ඬේලි නිව්ස් හා සන්ඬේ අයිලන්ඞ් පුවත්පත්හි කර්තෘවරයකුවූද, සිංහල, ඉංග‍්‍රීසි උගතකු වූ කෘතහස්ත ලේඛක සුගතදාස පතිරවිතාන මහතා (87) අභාව ප‍්‍රාප්ත විය. 1953 දී ඉරිදා ඔබ්සර් පත‍්‍රයෙන් පුවත්පත් ලෝකයට පිවිසි පතිරවිතාන මහතා ”පති” යනුවෙන් සමකාලීනයන් අතර හැඳින්විණි. හෙළ හවුලේ සාමාජිකයකු වූ ඔහු සිංහල භාෂාව හා වියරණය පිළිබඳ හසල දැනුමකින් සන්නද්ධ වී සිටියේය. සන්ඬේ ටයිම් පත‍්‍රයේ ක‍්‍රීඩා කර්තෘ එස්.අර්. පතිරවිතාන මහතා ඇතුළු දරුවන්ගේ පියාවන පතිරවිතාන මහතාගේ අවසන් කටයුතු මාලබේ තලාහේන සුසාන භූමියේදී සෙනසුරාදා පැවැත්වේ. දේහය බ‍්‍රහස්පතින්දා (17) පෙරවරු 10 සිට මාලබේ මහින්ද පනාගොඩ මල්ශාලාවේ තැන්පත් කර ඇත.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd