(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකාව හරහා ගමන් පැවති පීඩන අවපාතය, අඩු පීඩන කලාපයක් බවට පත්වී ඊයේ (2) රාත්‍රියේ දිවයිනෙන් ඉවතට ගමන් කළ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව එහි බලපෑම අද (3) සිට අඩුවනු ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අද දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව කියයි. දකුණු පළාතේ උදෑසන කාලයේ ද වැසි ඇතිවන අතර, බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු අනතුරුවලින් ආරක්‍ෂාවීමට පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කර ඇත.