
(ෂේන් සෙනෙවිරත්න)
එක්සත් ජනරජ පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් එළඹෙන මැයි මස 22 වැනි දින ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඒ බව දැනුම් දෙමින් එහි ප්‍රතිපත්ති ප්‍රකාශනය මල්වතු මහා නා හිමියන්ට පිළිගැන්වීමද ඒ මහතා අතින් සිදු කෙරුණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඇතුළු කණ්ඩායමක් අද පෙරවරුවේ මල්වතු මහා විහාරයට පැමිණ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහනායක හිමියන් බැහැදැක උන්වහන්සේගේ ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව ඒ බව දැනුම් දුන්නේය.
එහිදී මහා නායක හිමියන් හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසා සිටියේ සම්ප්‍රදායික දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් මේ රටේ ජනතාවට කළකිරීමක් ඇතිව බවත්ය . එම සාම්ප්‍රදායික දේශපාලනය ගැන කලකිරී ඇති මේ රටේ උගතුන් වියතුන් රට හැර යන තත්වයට පත්ව තිබෙන බවද පැවසීය.
බංකොලොත් භාවයට පත් වූ ඇතැම් රටවල් වසර දෙකක් තුනක් වැනි කාලයකදී නැවත යථා තත්වයට පත්වූ අවස්ථා තිබුණත් ඇතැම් රටවල් නැවත යථා තත්වයට පත්වීමට දශක ගණනාවක් ගත වූ බවත් එසේ කෙටි කාලයක් තුළදී රට නැවත යථා තත්ත්වයට පත්වීමට අවශ්‍ය ක්‍රමවේදය සකස් කිරීමට රටේ එකමුතු භාවයත් වැඩ කළ හැකි පළපුරුද්ද ඇති සබුද්ධික වෘත්තීයවේදීන් අතට මේ රට පත් විය යුතු බවද පැවසීය.
මෙරට රාජ්‍ය බැංකු සහ පෞද්ගලික බැංකු ඔවුන්ගේ තැන්පත් මුදල් වලින් 50% කට ආසන්න ප්‍රමාණයක් රජයට ණය වශයෙන් ලබාදී තිබෙන බවත් එම මුදල් ආපසු ගෙවීමට නොහැකි තත්වයක් ඉදිරියේ දී රජයට ඇති විය හැකි බව ද පැවසීය . එසේම මෙරට වැඩ කරන ජනතාවගේ අර්ථ සාධක අරමුදල් ද රජයට ණය වශයෙන් ලබාදී තිබෙන බවද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට බංකොළොත් වෙලා වගේම මොන පක්ෂෙන් ආවත් ඒ එන කට්ටියත් බංකොලොත් වෙලා නේ....
ඉතින් ඔයාත් සාම්ප්‍රදායික දේශපාලකයක් තමයි. රිය අනතුරක් සිදුකළ බවට දැනට නඩුවකුත් විභාග වෙනවා.
කිරෙන් බැද්දත්, තෙලෙන් බැද්දත් කොබෙයියා කොබෙයියාමයි. කැලේ මාරුවුණාට පුල්ලි මාරු වුණෙත් නෑ...
මේ මල විගඩම්...
සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් නොව මේ රටේ ජනතාවට වර්තමානයේ සිටිනා බහුතරයක් දේශපාලකයින් පිළිබඳව කළකිරීමක් ඇත. මේ චම්පිකගේ කීවෙනි පක්ෂයද? 43 වැනි සේනාංකයට මොකද වුනේ...?
මෙයා සල්ලාලයෙක්.., මෙයාට මොන පක්ෂයක්ද, ගෙදර ගිහින් පොරවාගෙන නිදාගන්නවා මිසක්, මොවුන් ඔක්කොම ඉන්නේ ජනාධිපති, අගමැති සිහිනවල...
මොකෙන් ආවත් පාඨලී පාඨලීම තමයි. මෑන් අර ළමයෙක් හප්පා සදාකාලික අබ්බගාතයෙක් කරපු නඩුවට මොකද වුනේ...? මිනිහා කව්ද කියලා අපි ඒ සිද්ධියෙන් දැනගත්තා...
වැඩක් කරන්න පුළුවන් දැනුමක් හා උගත්කමක් ඇති කෙනෙක් . නමුත් ලොකු ඉගෝ එකක් තියෙන නිසා කණ්ඩායමක් ලෙස වැඩකරන්න බැහැ . එනිසාම අර ෆොන්සේකා වගේම දේශපාලන කුණු බක්කියට වැටෙන තවත් කෙනෙක් . පක්ෂ මාරුකරපු වාරගණන මෙයාටත් මතක නැතිව ඇති.
මෙම පක්ෂයේ නම එක්සත් ඡනපද පෙරමුණ යනුවෙන් සංශෝධනය විය යුතුයි;
එක්සත් පුක ජන පෙරමුණ