මව අතෙහි තිබූ ලොකු වීදුරු දීසියක් ගෙළෙහි වැදී බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ හොරණ වැලිගම්පිටියේ නව හැවිරිදි දරුවකු දින පහකට පසු මිය ගිය බව පොලිසිය කියයි.
පසුගිය 15 වැනි දා අවුරුදු නෑගම් ආ ඥාති පිරිසකට දහවල් ආහාරය ලබා දීමට ගත් වීදුරු පළගානක් මවගේ අතේ තිබිය දරුවා දුවගෙන යද්දී එහි ගැටීමෙන් තුවාල ලැබා ඇතැයි පොලිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2014 සුබ අලුත් අවූරුද්දක් වේවා ,කීවාට සිද්ධ වෙලා තියෙන්නේ අසුබ දේවල් .2014 බුද්ධිමත්ව සිතීමේ අවූරුද්දක් වේවා ! (ස)
අනේ හරිම දුක පුවතක් උදේම ඇහුවේ. මේ දරුවට නිවන් සුව !!! (ස)
රුපවතී, මමත් ගමක උපන් කෙනෙක්. මමත් පොඩි කාලේ ඔය වගේ උණ බම්බු හදාගෙන වෙඩි පත්තු කළා. ඔය වගේ අත්දැකීමකට මමත් මුහුණ දුන්නා. හැබැයි මම එදායින් පස්සේ උණ වෙඩි හැදුවෙත් නැහැ. උණ වෙඩි ගහන තැනකට යන්නෙත් නැහැ. ඒක මහා අනතුරුදායක වැඩක්. හැබැයි හොඳ වෙලාවට දැන් දරුවෝ මේ උණ බම්බු වෙඩි හදන්නවත් ගහන්නවත් දන්නේ නැහැ. (නි)
අපේ රටේ හදිසි අනතුරු නිසා සිදුවන ජීවිත හානි බොහොමයක් නොසැලකිලිමත්කම නිසා සහ සුළු අතපසුවීම් නිසා සිදුවන ඒවා. ගෘහ ජීවිතයේදීත් රැකියා ස්ථානවලත් අනතුරු වලක්වා ගෙන වැඩ කළ හැකි බොහොම සරල වැඩ සටහන් මගින් සමාජය දැනුවත් කිරීම් සිදුවන්නේ බොහොම ස්වල්ප වශයෙනුයි. රූපලාවන්‍ය, ඉවුම් පිහුම් වලට දෙනු ලබන ප්‍රමුඛත්වය රුපවාහිනී නාලිකාවල ' අනතුරු අවම කර වැඩ කරමු ' වගේ වැඩසටහන් දියත් කරන්ට ' සමාගම් සමාජ මෙහෙවර ' ( සී එස් ආර් ) ' යටතේ මේ සම්බන්ධව කවුරු හරි ඉදිරිපත් වෙනවානම් වඩා හොඳයි මම හිතන්නේ. ඕනෙම දෙයක් කරන්න යහ සමාජයක පැවැත්ම අවශ්‍යයි. (ස)
නිශාර්ඩ් ප්‍රීනා, ඔබ හරි. හදිසි අනතුරු විතරක් නෙවේ. ප්‍රථමාධාර වගේ දේවලුත් ගොඩක් වටිනවා.දියේ ගිලුණු කෙනෙකුට, සර්පයෙක් දෂ්ඨ කරපු කෙනෙකුට, එහෙම නැත්නම් විදුලි සැර වැදුණු කෙනෙකුට කරන ප්‍රතිකාර ගොඩක් වටිනවා. අඩුම ගන්නේ ජීවිත කීපයක් වත් බේරගන්න පුළුවන්. (ස)
මේ පලංගාන පියාඹන පිරිසියක්ද? (ස)
ගොඩක් මේ වගේ අනතුරු වෙන්නේ නොසැලකිල්ල හා අඩු අවදානයෙන් කටයුතු කිරීම නිසා. පුංචි පැටවු ඉන්න අම්මල, තාත්තල, වැඩිහිටියො කල්පනාවෙන් පරිස්සමෙන් වැඩ කරනවා නම් මේ වගේ අවාසනාවන්ත සිදුවීම් අවම කරගන්න පුළුවන්. (ස)
නිලුගේ කතාව හරි. නිකන් ආවට ගියාට අදහස් දාන්න එපා. මොහාන්, මේක අත්වැරදීමක්. කණගාටුයි දරුවා ගැන (නි)
