(ඩයනා උදයංගනී)
ප්‍රකට විද්වතකු, මානව විද්‍යාඥයකු වූ ආචාර්ය පණ්ඩුල ඇඳගම මහතා අභවප්ප්‍රාත විය. 82 හැවිරිදි වියෙහි වූ ඒ මහතා මානව වංශය ගැන පර්යේෂණ රැසක් කළ මානව විද්‍යාඥයෙකි.
පර්යේෂණ කෘති රැසක් ඒ මහතා රචනා කළ ඇඳගම මහතා ඕස්ට්‍රේලියාවේ ජේම්ස්කුක් විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය ලබාගත්තේ.
හෙතෙම මෙරට ජාතික චින්තනය නඟා සිටි මහා මෙහෙවරක් කළ විද්වතෙකි.
ඇඳගම මහතා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මාලනී ඇඳගම මහත්මියගේ ස්වාමිපුරුෂයා විය.
දේහය නුගේගොඩ පාගොඩ පාරේ 07 වැනි පටුමගෙහි නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ඉරිදා (28) සවස 03.30 ට බැද්දගාන පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ රටට කළ මෙහෙය විශිෂ්ඨයි. ඔබට අජරාමර නිවන් සුව පතමි... ඔබ වැනි වියතුන් දස දහස් ගණනින් ලක්දිව ඉපදේවා..!
හොඳ, සරල අඩංක මිනිසෙකුගේ නික්ම යාම.. ඇවිදින පුස්තකාලයක් වැනි ඔබ වැනි මිනිසුන් නික්ම ගිය කළ එම අඩුව පුරවන්නේ කවුද?
ඔබතුමාට අජරාමර උතුම් වූ නිවන් සම්පත්තිය ලැබේවා...!!!
ඔබතුමාට උතුම්වූ නිවන් සුවය ප්‍රාර්ථනා කරමි..