රජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ බලය සහ බලය පොතටද සම්මානයක් හිමිවිය.
වසරේ හොඳම සිංහල ස්වතන්ත්‍ර නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය මෙවර, සේන තෝරදෙණිය විසින් රචිත ‘බණ්ඩර මැරූ උන්‘ කෘතියට හිමි විය.
රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රගහලේ දී අද (20) පැවැත්විණි.
මෙම උළෙලේදී වසරේ හොදම දෙමළ ස්වතන්ත්‍ර නවකතාවට හිමි සම්මානය එන්.පී අරුලානන්තම් මහතා විසින් රචිත ‘එන්ත වන්නතුගුල්‘ කෘතියට හිමි වූ අතර, හොඳම ඉංග්‍රීසි නවකතාවට හිමි සම්මානය ඒ.ආර් ජයතිලක මහතා විසින් රචිත ‘නයිට්ස් ඔෆ් ඔලිම්පස්‘ කෘතියට හිමි විය.
ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන ‘සාහිත්‍ය රත්න‘ සම්මානය මහාචාර්ය ජේ.බී දිසානායක, ආචාර්ය මුල්ලෙයාමනි සහ කපිතාන් එල්මෝ ජයවර්ධන මහත්වරුන්ට හිමි විය. එල්මෝ ජයවර්ධන මහතා රචනා කළ ‘සෑම්ස් ස්ටෝරි‘ ජනප්‍රිය කෘතියක් විය.
මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාටද මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මානයක් හිමි වූ අතර ඒ මහතා විසින් රචනා කළ ‘බලය සහ බලය‘ කෘතියට ‘විවිධ විෂයක කෘති‘ තේමාව යටතේ පිරිනැමෙන රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිවිය.
හොදම ස්වතන්ත්‍ර සිංහල කෙටි කතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය මෙවර පියල් කාරියවසම් මහතා විසින් රචිත ‘කුරිරු සුරංගනා කතාවක්‘ කෘතියට හිමිවූ අතර හොදම සිංහල ස්වතන්ත්‍ර පද්‍ය කෘතිය ලෙස කෘති දෙකකට සම්මානය හිමි විය. ටිම්රාන් කීර්ති විසින් රචිත ‘යන්නං චන්දරේ‘ සහ විමල් දිසානායක මහතා විසින් ‘මනෝ රූප ශතකය සහ වෙනත් කවි‘ එම කෘති දෙකය.
හොදම ශාස්ත්‍රීය හා පර්යේෂණ කෘතියට ලෙස මෙවර සම්මාන හිමි වූයේ ටී.ජී කුලතුංග මහතා රචනා කළ ‘පුරාණ අභයගිරි විහාරය‘ කෘතිය හා සිරිමල් රණවැල්ල මහතා රචනා කළ‘පුරාතන ශ්‍රීලංකාවේ ආර්ථීක ඉතිහාසය‘ කෘතියට ය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. ජයවේවා! (නි)
මට නම් ලැජ්ජයි අපේ සමහර දේශපාලකයන්ගේ සමහර වැඩ වලට (නි)
දිලිප්ෙග් අදහෙසින් දැනුෙන් ෙපෟද්ගලිව පාඩුෙවලා වෙගයි (අ)
හොඳ දේ අපි අගය කරන්න ඕනෑ (නි)
මෙම පොත කියවා බලාම අදහස් දක්වන්න (නි)
හැබැයි අර ෆොටෝ ෂොප් සිද්ධියත් අපිට තවම මතකයි (නි)
සුබ පතනවා (නි)
රාජ්‍ය සාහිත්‍ය සහ ජනතා සාහිත්‍ය අතර වෙනස (රේ)
මෙතුමා විවිධ ක්ෂේත්‍ර වලට දක්ෂයි වගේ (නි)
දිලිප් වික්‍රමරත්න මහතා හරි. (නි)
සන්තෝෂයි (නි)
විවිධ කෘති වලට වෙනදාට සම්මාන දීල තියනවද ? දන්නේ නැති හින්දයි අහන්නේ ...!! (ම)
ඔබට මාගේ සුබපැතුම්.! (ර)
රාජ්‍යය සාහිත්‍යය ප්‍රධානෝත්සවය ගැන සෑම වසරකම විවේචන ඇතිවන බැවින් දැන්ම අදහස් පළ කිරීම සුදුසු නැත. කෙසේ වෙතත් සම්මානයට පාත්‍ර වූ පොත් කියවා අවසන් නැත, පාටලී ඇමතිතුමා ගේ පොත් සුවිශේෂී කරුණු දැක්විම්වලින් යුත් නිසා සම්මානයක් ලැබීම යහපත් වෙයි. (ම)
ඔබට මාගේ සුබ පැතුම්.! (ර)
අපි වෙනුවෙන් අපි (බ)
මෙතුමා යහපාලනය ගැන කතා කර සාහිත්‍ය රසයෙන් පහුගිය ඡන්දෙ කාලය තුල. (බ)
එල්මෝ ජයවර්ධන මහතා විසින් ලියා ඇති සාහිත්‍ය කෘති මොනවාද ? (බ)
ඒගොල්ලෝම පොත් ලියනවා ඒගොල්ලම සම්මාන ගන්නවා.(අ)
සුබ පැතුම්! (නි)
අලා පාළු ආර්ථීකය සහ මෙගා ඩීල් කෘතියට මොනවත් ලැබුනේ නැතැයි ? අපරාදේ ... හොදම ප්‍රබන්ද කෘතිය හරි , හොදම (අ )විද්‍යා ප්‍රබන්දය යන සම්මාන දෙකෙන් එකක් දෙන්න තිබ්බේ . සිංහලයන්ගේ මහා නායකයා වෙන්න පෙරුම් පුරපු ,මිනිහට උන වැඩේ .දැන් ඒක්සත් ජාතික පක්ෂෙය් ඇට්ට්ටැබි රාළ වැඩේ කරන්න වෙලා තියෙන්නේ (අ)