ලංකාවෙන් පිට රට ගියපු අය හිතන් ඉන්නේ ඒගොල්ලො තමයි පොරවල් කියලා. (ස)
අනේ උදේම අහපු දුක්බරම ආරංචිය මට හිතෙන්නෙත් මේ අනතුර නම් ගොඩක් දුරට නොසැළකිල්ල නිසා වෙච්ච දෙයක් කියල ,පොඩි පුතේ ඔයාට නිවන් සැප ලැබේවා(දිල්)
මේ වෙන දේවල් හිතාගන්නත් බෑ. මිනිස්සුන්ට මාර අපල කාලයක්. මේ හැමදේටම මුල නොසැලකිල්ල. දෙමව්පියෝ දරුවා මේ හැමකෙනාම වැරදි කියල මම හිතනවා. අවදානම ගැන හිතන්නෙම නෑ. මිනිස්සු දියුණු වෙනකොට සැලකිල්ල අවදානය වගේ දේවල් නැති වෙනවද මන්දා? කාගේ උනත් ජිවිත කොච්චර වටිනවද ඇයි ටිකක් හිතන්න බැරි. මොන වුණත් පව්. ගොඩක් වයස කෙනෙක්ට වඩා දරුවෙක් මැරුණම දුක වැඩි. දැන් හැමදේම වෙලා ඉවරයි. දරුවා දැන් නෑනේ. මේ වගේ දේවල් අහන්නවත් වෙන්න එපා. පව් (ස)
දැන් ඉතින් සියල්ල සිදුවී ඉවරයි. අද මෙන් නොව පෙරදාත් මෙවන් අනතුරු රටේ සිදුවී ඇත. අද මාධ්‍ය, තාක්ෂණය බොහෝ දියුණු නිසා මොහතකින් ලෝකයටම මේවා දැන ගන්න ලැබෙනවා. ලොකු කුඩා කවුරුත් කල්පනාවෙන් හා පරිස්සමින් කටයුතුවල යෙදුණොත් හොඳයි. (ස)
අපි මොන දේ කිව්වත් ඒ දේ වෙලා ඉවරයි. අපේ හිතට මෙහෙම දුක නම් ඒ මවට කොච්චර දුක ඇද්ද?? නොසැලකිල්ල, වගේම අවදානෙන් තොරව තමන් අතින් වුණ වරදට ජීවිත කළෙම කදුළු සලන්න වී තිබේ.කුඩා දරුවන් සිටින තැන හොඳ සිහි බුද්ධියෙන් වැඩ නොකළ හේතුව තමා මේ. (ස)
අපොයි දෙවියනේ දරුවට වෙච්ච දේ .මේ දවස් ටිකට කී දෙනක්ව මාරය අරන් ගියාද? (ස)
ප්‍රථමාධාර සියලුම දෙනා දැනගත යුතුයි .කෑම හිරවීම් වලින් කුඩා දරුවන් කීප දෙනෙක්ම පසුගිය වකවානුවේ නැතිවුණා. (ස)
හිත සන්තෝස වෙන දෙයක් නම් අහන්නට දකින්නට ලැබෙන්නේ නැහැ. පුතේ ඔබට නිවන් සුව ලැබේවා! (නදී)
මේ දරුවට නිවන් සුව ! (නදී)
මෙතන මොකක් හරි සැකයක් හිතෙන දෙයක් තියෙනවා. (නි)
පිස්සු දොඩ වන්නේ නැතිව ඉන්න මොහාන්. අවුරුදු නවයක් ආදරෙන් බලාගෙන නොසිතු අන්දමෙන් වුණ දෙයක් මේක. (ස)
පෝය සහ අවුරුද්ද එකට එනකොට මහා විපත් ඇති වේවි කියලා සැක හිතුනා. 13 අවුරුද්ද අරගෙන 12 පරණ අවුරුද්ද ගන්න තිබුනා නේද? (නි)
කිසිම සැකයක් හිතන්න බැහැ. ළමයි දුව පැන නටන කාලේ සහ ගෙවෙන වයස පිළබඳව හිතල දෙමාපියන් ප්‍රවේසමෙන් කටයුතු නොකිරීමේ ප්‍රතිපලයක් මේ. අනෙකුත් දෙමාපියන්ට යස පාඩමක්. මිය ගිය දරුවට නිවන් සුව පතමු! (ස)
