නීති විරෝදී ලෙස ඕස්ට්‍රේලියාව බලා ගිය තවත් ශ්‍රී ලාංකිකයෝ 15 දෙනෙක් එරටින් පිටුවහල් කරනු ලැබ එරට රජයේ විශේෂ ගුවන් යානයකින් මෙරටට ගෙන එනු ලැබුහ.
මොවුහු වයස අවුරුදු 29, 33, 40 වියේ පසුවන උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි පදිංචිකරුවෝ වෙති.
මින් එක් අයෙක් ගුවන් මගින් සිංගප්පුරුව හරහා මැලේෂියාවට ගොස් ඕස්ට්‍රේලියාව බලා ගොස් ඇති අතර සෙස්සෝ මුහුදු මගින් බෝට්ටුවලින් ඕස්ට්‍රේලියාවට ගිය අයවලුන් වෙති.
ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට එරට ආගමන විගමන නිලධරයින් විසින් ඊයේ සවස මෙරටට ගෙන එනු ලැබු මෙම පිරිස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ගුවන්තොටුපොළ ආගමන විගමන අංශයට බාර දෙනු ලැබීය.
ඉන් අනතුරුව ආගමන විගමන නිලධාරීන්ගේ මුලික විමර්ශණ වලින් අනතුරුව මෙම පිරිස රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකය වෙත බාර දෙනු ලැබු අතර පසුව අපරාධ පරීන්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙනු ලැබී්‍ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුලික විමර්ශණ වලින් අනතුරුව මෙම පිරිස අද මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයට බාර දීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හරියට ඕස්ට්‍රේලියා සංචාරයකට දින කිහිපයකට ගිහින් එනවා වාගේ. බෝට්ටුවෙන් ගොස් ගුවනින් එන එකත් නරකම නැහැ (නි)
විසා තිබිලත් අපට යන්න හිතක් නැ (ම)
මෙහෙ එපා වෙලා ගියා නම් මෙහෙනුත් කොහෙටහරි පිටුවහල් කරන්නයි තියෙන්නේ (නි)