‘හෙම්මාතගම පොදු වැසිකිළිය උතුරා යන බව පත්තරේ දැම්මොත් හදන්නේ නැහැ. වැසිකිළිය උතුරා යන බව කී අයගේ නම් ටික මට දෙන්න. හවසට හම්බවෙලා දෙකක් කියන්න තියනවා. මම කරන්නේ මට ඕනෑ දේ. එක එක එවුන් කියන විදියට වැඩ කරන්න සූදානම් නෑ.‘ මාවනැල්ල ප්‍රාදේශීය සභාපති පී පී වික්‍රමසිංහ මහතා එසේ පැවසුවේ නගරයේ පොලිසිය සමීපයේ පිහිටි වැසිකිළිය උතුරා යෑමට පිළියම් යොදන්නේදැයි ඇසූ අවස්ථාවේ දී ය.
මෙම වැසිකිළිය දවස් පහකට වරක් උතුරා යන බවත්, වසර හයකට පෙර ඉදිකළ මෙම වැසිකිළියේ වළ අඩි හතරක් පමණ බවත්, එය පාවිච්චි කරන්නන්ගේ සංඛ්‍යාව දහස් ගණනක් බවත් නගර වැසියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ සත්තුන්ට ඡන්දෙ දුන්න අයට හොඳම වැඩේ!!!(අ)
දැන් මේක කියන්න වෙලා තියෙන්නෙත් ජනාදිපති තුමාට විතරයි. එතුමා විතරයි දැන් බලාගෙන ගියාම වැඩක් කරන්නේ. මේ වගේ සභාපතින්ට ඔවයේ තියෙන එවාම ගහල එලවන්න ඕනේ. (අ)
ඌරෝ කැමතිම අහාර තියෙන තැන ,එයාත් ඌරෙක්ද ..........(අ)
ඕකෙන් බාල්දියක් අරන් ගිහින් අරයගෙ ඇගේ හලන්න තියෙන්නේ (අ).
ඔතන තියෙන පොලිසියේ අයටත් නහයක් නැතිද .(අ)
මේ කසිකබල් ප්‍රාදේශීය සභා වෙනුවට පුද්ගලික ආයතනයකින් මේ දේවල් ඉතා කාර්යක්ෂමව සිදුකල හැකි .(අ)
මේ වගේ අයට තවත් නම් ඡන්ද දෙන්න එපා (දිල්)
අන්න නියම දේශපාලනඥයෙක් (දිල්).
හැම කෙනෙක්ම බලයට එනකම් සද්දයක් නැහැ. අවාම තමයි ගැටලූ. ඊට පස්සේ ඉස්සර කාලය අමතක වෙනවා. තමන් කරන්නේ මොකද්ද මහජනතාව කියන්නේ කවුද මේ සේරම අමතකයි. දැන් ලංකාවේ ප‍්‍රාදේශිය සභාපති වරු ගොඩාක් වැඩ වරද්දාගන්නේ ඒ නිසා. මෙහෙම ගියොත් වැඩි ආයුෂ නැහැ.(නදී)
මෙයා මහඡන නියෝඡිතයෙක් බව අමතක වෙලා වගේ(දිල්)
මේක ගෙදර නෙවෙයි. අමතක වුනාද මහජන නියෝජිතයෙක් කියලා.(නදී)
ඔබ තුමාට අවැසි විදිහට වැඩ කරන්න නෙවෙයි ජනතාව ඔබව බලයට පත් කළේ. අනික, බලය පොදු දෙයක් කියා හිතන්න එපා. (දිල්)
මේක තමා අද තියෙන ප්‍රජාතන්ත්‍රවාදය. මෙහෙම තමා අද ජනතාවට සේවය කරන්නේ. පුදුමය කියන්නේ මේවා ප්‍රසිද්ධියේ කීම.(දිල්)
සමන් විජය ඔබ ලියන්න. ඔබ වටා දහස් ගණනින් පාඨකයෝ රැස්වෙලා ඉන්නවා ආරක්ෂාවට.(දිල්)
වැසිකිලි කටත් ප්‍රාදේශීය සභාවේ උතුමාගේ කටත් දෙකම එකයි වගේ පේන්නේ. අලුත්පිට දෙකම පිරිසිදුයි. කල් ගත වෙනකොට බලන්න තියා ලඟින් යන්නත් අප්පිරියයි. අද ලංකාවේ 99% ක්ම දේශපාලක කාගේත් තත්වය ඔය විදියයි.(නදී)
