කොටි සංවිධානයට රාඩා ආයතනය හරහා මුදල් ලබාදුන්නාද නැද්ද යන්න සම්බන්ධයෙන් තමා සමග ප්‍රසිද්ධ සංවාදයකට පැමිණෙන්නැයි විදුලි බල හා බල ශක්ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට අද (9) ගිල්ෆ්‍රඩ් ටෙරස්හි පැවැති එක්සත් ජාතික පෙරමුණු මාධ්‍ය සාකච්ඡාවේදී අභියෝගයක් කළේය.
රාඩා ආයතනයේ ප්‍රධානීන්ව සිටි ටිරාන් අලස් හා එමිල්කාන්තන් හරහා කොටි සංවිධානයට ලක්ෂ 8000ක් මහින්ද රාජපක්ෂ මහතා භාණ්ඩාගාරයෙන් ලබාදුන් බවට සියලු තොරතුරු තමා සතුව ඇති බවත් රණවක මහතා පැවසීය.
එක්සත් ජාතික පෙරමුණු රජය යටතේ රට ෆෙඩරල් වන බවත්, රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය වන බවටත් නැගෙන චෝදනා අසත්‍ය බව කී ඔහු එවැනි අවදානමක් මතුවන්නේ සන්ධානය බලයට පත්වුවහොත් බවද ඔහු කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි දුන්නත් නැතත් යුද්ධය කොහොමහරි ඉවර කළානේ. (නි)
ඔබ නියම දේශප්‍රේමියක් නම් ඇයි දැන් මේවා කියන්නේ? ඉස්සරත් කියන්න තිබුනනේ. (නි)
අයියෝ චම්පික මහත්තයෝ, සල්ලි දුන්නා හෝ නැතා, දැන් යුද්ධය ඉවරකරලානේ තියෙන්නේ. (නි)
මහින්දට පුළුවන්ද මොනම මාතෘකාවක් ගැන හෝ සාධනීය විවාදයකට එන්න? ඔහුට පුළුවන් කුණුහරුප කියාගෙන බොරුවට ගිරිය කඩාගෙන කෑ ගහන්න විතරයි. ඔහුගේ සාමාන්‍ය කතාවක් වුනත් හරිම නීරසයි . කිසිම ඵලදායි දෙයක් ඔහුගේ කතාවල නැහැ. නිකම් හිස් වචන ගොඩක් පමණයි (බ)
ගිය සැරේ ෆොටෝ එඩිට් කරලා පෙන්නුවා,කේ පි .කොලම .මේ සැරේ වෙන මගුලක් ගෙනත් පේන්නද හදන්නේ (බ)
අනුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පෙන්වීමෙන් ඇති වැඩක් නැහැ චම්පික මහත්තයෝ. ශ්‍රී ලංකා එකේ ඉන්නතුරු මහින්දගේ දේවල් ගැන කතාකළා. අද? හරි කොටින්ට සල්ලි දුන්නා කියලා දැන් කියන එකේ ඕක රටට ඔච්චරටම ආදරයක් තිබුනා නම් කියන්න තිබුනේ එදානේ. (නි)
එතුමා අභියෝගය බාරගනීද? (නි)
ඔබතුමාට ඉතින් සමහර වෙලාවට කබරගොයා තලගොයා වෙනවානේ. මහින්ද සමඟත් ඇමතිකම් කරලා දැන් දෙපිටකාට්ටු කතා කියනවා.17දාට නියම දඬුවම දෙන්න ජාතියට ආදරයක් ඇති අය සිතන්න (නි)
එතුමාට වෙන වැඩක් නැහැනේ එයා එක්ක වාද කර කර ඉන්න එක ඇරෙන්න (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
උක්කුබණ්ඩා වගේ නුගත් අය ඇස් වහගෙන ඡන්දෙ දෙන නිසා තමයි මේවගේ ප්‍රශ්නවලට මුල (බ)
මටනම් ඇත්තටම මේවට හිනා යනවා (බ)
ඡන්ද කාලේ අපි පන්නන්න හදන කෙනෙක් මෙයා (බ)
මහින්ද මහතා මෙය බාරගනීද? (නි)
18 වෙනිදායින් පස්සේ බලමුකෝ වෙන දේ (නි)
අභියෝග කරලා වැඩක් නැහැ චම්පික මහත්තයෝ. එයා විවාදයට එන්නේ නැහැ. (නි)
දින 100 ට රටට මොනවද කළේ? (නි)
එහෙම සල්ලි දීලා හරි අන්තිමට ගේම ගැහුවනේ එතුමා. (නි)
මෙතුමාට ඡන්ද ව්‍යාපාරයට වියදම් කරන්න මෙච්චර සල්ලි කොහෙන්ද? (නි)
ඉතා කාලීන මාතෘකාවක්. මෙය ඇසීමට අපි නිදි නැතුව ඉන්නම්. (නි)
එකට ඉඳලා පාවාදෙන්න එපා (නි)
නියමයි.මොවුන්ගේ නියම දේශපාලන නිරුවත ජනතාවට තේරුම් කරලා දෙන්න හොඳම වෙලාව (නි)
ඔබතුමාට ඕන වෙන කොට කබරගොයා තලගොයා වෙනවා නේ. (බ)
