සීඑස්එන් නාලිකාවේ මුදල් වංචා කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු ලුතිනන් යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිසට ඇප ඉල්ලුම කොළඹ මහාධිකරණයේ දී අද (08) විභාගයට ගැනිණි.
යෝෂිතගේ පියා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අදත් කළු ලෝගුව පැළඳ නඩුවට පැමිණියේය.
සීඑස්එන් නාලිකාවේ මුදල් වංචා කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු ලුතිනන් යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිසට ඇප ඉල්ලුම කොළඹ මහාධිකරණයේ දී අද (08) විභාගයට ගැනිණි.
යෝෂිතගේ පියා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අදත් කළු ලෝගුව පැළඳ නඩුවට පැමිණියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කුලියාපිටියේ දෙමව්පියන්ගේ සෙනෙහස දැක්ක (බ)
දරු දුක කෙසේදැයි දැන්වත් තේරුම් ගන්න.(බ)
චින්තක හරි තාත්තා කෙනෙක් මොන හොරෙක් හෝ දුෂිතයෙක් තමන් වදපු පුතා වුනොත් දරු දුකට බේරගන්නම තමා හදන්නේ එ්ක තමා දරු දුක මොන වැරදි කරුවාගේ තාත්තාත් එහෙම තමා........(බ)
දරුදුක දන්නවනම් දරුවන්ව මේ දේ වලට නොයොද වන්න තිබුණා. (ම)
යුද්ධය ජය ගැනීමට කල මෙහෙවරට අපි ඉතාමත් සන්තෝෂ වෙනවා. (ර)
මෙයා කලු ලෝගුවෙන් දකිද්දි මට මතක් වෙන්නේ අර ආචාර්ය උපාධිය ගත් කැලණිය පැත්තේ කෙනාව (නි)
දරුවෝ හදපු විදිය තමයි ප්‍රශ්නය. (නි)
හරියට දරුවෝ හදාගත්තා නම් මේ වගේ දුකක් දැනෙන්නේ නැහැ. නැවත වතාවක් බලයට ආවත් ප්‍රතිඵලය මේකම තමා (නි)
කෝ අර මැජික් බෝලය දැන්? (නි)
වසීම් තාජුඩීන්ගේ දෙමවුපියන්ට දුක නොදැනෙන්නේද? (නි)
තාත්තට එහෙම වුණත් වැරැද්දක් කළා නම් පුතාට දඬුවම් ලැබෙන්න ඕනෑ. (නි)
හිටපු ජනාධිපති තුමාගෙ වශීය හදලා තියෙන්නෙ ජාතික ආරක්ෂාව, සංවර්ධනය සහ සාමය යන අමුද්‍රව්‍ය එකට මුසු කිරීමෙනුයි. ඒක වැඩකරන අයට එදත් වැඩ කරා අදත් වැඩ කරනවා. වැඩ නොකරන අයට නම් කොහොමටත් වැඩ කරන්නෙ නැහැ. පුලුවන් කෙනෙක් ඉන්නවා නම් ඊට වඩා හොද වශීයක් හාදන්න. එවිට එතුමා ටත් වඩා වැඩි පිරිසක් ඒ වටා රොක් වේවි. (ර)
බත්රස දන්නො කෙත් හදුනන්නෝ කිරි රස දන්නො මවි හදුනන්නො දරුවන් ඇත්තෝ දරුදුක දන්නො බත් රස, කිරිරස , දරුදුක නොහදුනන්නෝ මිනිසත් බව ලැබ කුමට උප්නො? (ර)
චින්තක, දරු දුක දැනෙන්නේ දෙමව්පියන්ට තමයි. බිහිකිරීම පමණක් නෙමෙයි දරුවන් සමාජයට හොඳ පුරවැසියන් කිරීමේ වගකීමත් තියෙන්නේ දෙමව්පියන්ට (නි)
දැන් කළු ලෝගුවත් ප්‍රශ්ණයක් වෙලා (ම)
තාජුදින්ගේ දෙමව්පියෝගේ දරු දුකත් මට මතක් වුණා (ම)
රතුපස්වල මැරණූ දරුවාගේ දෙමාපියන්ට කොහොම තියෙන්න ඇති ද ? (ම)
අවසන් තීන්දුව දෙනකන් බලන් ඉමු.(හේ)
