පුත්තලම කුඹුක්වැව අත්ථදස්සී විද්‍යාලයයට හා ශ්‍රී වෙහෙරබැඳි වැලිමලුව රජමහා විහාරයට රුපියල් ලක්ෂ විස්සක පමණ ඉදිකිරීම් හා පරිත්‍යාග ඉරිදා (04) ලබා දීමට නියමිතව ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයයේ බෞද්ධ සංගමයේ ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික මහාචාර්ය කමල් වලේබොඩ මහතා කියයි.
ශ්‍රී වෙහෙරබැඳි රජමහා විහාරයයේ චෛත්‍යය ප්‍රතිසංස්කරණය කිරීම, අත්ථදස්සී විද්‍යාලයයේ පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම, පාසලට ජල පහසුකම් සැපයීම, පොත්පත්, ලිපිද්‍රව්‍ය, ක්‍රීඩා, සංගීත භාණ්ඩ ලබාදීම, පරිගණක විද්‍යාගාරයක් ස්ථාපනය කිරීම, ක්‍රීඩාපිටිය පිළිසකර කිරීම, පාසලට අවශ්‍ය වෙනත් උපකරණ ලබා දීම ආදිය කොළඹ විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ බෞද්ධ සංගමය මගින් සිදු කර ඇත.
ඉරිදා (04) පෙරවරු නවයේ සිට කොළඹ වෛද්‍ය පීඨයේ විශේෂඥ වෛද්‍යවර්න්ගේ මෙහෙයවීමෙන් වෛද්‍ය සායනයක් පැවැත්වෙන අතර එදින පස්වරු 3.00ට පාසලට හා විහාරයට අදාළ උපකරණ පරිත්‍යාග කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු වැඩ කටයුතු සාර්ථක වේවා..!!!! යහපත් සද් කාර්යයක්. (ස)
කදිමයි. පත්වීම් ලැබුනමත් ඔය පුරුදු තියාගන්න. ලෙඩුන්ව ප්‍රාණ ඇපයට අරගෙන වර්ජන කරන වෛද්වරුන්ටත් කියලදෙන්න පුලුවන්නම් අපූරුයි. (නදී)