
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බෝරා උත්සවය පැවැත්වෙන කාල සීමාව තුළදී ඒ අවට ප්‍රදේශය තුළ සැරිසරමින් ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කළ පොඩි සහරාන් නමැති අනුවර්ත නාමයකින් පෙනි සිටින පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.
සැකකරු සන්තකයේ තිබූ ස්මාට් වර්ගයේ ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරු විසින් බම්බලපිටියේ දුම්රියපොළ හා බෝරා පල්ලිය ආවරණ පරිදි වීඩියෝ ගත කිරීමක් සිදුකර යම් අපරාධයක් සිදු කිරීමට පූර්ව උපාය යෙදීමට සැකපිට බෝරාපල්ලිය අසල දුම්රිය මාර්ගයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මහනුවර ශ්‍රීමත් කුඩාරක්වත්ත මාවත පදිංචි 27 හැවිරිදි සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත භාරදී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ආපහු සහරාන්ලා හැදෙන්න දෙන්න එපා...
ආයුධ පෙන්නන්න එක්කන් යන්න.