ඕක දාගෙන ගියාට කතාකරපු නඩුවක් නැහැ නේද? (නි)
මට නම් මේක පේන්නේ මාධ්‍ය සංදර්ශනයක් විදියටයි. ලංකාවේ පිළිගත්, උගත්, විභාග පාස්කරපු ඉහළම නීතිවේදියෙක් මේකට ඉදිරිපත් කරන්න පුළුවන්කම මෙතුමාට තියනවානේ. දරු සෙනෙහසට එනවා නම් මොකටද බොරුවට කළු කෝට් ඇඳලා එන්නේ. නිකම් පුරුදු ඇඳුමෙන් ආවාම ඉවරයිනේ (නි)
ජය වේවා ඔබතුමාට! (නි)
ඉදිරියේදී ගොන් පාලනයට කඩේ යන අලි මි හරක්ට තේරේවි මෙතුමාගේ අඩුව .(කෞ)
මෝඩයන්ට හොද ෂෝ මේවා, ඔහොම යන්,(කෞ)
ඉහතින් දරු දුක ගැන අදහස් දක්වා ඇති බොහෝ දෙනාගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් ඇත. නීති විරෝධිව කටයුතුකරන දරුවන්ට ඒවා කිරීමට උදව් කරමින් හෝ නොදැක්කා වගේ සිටිමින් හෝ පසුව දරුදුක පෙන්වීම කවර නම් උසස් පියෙකුගේ ලක්ෂණයක්ද? (කෞ)
කළු-සුදු චරිතයක් (බ)
රටක් ජාතියක් බෙරා ගත් නායකයාගේ දරුවා බේරා ගන්න තාත්තා කෙනෙක් වශයෙන් විදින කරදර අපේ රටට ලොකු ආදර්ශයක් (ම)
උසාවියෙන් තවම වැරදි කාරය කර නැති මුත් අපේ අය නඩු අහන නැතුවම තීන්දු දීලා මේකෙන්ම පේනවා වෛරය. (ර)
මුං වපුරා තල නෙළිය නොහැක. (ම)
රටේ සමස්ත ජාතියටම බෝබ්ම්බ බිය දුරු කරපු පිනෙන් ම ඔබ තුමාගේ දරුවා හිරෙන් නිදහස් වේවායි මම පතමි.! (ර)
මෙයාට දරු දුක එයාගේ දරුවට පමණි, මෙයට රටේ අනික් දරුවන්ගේ දුක දැනුනානම් මෙය තවම රට පාලනය කරනවා.(ම)
සරත් ෆොන්සේකාත් අද ඇමතිකම් කරන්නේ ඔබ තුමා නිසා මේවා සමහරුන්ට අමතක වෙලා. (ර)
රතුපස්වල ළමයි මහමග වෙඩි කාලා මැරෙද්දි, සැළසුම් කළ අනතුරු වලින් තව කට්ටිය මැරෙද්දි, අතුරුදහන් වෙද්දී ඒ දෙමව්පියොත් දරුදුකට වැළපෙන්න ඇති නේද? (නි)
දරු දුක නිසාද චන්දන දරුවන්ට වැරදි ආදර්ශ කියලා දුන්නේ? දැන්ද දරු දුක මතක්වුණේ? (නි)
මේක ච්ත්‍රපටියක්ද ? (ර)
මහින්ද මහත්තයට වශී වෙලා තියෙන්නේ රටට කරපු සංවර්දනය හා දරුණු යුද්ධය හිස කෙලින් තියා ඉවර කිරීම. සමස්ත රටම එකම කම්හලක් කර දිවා රෑ නොබලා සංවර්දනයට ගෙනයාම වේ. අද තිබෙන්නේ පැය 8 ටේ සංවර්දනයක්. එකයි මහින්දට තවමත් මිනිස්සු කඩේ යන්නෙත් වශීවෙන්නෙත්. යහපාලනය විසින් මහින්ද තව තවත් මිනිස්සුන්ට මහින්දව වශී කරගෙන යයි. (ර)
දරුදුක තියන එක ඇත්ත. එහෙත් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා හිරකරලා හිටියා මතක නැද්ද? හොරකම වංචාව තියනවා නම් දඬුවම් විඳින්න වෙනවා. (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
එතකොට ජාතියේ දරුවන්ගේ අප්පච්චි කිව්වේ කට කහනවටද? කොහොම වුණත්, අනුන්ගේ දරුවෝ මැරුණත් කමක් නැද්ද තමන්ගේ දරුවාගේ සැප සනීපය වෙනුවෙන්? මහජන දේපල අයුතු ලෙස යොදාගත්තාට කමක් නැද්ද තමන්ගේ දරුවන්ගේ සැප සනීපය වෙනුවෙන්? (නි)
