IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


'පත්තිනි' රිදී තිරයට

2016-04-29-ent-01මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ 20 වැනි සිනමා නිර්මාණය "පත්තිනි" මැයි මස 5දා සිට ඊඒපී මණ්ඩලයේ සිනමා ශාලා 60ක ප්‍රදර්ශනය වීමට නියමිතය.

සුමති චිත්‍රපට වෙනුවෙන් ආචාර්ය මිලිනා සුමතිපාල නිෂ්පාදනය කරන "පත්තිනි" චිත්‍රපටයේ සම නිෂ්පාදකවරු ජගත් සුමතිපාල හා තිලංග සුමතිපාලය. පූජා උමාශංකර් ප්‍රධාන චරිතය රඟපාන "පත්තිනි" චිත්‍රපටයේ කෝවලන්ගේ චරිතය උද්දික ප්‍රේමරත්නත්, මාධවීගේ චරිතය අරුණි රාජපක්ෂත් නිරූපණය කරති.

නීටා ප්‍රනාන්දු, විජේරත්න වරකාගොඩ, චිත්‍රා වරකාගොඩ, රමණි සිරිවර්ධන, විනු සිරිවර්ධන, අවන්ති අපොන්සු, අමා විජේසේකර, වසන්න විට්ටච්චි, ගාමිණි ජයලත් ඇතුළු විශාල නළු නිළි පිරිසක්ද රංගනයෙන් දායක වන අතර රවින්ද්‍ර රන්දෙනිය, සනත් ගුණතිලක හා ලකී ඩයස් ආරාධිත ශිල්පීන් ලෙස රංගනයෙන් දායක වෙති. පත්තිනි කතා පුවත ක්‍රි.ව 2 ශතවර්ෂය දක්වා පැරුණි දකුණු ඉන්දියානු පුරාවෘත්තයකි. ශ්‍රි ලංකාවේ පූජනීයත්වයට පත්වූ පත්තිනී දේවියගේ නිජබිම දකුණු ඉන්දියාවේ සොලී රටය. පැරුණි දකුණු ඉන්දියාව සෙලි, පඬි, කේරල නමින් රාජ්‍යයන් තුනකට වෙන්වී තිබිණ. මෙම කතාව මේ රාජ්‍යයන් තුන හරහා දිවේ.

පත්තිනි දේවියගේ මනුෂ්‍ය ආත්මයේ නම කන්නගීය. සෙලි රටේ උපන් කන්නගී සිය ප්‍රතිවුතයේ බල මහිමය පෙන්වන්නේ පඬි රටේය. ඇය දේවත්වයට පත්වන්නේ කේරල රාජ්‍යයෙහිය. කන්නගී ධනවත් කාන්තාවකි. ඇය කෝවලගේ නමැති ධනවත් සිටුවරයකු සමඟ විවාහවේ.

ඉතා ආදරයෙන් බැඳී බොහෝ කල් ජීවත් වන මේ දෙදෙනාගේ පවුල් ජීවිතය දෙදරා යන්නේ කෝවලන්, මාධවී නම් වූ නාට්‍යාංගනාවක් සමඟ සම්බන්ධකමක් පටන් ගන්නවාත් සමඟය. මාධවී සමඟ නව යුගදිවියක් අරඹන කෝවලන්, කන්නගී අමතක කරයි. කෝවලන්ට දාව මාධවීට දරුවෙක්ද ලැබෙයි. ඇයට මනි මේඛලා ලෙස නම් තබයි. එහෙත් කාලයාගේ ඇවෑමෙන් කෝවලන් හා මාධවීගේ ප්‍රේම කතාව අතරමඟ බිඳ වැටීමත් සමඟ සිදුවන්නේ කුමක්ද? කන්නගීට සිදුවූයේ කුමක්ද? ඇය යළිත් කෝවලන් තම ජීවිතයට ළංකර ගනීවිද? කෝවලන් සිය ධනය මාධවී වෙනුවෙන් වියදම් කළ නිසා ඔහුට අවසානයේදී හිමිවන්නේ කුමක්ද? මේ අතරතුර කන්නගීට සිදුවන බලවත් අසාධාරණය කුමක්ද? ඉතාම සංවේදී කතාව පත්තනී චිත්‍රපටය හරහා ප්‍රේක්ෂක හමුවට එන්නේ චන්න දේශප්‍රියගේ කැමරාවෙන්ය. කලා අධ්‍යක්ෂණයෙන් බිලමල් දුෂ්මන්ත, අංග රචනයෙන් සමීර මධුකිඳෙල්පිටිය, නර්තන අධ්‍යක්ෂණයෙන් චන්දන වික්‍රමසිංහ, සංස්කරණයෙන් තිස්ස සුරේන්ද්‍ර, නිෂ්පාදන කළමනාකරණයෙන් මනෝහාරී හේවාවසම්, සහාය අධ්‍යක්ෂණයෙන් විමල් දේශප්‍රිය, සංගීතයෙන් රෝහණ වීරසිංහ, විධායක නිෂ්පාදනයෙන් වාගීෂා සුමතිපාල හා නිශ්චල ඡායාරූපයෙන් %සන්දේශ් බණ්ඩාර^ "පත්තිනි" චිත්‍රපටය සඳහා දායක වී ඇත.

 

රමේෂ් උවයිස්

 

 



අදහස් (0)

'පත්තිනි' රිදී තිරයට

සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 03 May 2016 01:08 AM

කාලෙකින් සිංහල සිනමාවේ අපි නොදුටු ගොඩාක් හොඳ චිත්‍රපටියක්. මම මෙහි ප්‍රචාරක පටය නැරඹුවා. එහි දී මම හිතාගත්තා චිත්‍රපටිය ශාලාවලට ආ පසුව කොහොමහරි නරඹනවාමයි කියලා. මේ කතාව ඒ තරම්ම ලස්සනයි. තොහොමත් මම පත්තිනි දේව මැණියන් වහන්සේ අදහන පුද්ගලයෙක්. ඒක නිසා මම වඩාත් මෙම කතා පුවතට ආකර්ශනය වෙන්න ඇති මම හිතන විදිහට. විශේෂයෙන්ම මහාචාර්ය සුනිල් ආරියරත්න මැතිඳුන්ට මම සුබ පතන්න කැමතියි මේ තරම් ඉහළ මට්ටමක චිත්‍රපටියක් ප්‍රේක්ෂක ජනතාවට ලබාදීම වෙනුවෙන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 99 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site