(චන්ද්‍රසේන ගමගේ)
තංගල්ල කුඩාවැල්ලේ නිවසකට පැමිණි පිරිසක් නිවසේ හිමිකරුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කොට ඇතැයි තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි.
මිය ගිය අයගේ බිරිඳද කැපුම් තුවාල ලබා කරුපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.
ඝාතනය වී ඇත්තේ නාකුළුගමුව කුඩාවැල්ලේ පදිංචිව සිටි 64 වැනි වියේ පසු වූ මරක්කල මානගේ සරත් රෝහණ යන අය බවත් පහර කෑමට ලක්ව බරපතල තුවාල ලබා ඇත්තේ 61 වැනි වියේ පසුවන ඔහුගේ බිරිය බවද පොලීසිය කියයි.
රාත්‍රී කුඩාවැල්ල ප්‍රදේශයේ සංගීත සංදර්ශනයක් තිබී එහිදී මිය ගිය අයගේ පුත්‍රයා සමඟ කුඩාවැල්ලේ පදිංචිව සිටින අයෙකු අතර බහින් බස් වීමක් සිදුව තිබේ.
එම බහින් බස් වීමෙන් අනතුරුව මිය ගිය අයගේ පුත්‍රයා සංගීත සංදර්ශනය පැවති ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබේ.
පසුව ඔහු සොයා කිහිප දෙනෙකු නිවසට ගොස් ඇති අතර වන විටත් මිය ගිය අයගේ පුත්‍රයා නිවසට පැමිණ නොසිටි අතර පැමිණි පිරිස පියාට හා මවට තියුණු ආයුධයකින් පහර දී තිබේ.
ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන වික්ටර් සුද්දා නැමැත්තෙක් ඇතුළු පිරිස අත් අඩංගුවට ගැනීම සදහා තංගල්ල මූලස්ථාන පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
මිය ගිය අයගේ දේහය තංගල්ල මූලික රෝහලේ තැන්පත් කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය හදිසි කෝපය නෙවෙයි. හොඳට කල්පනා කර පලිගැනිමෙ චෙතනාවෙන් ගෙදරට හොයාගෙන ගොස් කල මිනිමැරුමක්. මොකක්ද දියයුතු දඩුවම. මෙ වගෙ එකෙක් දෙන්නෙක්ව ප්‍රසිද්ධියෙ එල්ලා මැරුවෙ නැත්නම් මෙ රට කවදාවත් හදන්න බැහැ.