එතුමා රටේම දරුවන්ට ආදරය කළ නිසා තමයි යුද්ධය අනාගත පරපුරට ඉතිරි නොකර අවසන් කළේ. නමුත් අද එයම එතුමාට පාරා වළල්ලක් වෙලා. ඔය කුහක කතා කියන්නේ ළිඳෙන් වතුර බී මුහුදට ආවඩන අයයි. හැබැයි මතක තියාගන්න මුහුදට ආවැඩුවට මුහුදු වතුර බොන්න බැහැ. (නි)
මේ එක තාත්තා කෙනෙක් ගැන කිඹුල් කදුළු හෙළන කට්ට්ය උසාවියක් වටේ ටිකක් කැරකිලා බලන්න තමුන්ගේ ළමයා චෝදනා වලින් බේරගන්න නීතිඥවරයෙක්වත් ගන්න මුදල් නැතුව සුසුම් හෙළන අම්මලා අප්පලා කොච්චර ඉන්නවද කියලා. ඒ දරුදුදුක කාටවත් පෙනෙන්නේ නැහැ. (නි)
රොහාන්, උපාලි, ඔය දෙන්නම හරි. අර අන්තරේ, එතකොට තාජුඩීන්ගේ දෙමව්පියන් මොකද කරන්නේ? කළු ලෝගු දාලා වුණත් විහිලුනේ, මැද්දෙන් රතුපාට. (නි)
සරත් ෆොන්සේකා, එක්නැලිගොඩ,, රතුපස්වල,සහ තවත් යට දරුදුක දැනෙනවා ඇති නේද. ඒ ගොල්ලන්ට කලුලොගු ඇඳගෙන උසාවි එන්න කෙනෙක් නැහැ.. ඔය කරන්නේ රඟපෑමක් කියල ඌන කෙනෙකුට තෙරෙනේව. නැත්නම්. ඌනතරම් දක්ෂ ලොයර්සලා ඉන්නවා. මෙය නඩුවට කතාකරන්න. මෙය මෙය මිනිස්සු නොමග යවන්න කරන දේවල්. (කෞ)
තමන්ගේ ජීවිතය ගැනවත් නොහිතා කොටින්ගෙන් රට බේරාගත්තේ තමන්ගේ දරුපවුල ගැන විතරක් හිතලද? උයාගත්ත බත්පිඬවත් ගිලෙන්නේ නැති කාලයක් තිබුනා කියලවත් සමහර අපේ සිංහලයාට මතක නැහැ. සිංහලයාගේ සමහර ගති නිසා තමයි ප්‍රභාකරන් වසර 30 කට වඩා අපිව අමුඅමුවේ මරාදැම්මේ (නි)
හිටපු ජනපතිගේ වශී බෝලය තාමත් කට්ටියකට නම් වැඩකරනවා වගේ. (නි)
සරත් ෆොන්සේකා හිරේ යනකොට සුමිත්‍රා බස්නායක ඉපදිලා නැතුව ඇති (නි)
මේ මිනිසුන්ගේ අදහස් මේ ප්‍රභූ කට්ටිය කියවනවා නම් ඔය බොරු සෝබන නිකන්ම නතර කරනවා. (නි)
උතුර දකුණ මාරු වෙලා වගේ, කරන කියන දේවල් දැක්කම.(ම)
අනේ මන්දා මොනවද මේ වැඩ? (නි)
කළු ලෝගු දැම්මට නඩු කීයක් කතා කරලා දිනුවද?වැට් බද්ද 15% වෙන්නයි යන්නේ මෙයාගේ කෙරුම් නිසා. (නි)
මූණ දැක්කහම පේනවා මෝඩකම. හිතාගන ඉන්නේ විනිශ්චයකාරයොත්. මෝඩය කියල. (බ)
චින්තක ,පලිහවඩන දරුවන් වෙනුවෙන් ඕනම දෙයක් කරන තාත්තලාට අඩන්න වෙනවා.හැබයි දරැවන් වෙනුවෙන් ඕනෑම දෙයක් නොවෙයි හරිදේ කළා නම් මෙහෙම වෙන්නේ නැහැ.(බ)
87/89 කාලෙ දන්නා කෙනෙක්ගෙන් අහලා දැනගන්න වුණේ මොකක්ද, මහින්ද කව්ද කියලා (නි)
කළු ඇඳන් ආවත් එයාගේ තියෙන උජාරුව !!! මොනාද එයා පුතා වෙනුවෙන් උසාවියේ කිවුවේ ? අප්පච්චි සහ සහෝදර පෙරකදෝරුවෝ ඉන්න අර දරුවට තවත් පෙරකදෝරුවෝ මොකොටද? රාජපක්ෂලා දක්ෂ පෙරකදෝරුවෝ නොවේද ? මේ විදියට කළු ලෝගුව දාගෙන ඉස්සර කාලේ මෙයා කතාකරපු නඩු කීයක් දිනලා තියෙනවද ? කළු ඇඳගෙන උසාවි ආපු හිටපු ජනපති වුනත් නීතියට, උසාවි තීරණයට යටත් වුණා. මේකට තමා යහපාලන අධිකරණයේ ස්වාධීනත්වය කියන්නේ....(බ)
