඕසන් සලාම් මහතාගේ කියමන හරියටම හරි. හැමදේම හොඳට පමණක් නම් ලෝකයේ කිසි පැවැත්මක් නැත." එහෙම නම් මනුස්සයෙක් තම ආගම හොදින් අදහලා ලෝකයටත් තමන්ටත් හොද කෙනෙක් වෙන්න හොඳ නැද්ද? මොකද හැම මිනිහම හොඳ වුනොත් ලෝකයම හොඳ වෙනවා. එතකොට ලෝකයේ පැවැත්ම නැතිවෙනවා? එහෙමද කියන්නේ ඕසන් සලාම්? මම බොහොම පොඩි ප්‍රශ්න ටිකක් විසඳා ගන්නයි හදන්නේ. (නි)
අනේ දෙවියනේ! පුංචි කාලෙ කරේ තියාගෙන ඇවිදිනකොට, මූණ ඉඹ ඉඹ හුරතල් කරනකොට මේ වගේ දෙයක් කරයි කියලා හිතුවද? (නි)
"දෙවියන්ගේ කැමැත්ත නොව සාතන්ගේ කැමැත්ත අනුව සිදුවෙන ඒවාය" ඉතින් දෙවියෝ සාතන් මැව්වේ මොකද? අපි ඕන්නැති ප්‍රශ්න අහනවා නේද? (ස)
ආනන්තරිය පාපකර්මෙට අහුවෙන පාපයක්.(නදී)
"දෙවියන්ට දෙන්න පුළුවන් මොළේ විතරයි." එතකොට අනික් ඒවා දුන්නේ කව්ද? ලෙඩ රෝග, ඔල මොට්ට මිනිසුන්ට සැප සම්පත්. ජීවිත කාලයටම දුක් විඳින අංග විකලව උපදින මිනිස්සු . මේවා දුන්නේ කවුද? (ස)
අද රටේ හැමදේම මුදලට සීමාවෙලා තියෙන්නේ. රටේ සදාචාරය පිරිහිලා. රටේ නීතිය පොදුවේ නිසියාකාරව ක්‍රියාත්මක නොවීම මිනිසුන් බය නැතුව අපරාද වලට පෙලබෙනවා. වර්තමානයේ තාත්තා දුවව අදුනන්නේ නැහැ. අයියා නංගිව සීය මිනිපිරියව අදුනන්නේ නැහැ. අවුරුදු 80-90 වයසක ආච්චි කෙනෙකුටවත් නිදහසේ මැරෙන්න බැරි තත්වයක් රටේ උදාවෙලා තියෙන්නේ. වයෝවෘධ කාන්තාව දූෂණය කරන තැනට රට ඇවිල්ලා කියන කණගාටුදායක තත්වය කාට කියන්නද?රටේ පවත්නා දේශපාලන ව්‍යූහය හා පාලකයන් මේවට වග කියන්න ඕනෑ,බෙරිහන්දෙන ආසියාවේ ආශ්චර්යය මේකද? (නි)
අද හැමදේම මුදලට විකුණන ලංකාවේ අම්මා තාත්තා මහ දෙයක්ද? මං අහන්නේ (නි)
ඔය අජාසත්තට කිසිම බුරුලක් දෙන්න එපා. (ස)
සලාම්, එතකොට සාතන් දෙවියෝ කියන එකවත් අහන නැත්තේ එයා පාර්ලිමේන්තුව පැත්තේ අහවලාගේ නියෝජිතයෙක්ද? (ස)
තම පුතා විසින් තාත්තා මරා දැමීමට දේශපාලනය බල පාන්නේ කෙසේද? (ස)
නසාර්, එහෙනම් දෙවියෝ වීරයාගේ සහ දුෂ්ටයාගේ චරිත දෙකම කරනවා නේද ?? (ස)
ගමේ හිටිය කොයි තරම් දක්ෂ පුද්ගලයෙක්ද ! මේ වගේ ශක්තිමත් තාත්තා කෙනකුටත් මෙහම කලා නම් ! ඇයි තාත්තේ මේ වගේ නරුමයෙක්ව හැදුවේ ...........! (ස)
මේකේ මොනා හරි ලොකු රහසක් තියෙනවා. මොකද යාලුවෙක් එක්ක තාත්තව මරණ එක තිරිසනෙක්. මොහු පොඩි කාලේ තාත්තගේ වැරදි දැකලා ඇති. මේ වගේ උන්ට හෙන හත නෙවෙයි හෙන 700 ක් ගහන්න ඕනේ කරපු අපරදෙට. (ස)
සාතන් මවා ඇත්තේත් ඔබ වැනි අයගේ ක්‍රියා කලාපයන් හැඩගැස්වීම සඳහාත් හරි මඟ කුමක්ද වැරැදි මඟ කුමක්ද යන්න තෝරා බේරා දීමටත්ය. ඔක්කොම හරි නම් වැරැද්ද කුමක්ද යන්න නොදන්නවා සේම සියල්ල වැරැදි නම් හරි මඟ කුමක්ද යන්නත් අපට දැනගන්නට නොහැකිව යාවි. මේ සරල සත්‍ය වටහාගන්නට අපි හැම කෙනාටම පුළුවන්වේ නම් ??.....එමෙන්ම කිසිඳු විභාගයක් නොමැතිව විශ්ව විද්‍යාලයට ඇතුළුවන්න.පුළුවන් නම්??...අපි සැමට ආසයි තමා.....නමුත් විභාගයක් නැතිව ප්‍රතිඵලයක් නැතුවා සේම මිනිසාගේ පැවැත්ම සදහාවූ පරීක්ෂණයක් හෝ ටෙස්ට් එකක් නොමැතිව ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය මැනීමේ මිනුම් දණ්ඩ ක්‍රමයක් අවශ්‍ය නිසාවෙන්මයි මෙම මෙලොව ජීවිතය නැමැති පරීක්ෂණය අප වෙත ලබාදී තිබෙන්නේ. මෙය පිළිගැනීම හෝ නොපිළීගැනීම ඔවුනොවුන්ගේ දැහැමි විශ්වාසයන් පිළිගන්නා අයට භාරයි. (ස)
දරුවන් නොව මුන් පරයන් මැරයන් . මගේ දේ කා මට වින කෙරුවො!(නදී)