
(ටෝනි කරුණානායක)
පෑලියගොඩ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අද (25) අත්අඩංගුවට ගත් ‘පොඩිලැසි‘ගේ මව හෙට (26) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම හෙරොයින් ජාවාරම්කරුවෙකු වන ‘පොඩිලැසි‘ නැමැති සැකකරු හෙරොයින් ජාවාරම් කිරීමෙන් උපයාගත් මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පෑලියගොඩ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් ‘පොඩිලැසි‘ගේ මව අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.
රැඳවුම් නියෝග ලබා ගැනීම සඳහා සැකකාරියව නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත්වරයා නියෝග කළ බවත් රැඳවුම් නියෝගය සම්බන්ධයෙන් තීන්දුව අධිකරණයෙන් හෙට ලබා දීමට නියමිතව ඇති බවත් පෑලියගොඩ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැසී කියන්නෙම ඉතිං...