සල්ලි දුන්නත් නැතත් ඡන්දෙ දෙන්නේ මහින්දට. (බ)
සල්ලි දීලා යුද්දය ඉවර කරන්න දැන් මොකද නැවැතත් (බ)
සල්ලි දුන්නද නැද්ද කියලා විවාද තියන්නේ මොකටද? අදාළ ආයතන වලට පරීක්ෂණ කරන්න දෙන්නකෝ (නි)
ඉතාම හොඳයි ඇමතිතුමනි, බොරු ජාත්‍යාලයක් පෙන්වමින් රට කන්නට නැවත බලය ඉල්ලන අයගේ කෙරුවාව සියලු තොරතුරු, සාක්කි සහිතව හෙලිකිරීම රටට ඉතා වැඩදායකයි. හැබැයි විදුලි පුටුවට යන්න සුදානම් අය ප්‍රසිද්ධ සංවාදවලට නොපැමිණ පැනලා දිවීම තමයි ප්‍රශ්නය. එහෙම නොඑන්නේ නම් ඒක පාර්ශ්විකව හෝ තොරතුරු හෙලිකිරීම රටට ජනතාවට කරන මහත් සේවයක්. මොකද තවමත් ජනතාවගෙන් සමහර පිරිසකගේ දෑස්වල පටලයක් බැඳිලා තිබෙන්නේ. (බ)
අපි හිතන දේවල් කරන්නෙ නෑ.අපිව මුලා කළා...මේ ආන්ඩුව පත් කළ එක ගැන ලැජ්ජ වෙනවා කියන්න ලෑස්ති වෙන්න නම් එපා චම්පික ,අපි දන්නවා (බ)
ඇයි ඕවා ඒ කාලේ කිවුවේ නැත්තේ? ඔබත් ඒ ඇමති මණ්ඩලේ හිටියා නේද? (නි)
තඹ දොයිතුවකට මායිම් කරන්න එපා. ඇට නැති දිවනේ.. (නි)
නරකද අර උතුරේ දේශපාලන වේදිකාවේ කියන ඒවාට උත්තර දුන්නා නම් (නි)
අනේ ඒකත් අර ලෙස්ටර් මාස්ටර්ගේ ෆොටෝ එක වගේම මගඩියක් වෙන්න ඇති (නි)
කමක් නැහැ. සල්ලි අරගෙන ප්‍රභා මැරුනනේ. අපිට ගැටළු නැහැ එතන. වෙන කතාවක් හොයාගන්න ඉකමනට (නි)
මොනවද මහත්තයෝ මේ කතා? (නි)
මහින්දගේ සල්ලි අරගෙනද ප්‍රභාකරන් මැරුනේ? (නි)
අනේ අම්මපා මෙහෙමත් දේවල්! (නි)
චම්පික මහත්තයෝ ,ඔය ටික කියන්න තිබුනේ මහින්ද ජනාධිපතිතුමාට ආවඩන දවස් වල.එහෙනම් විශ්වාස කරන්න තිබුනා. බොරුව වුණත් කියන්න ඕනෑ පිළිවෙලක් තියනවා. ඕවා හොඳයි කොණ්ඩය බැදපු චීනුන්ට.මහින්ද රාජපක්ෂ මහත්මයාට ජයවේවා! (නි)
මේ වගේ අය ගැන ලැජ්ජා වෙන්න ඕනෑ. ඔහු දන්නවා මොනතරම් කැපකිරීම් කරලද මේ යුද්ධය දිනුවේ කියලා. රට සංවර්ධනය කරලා ඉදිරියට ගෙනයන්නේ නැතුව බොරු විවාද. (නි)
මේ කියන කෙනාම ඡායාරූපයක් විකෘතිකොට බොරු කියා මාධ්‍ය සංදර්ශනයක් තියා වැඩේ එළිවුණා නේද? (නි)
අනේ මහත්තයෝ, අපි නොදන්නා ලයිව්! (නි)
නිකන් බොරු කියන්න එපා මහත්තයෝ (නි)
චම්පිකට මෙම මැතිවරණ සටන ආශිර්වාදයක්. (නි)
අනේ අපිට හොඳට මතකයි ඔය වගේ කතා ඉස්සරත් කියනවා. (නි)
හරි සල්ලි දුන්නමයි කියමුකෝ.....මහින්ද කොටින්ට සල්ලි දීලා කොටිය මේ රටෙන් අතුගාලා දැම්මා.හැබැයි ඔබතුමා ඔය දැන් ළංවෙලා ඉන්න කට්ටිය කොටින්ට සල්ලි විතරක් නෙමෙයි ආයුධත් දීලා කරගත් දේ මතකයි නේද? වෙනස නියමයි නේද? ජනවාරි 8 වෙනිදා අපි කළ වැරැද්ද මේපාර හදනවා. (නි)
පාඨලී කියන්නේ බොරුනම් ඔහුගේ අභියෝගය භාරගෙන ඔහු සමග වාදයකට ගොස් ඔහු පරදවා පෙන්වන්න.එහෙම නැත්නම් අඩුම තරමින් පාඨලීට විරුද්ධව නඩුවක් පවරන්න. මෙම ප්‍රශ්නයේදී මහින්ද නිහඬ පිළිවෙතක් ඉදිරිපත් අනුගමනය කළොත් ඔහු කොටින්ට මුදල් දුන් බවට පිළිගැනීමට අපට සිදුවේ (නි)
මේ විවාදයෙන් මහින්ද මහත්තයා කවදාවත්ම පැනලා යන එකක් නැහැ (නි)
බලමුකෝ සිද්ධවෙන දේ (නි)
ඔය වගේම මෙයා කාලයක් රනිල්ටත් අභි යෝග කළා. කන්න ඕනේ උනාම කබරගොයා තල ගොයා කරගන්න එපා (බ)