අලව්ව මහරච්චිමුල්ලේ කම්හලකින් පණූවන් ගැසු අඹ හා පුස් සහිත දිවුල් යුෂ නිශ්පාදනය කළ බව කියන මිලාන් ෆුඩ් සප්ලයර්ස් කළමණාකාරිණි නිලුකා සංජීවනීට රුපියල් දොළොස්දහසක දඩ නියම කළ පොල්ගහවෙළ මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා බලපත්‍ර රහිතව කැර ගෙන ගිය කම්හල වසා දමන ලෙසද නියෝග කළේය.
පණුවන් ගැසු අඹ හා පුස් සහිත දිවුල්වලින් නිපද වු කිලෝ තිහක යුෂ ද අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
සේවකයන් 65 දෙනකු මෙහි සේවය කළ බවත් උසාවියේදී කියැවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු ලොකු අය ලොකු ලොකු ගැහිලි ගහනකොට සොක්කෝ බල්ලෝ මරල හරි මුදල් හම්බ කරන්නයි පෙලඹෙන්නේ. රටට ගිය කලක්. (නදී)
මුන් එල්ලුම් ගස් යවන්න ඕනේ මේ කරන අපරාදවලට.....(අ)
බලන්න ප්‍රමිතියකින් මේ ව්‍යාපාරය කලානම් ඇයටත් පිනක්. 65 දෙනෙකුගේ රැකියාවනුත් සුරක්ෂිතයි නේද?වැරැද්ද නිවැරදි කරගෙන නැවත පටන් ගන්න. යහපත් ගුණාත්මක දේ පාරිභෝගිකයන්ට සපයන්න. එවිට හොඳ ගමනක් යන්න පුළුවන් වේවි.(නදී)
මොවුන්ටම ඒ යුෂ පොවන්ඩ ඕනෑ.(නදී)
අධික වස විෂ යෙදු පලතුරු වලට වඩා පලතුරු වලින්ම හැදුනු පනුවන් සහ පුස් සහිත පලතුරු සෞඛ්‍යයට යහපත්. (නදී)
ඕස්ට්‍රෙලියාවේ ඉඳලා ලක්ෂ්මන් කියන කතාව හරි වටිනවා. අපේ පුරුද්ද බනින එක මිසක් වැරැද්ද නිවැරදි කරලා නිවැරදි මාර්ගය පෙන්නන එක නෙවෙයිනේ. ඇත්තටම වෙන්න ඕන මේ කම්හල ලියාපදිංචි කරලා රාජ්‍ය අදීක්ෂනය යටතේ හොඳම ප්‍රමිතියකට මේ ආයතනය පවත්වා ගෙන යන්න උදව් කරන එකයි. රැකියා ප්‍රශ්ණෙටත් හොඳ විසදුමක් ලැබෙනවා. රටේ නිෂ්පාදන වලටත් රට ඇතුලෙම ඉල්ලුමක් ඇතිවෙනවා.(නදී)
මේ අයට දෙන්න දඬුවම් අලුතින් හදන්න ඕනා.(නදී)
රටේ බඩු මිල ඉතා වැඩ්යි. මිනිස්සු වැරදි වැඩ කරලා හරි සල්ලී හම්බකරන්න හදන්නේ.(නදී)
සේවකයෝ 65ක් වැඩ කරගෙන ගිහින් තියෙන්නේ බලපත්‍ර නැතුවයි මෙච්චර කාලයක්. මෙතන වැරදි කියක් කඩලද? පාරිභෝගික සේවා අධිකාරියට වගකීමක් නැද්ද ආරම්භ කරද්දීම ලියා පදිංචිය හොයල බලන්න. ආයිත් හොද තත්වයෙන් නිෂ්පාදන කටයුතු ඉක්මනින් පටන් ගත්තොත් හොදයි අර සේවකයන්ගේ පැත්තෙනුත් හිතලා.(නදී)