වත්මන් ශී‍්‍ර ලංකා එක්දින කණ්ඩායමේ විශේෂඥ පිතිකරුවන් අතරේ වේගවත්ම පිතිකරුවා ලෙස තවමත් තිලකරත්න ඩිල්ෂාන් පෙරමුණේ පසුවෙයි. මේ වන විට එක්දින තරග 259 කට සහභාගි වී ශතක 16 ක් සමගින් ලකුණු 7254 ක් ලබා සිටින ඩිල්ෂාන්ගේ ප‍්‍රහාරාත්මක ප‍්‍රතිශතය 86.37 % කි. එනම් එක්දින තරගයකදී ඩිල්ෂාන් මුහුණ දෙන සෑම පන්දු 100 කින්ම ලකුණු 86.37 ක් රැස්කර තිබේ.
ශී‍්‍ර ලංකා පිලේ ආරම්භක පිතිකරුවා වන ඩිල්ෂාන්ගේ ඉනිමක ලකුණු රැස්කිරීමේ සාමාන්‍යය ලකුණු 36.82 ක් වුවද ඉතාමත් අසීරු තත්ත්වයන් යටතේ නව පන්දුවට මුහුණ දෙන ඩිල්ෂාන් ඕවර 50 ක් පුරා තම කඩුල්ල ආරක්‍ෂා කරගැනීමේ අභියෝගයද කරපින්නාගෙන සිටී.
තිසර පෙරේරා ලකුණු 110.48 ක ප‍්‍රහාරාත්මක ප‍්‍රතිශතයක් වාර්තා කරන නමුත් තුන් ඉරියව් කී‍්‍රඩකයකු වන තිසර පෙරේරා පිටියට පිවිසෙන්නේ 8 වැනි පිතිකරුවා වශයෙනි. එවන් ස්ථානයක කී‍්‍රඩා කරන තුන් ඉරියව් කී‍්‍රඩකයකුගෙන් පිතිකරුවකු වශයෙන් අපේක්‍ෂා කෙරෙන්නේ හැකි තරම් වේගයෙන් ලකුණු රැස්කිරීම විනා තමන්ගේ කඩුල්ල ආරක්‍ෂා කරගැනීම නොවේ. මක්නිසාද යත් ඒ වන විට ඉනිමේ සෑහෙන ඕවර සංඛ්‍යාවක් යැවී ඇති බැවිනි.
| කී‍්‍රඩකයා | තරග | ඉනිම | වැඩිම ලකුණු | ලකුණු | ශතක | අර්ධ ශතක | සාමාන්‍ය | ලකුණු වේගය |
| තිසර පෙරේරා | 56 | 39 | 69* | 506 | 0 | 1 | 15.81 | 110.48 |
| දිල්හාර ලොකුහෙට්ටිගේ | 8 | 8 | 29 | 77 | 0 | 0 | 9.62 | 90.58 |
| සිචිත‍්‍ර සේනානායක | 10 | 7 | 22* | 63 | 0 | 0 | 15.75 | 90.00 |
| තිලකරත්න ඩිල්ෂාන් | 258 | 233 | 160* | 7254 | 16 | 29 | 36.82 | 86.37 |
| කුසල් ජනිත් | 7 | 6 | 56 | 166 | 0 | 1 | 55.33 | 84.26 |
| ඇන්ජලෝ මැතිව්ස් | 93 | 74 | 80* | 1790 | 0 | 13 | 33.77 | 83.68 |
| ජීවන් මෙන්ඩිස් | 35 | 25 | 72 | 417 | 0 | 1 | 21.94 | 81.86 |
| නුවන් කුලසේකර | 134 | 84 | 73 | 923 | 0 | 2 | 16.48 | 79.02 |
| ලසිත් මාලිංග | 139 | 66 | 56 | 379 | 0 | 1 | 8.42 | 78.95 |
| මහේල ජයවර්ධන | 391 | 365 | 144 | 10892 | 15 | 68 | 33.20 | 78.24 |
| කුමාර් සංගක්කාර | 340 | 318 | 138* | 11026 | 14 | 74 | 38.68 | 75.75 |
| ළහිරු තිරිමාන්න | 39 | 27 | 102* | 743 | 1 | 4 | 30.95 | 75.12 |
| දිනේෂ් චන්දිමාල් | 53 | 50 | 111 | 1367 | 2 | 9 | 33.34 | 74.90 |
| රංගන හේරත් | 40 | 15 | 17* | 58 | 0 | 0 | 8.28 | 69.87 |
| ශමින්ද එරංග | 5 | 4 | 2 | 3 | 0 | 0 | 1.50 | 25.00 |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිල්හාර ලොකුහෙට්ටි ව ටිකකට මුලින් එවල බැලුවොත් නරකද? (ස)
මම නම් හිතන් හිටියේ දිල්ශාන් ව ඉස්සෙල්ලම එවන්නේ හැකිතරම් ඉක්මනින් ලකුණු ටිකක් ගහන්න කියලයි.. (ස)
මම නම් කියන්නේ කී වැනි ස්ථානයට පහර දෙන්න ආවත් ඒ අවස්ථාවේ හැටියට පන්දුවට පහර දෙන්න පුළුවන් වෙන්න ඕනෑ.ක්‍රීඩකයකුගේ භූමිකාව එක් එක් තරගය ක්‍රියාත්මක වන හැටියට වෙනස් වෙන්න ඕනෑ. (නි)
පන්දු යවන්නෙක් වුවද පන්දුවට පහර දීමට පැමිණි විට තමා පිතිකරුවෙකු යැයි සිතා පන්දුවට පහර දීම තුලින් තමා කෙරෙහි ආත්ම විශ්වාසයක් ගොඩ නගා ගත හැකි අතර විශ්වසනීය ඉනිමක් ගොඩ නැගිය හැකිවේ. මෙයට නුවන් කුලසේකර හොදම උදාහරණය වේ. (ස)