එදා කොටි උසාවිත් තිබුණා නේද (බ)
දරු දුක දන්නේ දරුවන් හදාපු, වදාපු මේවගේ දෙමව්පියෝ මිසක දරුවන් නැති ඈයෝ නෙවෙයි. උතුම් පිය සෙනෙහසට ආදර්ශයක්. (බ)
මේ යන්නේ නඩුකාරයන්ට බලපෑම් කරලා පුතාව බේරගන්නද දන්නෙ නැහැ. නමුත් ඒ කාලේ ඉවරයි. (නි)
කළු ඇන්දට කළු මකාගන්න බැහැනේ දැන් ලෙහෙසියෙන් ? (ර)
විවේචන කලට කමක් නැහැ නිදහස ලබා දුන් නායකයාට අපහාස කරන්න හොඳ නැහැ. (ර)
තව කී දවසක් මෙහෙම එන්න වෙයිද දන්නේ නෑ.(හේ)
නීති විභාගය පාස් කළ කෙනෙක් කළු ලෝගුව දැම්මම ඕක මහ දෙයක්ද? (බ)
දැනම් හීනෙන් වගේ සිහි වෙනවා ඇති බලය තියෙන කාලේ බලය යොදලා අධිකරණේ බෙලහීන කඵ හැටි නේද ? කරන කලට පවු මිහිරිය මී සේ - විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ (හේ)
87/89 කාලෙදිත් මහින්ද මේ කළු කබාය ඇන්දා. (හේ)
පුදුම රගපෑමක්. කතා කරන නඩුවකුත් නැහැ . (හේ)
අපේ රටේ දේසපාලනය කව්රු කලත් ඔහොම තමා (හේ)
ඔබතුමාට මෙහෙම වෙන බව දැනුනා අපිට. ශ්‍රේශ්ඨ විදියට විශ්‍රාම දිවියක් ගත කරන්න තිබුන රජතුමෙක් ඔබ.බලයට තිබුන අසීමිත ආශාව නිසා සියලුම දේ නැති වුනා. (හේ)
ඔය දුකම ඉස්සර සරත් ෆොන්සේකා ගේ දරුවන්ට , බිරිඳට දුන්න මතකද දන්නේ නැහැ (කෞ).
ලංකාවේ අධිකරණය තුලට රතු රෙද්දක් බෙල්ලේ එල්ලගෙන යන්න අවසර තිබේද ????(හේ)
මෙම ලෝගුව ගැන වහා පරීක්ෂණ ආරම්භ කළ යුතුය.(බ)
ජයරත්න ඔබ හරි. රට බෙරගත් අපේ ජනාධිපතිට ජයම වේවා.! (ර)
මෙය කවදාවත් නඩුවකට කතා කරලා තියෙනවද?(හේ)
සමහරුන්ට මෙතනත් යුද්ධේ.... බොරු මාද්‍ය සංදර්ශන ... (ර)
එකද මේ ළගදි දවසක මුහුදේ පාවී පාවී හිටියා නේද. එතකොට මේ දේවල් ගානක් නෑ නේද?(හේ)
චින්තක ඔබගේ කතාවට මම එකගයි, අපිට දරුවෝ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න පසුබට වෙන්නේ නැහැ,(හේ)
අපේ මහින්ද මහත්තයා අමරුවේ දැම්මේ කලුසල්ලි හොයපු අය (හේ)
කළ දේවල් තමයි ඔය ඵල දෙන්නේ.(හේ)
යහමග පෙන්වීමත් දෙමව්පියන්ගේ යුතුකමක්. වරදට දඬුවම් විදියයුතුමයි. (ර)
රණබාහු.ඔබ හරි.රතුපස්වල මිනිස් සංහාරයේදී,හලාවත ධිවර මිනිස් සංහාරයේදී,කටුනායක මිනිස් සංහාරයේදී,යතුරුපැදි අනතුරු විලාශයෙන් කරපු මිනීමැරුම් වලදී මිය ගියෙත් දුප්පත් දෙමාපියන්ගේ දරුවන් .(අ)
මේකේ ලියන හුඟාක් අයට ප්‍රභාකරන් මරපු එකටත් හුඟාක් දුකයි කියලා අපිට තේරෙනවා.(අ)
උගන්නපුවගේ පලය ...... දරු දුකට වඩා කර්මය (බ)
ලංකාවට "විහිලු සපයන්නා".හරිම සතුටුයි.(අ)
සරණපාල අනේ අසරණ කතා කියනකොට හිතෙන්නේ නැද්ද රිචඩ් සොයිසාලගේ තව හැටදාහක් දකුණේ කොල්ලන්ගේ දෙමව්පියන් කොච්චර ඔයාලට සාපක්රනවද කියලා (අ)
දරුවන්ට වැරදී ආදර්ශ දුන්නාහම විඳවන්ට වෙන එක පුදුමයක් නෙවෙයි (බ)
රජ කම් කලත් කල කම් පලදෙනවා (අ)