ඉන්දියාවේ රාමේෂ්වරම් සිට මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ හැටක පමණ වෙළද පොළ වටිනාකම ඇති කේරල ගංජා කිලෝග්‍රැම් තිහක් ළඟ තබාගත් සැකකරුවන් දෙදෙනකු කොඩිකාමම්, මිරුසවිල් කැලේදී අත්අඩංගුවට ගැනිමට කොළඹ සුරාබදු අපරාධ අංශයේ කණඩායමක් සමත් වු බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් පුෂ්පකුමර සිල්වා මහතා පවසයි.
සුරාබදු නිලධාරින් දින කීහිපයක් තිස්සේ සිදුකළ විමර්ශනයකින් පසුව මෙම වැටලිම සිදුකර ඇත.
සුරාබදු නිලධාරියකු ව්‍යාජ ගැනුම්කරුවකු ලෙස යොදවා තවත් තැරැව්කරුවකු මාර්ගයෙන් සැකකරුවන් ගෙන් ගංජා ඇනවුම් කර ඇත. ඒ අනුව ගංජා කිලෝවක් රුපියල් ලක්ෂ එකහමාර බැගින් ගංජා කිලෝ ග්‍රෑම් විසි පහක් අඩංගු පාර්සල් දහයක් මිරුසවිල් ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ සිට කිලෝ මිටර් හතක් පමණ ඈතින් වු කැලෑවකදි වෙස්වලාගත් සුරාබදු නිලධාරියාට විකිණිමට යාමේදි අවට කැලෑවේ සිටි සුරාබදු නිලධරයෝ සැකකරුවන් දෙදෙනා ගංජා තොගය සමග අත් අඩංගුවට ගෙන ඇත.
ඝන වනාන්තරයේ පොළව යට වළලා තිබු තවත් ගංජා පාර්සල් තුනක්ද ගොඩගෙන තිබේ.
මෙම ගංජා අඩංගු පාර්සල් වලට ජලයෙන් හානි නොවන ලෙස අසුරා තිබි ඇත. ඉන්දියාවේ මදුරේ “සම්මියාර්“ නමින් හදුන්වන අයකු විසින් රාමේෂ්වරම් ප්‍රදේශයේ සිට ධිවර යාත්‍රා මගින් මෙරට මුහුදු සිමාව දක්වා ගංජා එවන බවත් පේදුරුතුඩුව, තොන්ඩමනාරු, වැල්වැටිතුරේ ආශ්‍රිත මුහුදු තිරයේ පොලව යට ද සගවා තබන බවත් කියති.
සැකකරුවන් පේදුරුතුඩුව, තොන්ඩමාන් නගර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 61 සහ 47 වසසේ පසු වේ.
වයස අවුරුදු 61 වයසේ පසුවන සැකකරුගේ දරුවන් තිදෙනාම යුරෝපා රටවල ස්ථිර පදිංචිකරුවන් බවත් ඔහු මීට පෙර වසර 5 ක් ස්විට්සර්ලන්තයේ පදිංචිව සිට වෘත්තියෙන් නාවිකයකු ලෙස සේවය කළ බවත් සුරාබදු නිලධාරින් ඉදිරියේ කියා ඇත. අනෙක් සැකකරු පස් දරු පියෙකි. ධීවරයෙකි.
සුරාබදු කොමසාරිස් ජනරාල් එල්.කේ.ජි.ගුණවර්ධන මහතා ගේ උපදෙස් මත නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ජේ.පුෂ්පකුමාර සිල්වා මහතාගේ මෙහෙයවිමෙන් සුරාබදු අධිකාරි රොහාන් විජේරත්න මහතාගේ අධික්ෂණය යටතේ විශේෂ සුරාබදු වැටලිම් ඒකකයේ ස්ථානාධිපති ඒ.ආර්.ලැම්බට්, සුරාබදු පරිකෂක වරුන් වන උපුල් සෙනවිරත්න, වජිර විජේසිංහ, එම්.ජයන්ත.ද.සිල්වා, ඒ.ටි.විරමන්, සුරාබදු සැරයන් මේජර් එල්.බි.ගාමිනි. සුරාබදු නියමක අසංක කල්‍යාණප්‍රිය සහ අරුණසිරි චන්ද්‍රසේකර යන මහත්වරු වැටලීම කළහ.
(විඩියෝ දිපාල් ද සිල්වා)
2025 දෙසැම්බර් මස 18
436
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුත්තු ස්විස් රටේ : පියා කේරළ ගංජා අදී
මධුමාලි Friday, 23 October 2015 06:59 AM
මට පෙනෙන හැටියට ස්වෝත්සාහයෙන් දියුණු වෙන්න හදලා වගෙයි (නි)
දිනේෂ් Sunday, 25 October 2015 10:23 AM
මිල මුදල් හම්බ කිරීම සමහරුන්ට කවදාවත් ඇති වෙන්නේ නැ...(රේ)