2014 අලුත් අවුරුද්දේ මේ කී වෙනි වේදනාකාරී සිදුවීමද? දරුවන් ඉන්න අම්මලා මේවා ආදර්ශයට අරගෙන මේ වගේ දේවල් ආයෙමත් නොවෙන්න වග බලාගන්න ඕනේ. මේ දරුවට නිවන් සුව !!! (ස)
මමත් ලංකාවට සතියක නිවාඩුවට ගිහින් පුතත් සමග ඊයේ රෑ නැවත මෙරටට පැමිණියා ..! ඇත්තටම කියනවා නම් දරුවාව රැකගෙන අපේ ජීවිතත් රැකගන්න මම හැම වෙලේම ඇහ ගහගෙන හිටියේ අපේ ආරක්ෂාව ගැනමයි. 17 වෙනිදා පොතුහැර අපේ පවුලේ සාමාජික නිවසකට ගියේ දරුවා සමග ලංකාවට පැමිණි හෙයින් ,, එම නිවාස ආසන්නයේ පසු දින පැවැත්වෙන අවුරුදු උත්සවයකට නිවාස ආසන්නයේ ඇති වෙල් යාය සියල්ලෙන් සුදානම් වෙමින් තිබුණා...ඒ ආසන්නයේ ම මගේ පුතාගේ හොදම යහළුවා වයස 13, උණ බම්බුවක් සදා ඊට වඩා වයසින් වැඩිමහල් ළමුන් පිරිසක් එය හෙට දිනයේ උත්සයට ඉදිරිපත් කිරීමට පත්තු කරමින් සිටියේ පළාතම සද්ද කරමින්. මගේ දරුවා මා ළගට විත් ..? එය බලන්න යන්නද ඇසුවා. මම එපා නොකියා යන්න පුතේ හැබැයි ඈත ඉදන් බලනවා මිස ලගට යන්න එපා. මමත් එතනට ගියේ මම උණ බම්බුව දැකල නැහැ බලන්නයි ආවේ කියල දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් ..? එය පත්තු කරමින් හිටි ළමයෙක් එකවරම එයට පිම්ඹ, මම ඒ ළමයට කීව දරුවෝ ඕකට කට තියල පිඹින්න එපා මොකක් හරි බට කැබැල්ලක් අරන් ඈත සිට පිඹින්න කියල, අනේ ඇන්ටි අපිට මේවා හොදට පුරුදුයි කීව මමත් මගේ දරුවාව මීටර් 8ක් පමණ දුරින් සිටගෙන බලන් හිටියේ තවත් ළමුන් දෙදෙනෙක් සමගයි ,,,දෙපාරක් තුන් පාරක් ඔහොම කරා තෙල් පාරක් විසි වුණා.ඒ දරුවාගේ මුළු ඔලුව පුරාම ඒ සමගම ගිනි බෝලයක් ඒ ඔලුව උඩින් ,,මට මොනවා උනාද මම දන්නේ නැහැ කෑ ගැසුව මුළු පළාතම දෙවනත් වෙන්න. මිනිස්සු මා දිහා බලාගෙන හිටියෙ හරියට මට ගිනිගත්ත වගේ ? ඒ දරුවා දගලලා දගලලා තනියම ගින්න නිවා ගත්තා. පසුව සියල්ලම එකතුවෙලා වතුර දැම්මා. දරුවාගේ නළල ඇහි පියටු කොණ්ඩේ අහි බැමි සියල්ල සමග දිය ගෙඩි පිරුණු නළලක් දැක්කා. ජීවිත ගැන කිසිම වටිනා කමකින් අපේ මිනිසුන් නෑ ...! මේ මියගිය දරුවට නිවන් සුව ...දෙමව්පියන්ගේ බුද්ධිමත් දැසවල් විවරවී මතුවට මෙවන් දේ නොමවීවා ....!!! (ස)
අනේ අනිච්චන් කරුමෙක මහත. කවද අහපු කතාද මේ සිද්ද වෙන්නේ ? (නදී)
වාසනාට මේ පලංගාන පියාඹන පිරිසියක්ද? ඔය නම වාසනා වුණා. මාරු කර ගන්න. (ස)
2014 අලුත් අවුරුද්දේ මේ කී වෙනි වේදනාකාරී සිදුවීමද? මිනිස්සුන්ට මාර අපල කාලයක්. අපේ හිතට මෙහෙම දුක නම් ඒ මවට කොච්චර දුක ඇද්ද?? (ස)