
(රංජිත් කරුණාවීර)
මිණිපේ, හසලක, කිණපැලැස්ස ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලකගේ වයස අවුරුද්දයි මාස අටක් වයසැති කුඩා දියණියක්, දරුවාගේ පොඩි සීයා පැදවු ලොරි රථයකට යටවී අවාසනාවන්ත ලෙස ඊයේ(28)වන දින සවස මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ සෙනුෂි සිහංසා නැමැති සිඟිත්තියකි. අද(29) දින උදෑසන මියගිය සිගිත්තියගේ මාතර පිහිටි මවගේ නිවසට යෑම සඳහා නිවසට ජලය රැගෙන යෑමට නිවසේ තිබූ ලොරි රථය පණගන්වාගෙන කඩපිලට යෑමට පිටත් වූ දරුවාගේ පොඩි සීයා පැඳවු ලොරි රථයට නිවස ඉදිරිපසදීම යටවී අවාසනාවන්ත ලෙස සෙනුෂි සිහංසා ජිවිතයෙන් සමුගෙන ඇත.
ලොරි රථයට යට වූ දියණිය නිවැසියන් විසින් කඩිනමින් රෝහල් ගත කෙරුණ ද, දියණියගේ ජිවිතය බේරාගැනිමට නොහැකි වී ඇත.
සිද්ධිය පිළිබද විමර්ශණ කටයුතු හසලක පොලිසිය විසින් සිදු කරනු ලැබ ඇති අතර, ලොරි රථය පැඳවු මියගිය සිගිත්තියගේ පොඩි සීයා අත් අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොසැලකිලිමත්කම සහ වගකීම් පැහැර හැරීම නිසා අපරාදේ අහිංසක ජීවිතයක් නැති වුණා... මොවුන් සෑමදෙනාටම උසාවියෙන් දැඩි දඬුවම් ලබාදිය යුතුයි
අනේ මෙහෙමත් සීයලා, ජොලි සීයා වගේ කෙනෙක් වෙන්න ඇති.