නිවැරදි ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක පොත් සැකසීමේ ප්‍රමිති පිළිබද මුද්‍රණකරුවන් ,ප්‍රකාශකයින් හා ලේඛකයින් දැනුම්වත් කිරීමේ හා පුහුණු වැඩමුළුවක් මෙම 25 -26 දිනයන්හි පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා කොළඹ -07, නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
ග්‍රන්ථ මුද්‍රණයේදි නිවැරදි ප්‍රමිතියකින් යුතු ගුණාත්මක පොතපත මුද්‍රණය නොවීම අද ලොකු ගැටළුවක්වී ඇති නිසා ග්‍රන්ථ සැකසුම්කරුවන් හා ලේඛකයින් දැනුම්වත් කිරීමට මෙම වැඩමුළුව සංවිධාන කළ බව ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්‍යාපන පුහුණු අංශ ප්‍රධානි ඩබ්ලිව්. මිහිර අරවින්ද මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd