නීතිපති, ජනාධිපති නීතීඥ යුවන්ජන් ජයතිලක මහතා ලබන ජනවාරි 10 වැනිදා සිය ධූරයෙන් විශ‍්‍රාම ගැනීමත් සමඟ පුරප්පාඩු වන එම ධූරය සඳහා වෙනත් අයෙකු පත් කිරීම තියුණු මුහුණුවරක් ගෙන ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

නව නීතපතිවරයා ලෙස නීතීපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුගේ හා මෙරට සිටින ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකුගේ නම් දැනටමත් යෝජනා වීමත් සමඟ මෙය තියුණු මුහුණවරක් ගෙන  ඇතැයිද එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මීළඟ නීතිපතිවරයා ලෙස නම් යෝජනා වී ඇති නම් අතර  නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් , අතිරේක සොලිසිටර් ජනරාල්වරුන් වන ජයන්ත ජයසූරිය,කපිල වෛද්‍යරත්න යන මහත්වරුන් සහ ජ්‍යෙෂ්ඨ නීතීඥ නලින් ලද්¥වහෙට්ටි යන මහත්වරු වෙති.