ඔබතුමා එන්නකෝ ඡන්දේ ඉල්ලන්න (දී)
ඒ ප්‍රකාශය නම් වැසිකිලි වළක් වගේ ගඳයි (දී)
හදන්නම එපා සභාපති තුමා ඔතන ඇවිල්ල පදිංචි වෙන්න ඔය මෝඩයින්ට ඔතන තියන සැප තේරෙන්නේ නැහැ.(නදී)
මේවා හොයන්න නායකයෝ නැද්ද? (දී)
ආශ්චර්යය කියන්නේ ඕක තමා ළමයනේ ඡන්දේ දුන්නනම් දැන් ඉතින් විදවපල්ලා...(දී)
කඩවත ප්‍රාදේශීය සබාවේ එක්කෙනා මෙයාට හපන්. (නදී)
ඔබ තුමා වැසිකිලි වළක් ඉතිරුවහම වෙන්නේ මොකද්ද කියලා දන්නවද (දී)
තව ටික දවසකින් ගෙවල් වල පිටිපස්සෙන් හිටන් එයි වැදගෙන මනාපේ ඉල්ලන්න. එතකොට හොදට සලකන්න තියෙන්නේ මේවා මතක් වෙන්න. එත් අපේ කට්ටියට කෑම පැකට් එක ලැබුණම මේ වගේ දේවල් අමතක වෙන එක තමා මේ දේශපාලකයන්ට තියෙන වාසිය (දී)
වල උතුරනවට මෙයා කැමතියි වගේ ?(දී)
මෙම වැසිකිලිය එතුමාගේ ගෙදර තිබුනා නම් කොහොමද ? (නදී)
තනතුරකට පත් වුණහම වේදිකාවේ කියන දේවල් කරන්න බැ කියල ඡන්ද දායකයෝ දැනගන්න ඕන (දිල්)
කෑගල්ල දිස්ත්‍රික්කයේ දැයට කිරුලක් තියනවා නේද? ඇමැතිලා කී දෙනෙක් නම් ඉන්නවාද?මේ ගැන මීට වඩා බැලුවොත් හොදයි නේද ?(දිල්)
මෙයා ලබන සැරෙත් උඩින් දිනුම්. බොරු නම් බලන්න.(නදී)
සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති ඉන්නෙත් ඔය පැත්තේ නේද?(දිල්)
වඳුරට කන්නාඩිය හම්බ වුනාම මොකද වෙන්නේ කියලා අපි ඔක්කොම දන්නවනේ.(නදී)
හදන්නම එපා සභාපතිතුමෝ, මෙතන අනිත් අයටකේ ගඳ. ජරා ගොඩේ ඉන්න අපිට ඕකත් ගඳක්ද? (නදී)
වල ඉතුරුවාට වඩා ගඳයි දැන්.(නදී)
ඒකනේ නියෝජ්‍ය ඇමතිතුමා ඉන්නේ මෙහෙ තමා. නමුත් එයාට සනීප නැහැ මේ දිනවල.(නදී)
මේ වැඩ වැසිකිලියට වඩා ගදයි ! (දිල්)
ඔබ තුමා පුළුවන්නම් ඔය ප්‍රකාශයම කරලා ඉල්ලන්නකෝ ඡන්දේ මෙයාල මෙතනට ගෙනා අයට ගහන්න ඕන දුවන්න. (දිල්)
අර කිව්වා වගේ මේයා ලබන වතාවෙත් දිනයි. මේ වගේ අයගේ පස්සෙන් යන්න අය කොච්චර ඉන්නවද? (නදී)
කුමාරිහාමි, දැයට කිරුළ කියන්නේ මේ වගේ අයට කිරුළු පළඳා ජනතාවට අන් තට්ට්ටුවක් පැළඳවීමයි. මොකද මේ කිරුළ මේවගේ අයට පැළඳ වුයේත් ජනතාවම නිසයි.(නදී)
අනේ අර පත්තර මහත්තයව පරිස්සම් කරගන්න. අරයා මිනිස්සු දම්මලා මොනවා හරි කරයිද දන්නේ නැහැ.(නදී)
මෙයා නම් ලබන ආත්මෙ ඌරෙක් වෙලා උපදියි.(නදී)
මම දේශපාලකයන්ට එච්චර කැමැත්තක් නැහැ. නමුත් සභාපති තුමා අවංකව කෙලින් වැඩ කරන කෙනෙක්. පුද්ගලිකව මම ඒ බව දන්නවා. අවරුදු 20 ක වැඩ මාස දෙකෙන් කොහොම කරන්නද? එයා සභාපති වෙලා තාම මාස 3යි.(නදී)
කියන්න බැහැ දැන් ප්‍රාදේශීය සභාවල ඉන්න අය මේවට මහජනතාවට හොරෙන් මුකුත් කරනවාද දන්නෑ (දිල්)
මෙතුමාගේ කතාව හරියට එයාගේ සල්ලි වලින් එයාම හදනවා වගේනේ.සල්ලි එයාගේ නෙවෙයි මහජනතාවගේ සල්ලි(දිල්)
ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ට යොදා ගන්නා පෝස්ටරයකට කියාපු පින්තුර ටිකක්. සංවර්ධනය උතුරා පිටාර ගලන හැටි "එව බලව!" කියල විදේශ සංචාරකයින්ට පෙන්වන්න. එනකොට නහය වහ ගන්න ලේන්සුත් අරන් එන්න කියන්න.(දිල්)
ඔළුව ඉදිමිලා වගෙයි නුගතාගේ හැටිනේ (අ)
කෙසේ වෙතත් සභාපති තුමාට මේකට හොඳ පිළිතුරක් දෙන්න තිබුණා. එයාගේ සාක්කුවෙන් දලා මහජන ප‍්‍රශ්න විසදනවා වාගේ තමයි මේ දීපු උත්තරය. ඉතින් ඒක හරි වැරදියි. මාධ්‍යයට මෙයා මෙහෙම කිවා නම් ජනතාවට කොහොම වෙයිද ? (නදී)
මෙ වාගේ පොදු ප‍්‍රශ්නයකට පිළිතුරු දුන්න මෙයා දැන් ලොක්කා වාගේ කථා කරාට අය වැය පැරදෙයි කියලා බයෙන් හිටියේ. ඉතින් කියන්න තියෙන්නේ මහත්තයෝ ඔයාගේ බල පුළුවන්කාර කම් තියාගෙන මාවනැල්ලේ ඉන්න නම් ටිකක් අමාරු වෙයි. මාධ්‍යයට රටේ ජනාධිපතිවත් මෙ වාගේ උත්තර දෙන්නේ නැහැ(අ)
වැසිකිලි විවුර්ත කරන්න විතරයි දේශපාලකයෝ දන්නේ (දී)
ඇයි ඔය පැත්තේ වාර්තාවක් රූප පෙට්ටියට දාන්න විද්‍යුත්මාධ්‍ය ඇත්තෝ නැතිද (දී)
ලංකාදීපයට ස්තුති මේ පුවත පත්තරේ දැම්මාටලෝකෙටම බලා ගන්න කට්ටියගේ කෙරුවාව (දී)
අන්න නියම වැසිකිලි වැඩක් රජයට ඉමහත් ගෞරවයක් ගෙනෙනවා...වාසනාවන්... (දී)
මෙයා සුවර් එකටම ආශ්චර්යය කරා යන්න කැමති නැති කෙනෙක් (දී)
මෙයාට කඩේ යන අයත් ඉන්නවනේ. (නදී)
සභාපති මහත්තයෝ දැන් පත්තරේ දැම්මනේ . පුළුවන් නම් දැන් හදන්නේ නැතුව ඉන්නකෝ බලන්න. (නදී)
වැඩි මහන්සියක් නැතිව ලැබුණු රස්සාවක් ඔය ඒක වෙනනැති (දිල්)
සභාපති වෙලා මාස 3 වුනාට,කටේ සද්දේ නම් අවුරුදු 20 කටත් වැඩිය වැඩියි වගේ. (දී)
මෙහෙම වැඩක්වත් කරගන්න බැරිනම් මේ වගේ අයව නැවත පත් නොකර ඉන්න ඕනා ,ඡන්දේ ළං උනාම බලමු (දිල්)
" ඕක හදලා වැඩක් නැහැ.ලැබෙන සම්තින් එක බොහොම මදි " (දී)
වර්ෂ 2014 හොඳම දේශපාලනඥයෙක්ගෙන් අහන්න ලැබුණ වදන් පෙළක්.. (දිල්)
දේශපාලකයෝ දැන් චන්ඩි වෙලා (දී)
අපේ ප්‍රාදේශිය සභාවල ඉන්නෙම ..මේ වගේ කට්ටිය තමයි (දී)