IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පෙට්‍රල් ලීටරයක් 30 කින් උස්සයි

(යොහාන් භාසුර)

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 30 කින් ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව අද (1) රාත්‍රී නිවේදනය කළේය.

ඒ අනුව රුපියල් 370 ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 400 ක් බවට පත්වන බවද ඛනිජ තෙල් සංස්ථාව පැවසීය.

සෙසු ඉන්ධනවල මිල නොවෙනස්ව පවතින බවද ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (6)

පෙට්‍රල් ලීටරයක් 30 කින් උස්සයි

ranjith Thursday, 02 February 2023 03:52 AM

ජනතාවගෙන් පලි ගැනිල්ලේ ඉවරයක් නෑ .මේ දුෂ්ට පාලකයෝ

:       0       7

de silva Thursday, 02 February 2023 06:36 AM

මේක අමුතුම මිල සුත්‍රයක් .ලෝක වෙළඳපලේ පෙට්‍රල් මිල බහිනකොට මෙහෙ නගිනවා .මේ දුරධාන්ත ආණ්ඩුව පලවා හරින්න කටයුතු කරමු

:       0       6

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 02 February 2023 08:45 AM

ඉන්ධන මිල ඉහළ ගිය විට තම මිල ඉහළ දමන ත්‍රීවීලර් කරුවන් හා බස් කරුවන් මිල පහළ ගිය විට ඒ වාසිය ජනතාවට ලබා දෙන්නේ නැහැ. පෙට්‍රල් ලීටර් භාගයකින් බොහෝ වෙලා වැඩකල හැකි තණකොළ කපන මැෂින් කරුවන් දැන් පැයට රුපියල් 1000 ක අසාධාරණ ගාස්තුවක් අය කළත් ඒ ගැන සොයා බැලීමට කිසිවෙකු හෝ නැත.

:       0       7

ජගත් ලියනගේ Thursday, 02 February 2023 11:00 AM

ඒ උනාට කමක් නැහැ. නිදහස් උත්සවය අභිමානවත්ව පවත්වනවා. නේද?

:       0       4

බද්රානි Thursday, 02 February 2023 02:49 PM

හූ..හූ.. මතකද, ඒ කාලේ රුපියල් එකසිය ගණන් වලට පෙට්‍රල් ගහගෙන යනකොට, "අපිට ජීවත් වෙන්න ඒකීය රටක්" ඕනා උනා. ඉතින් දැන් මේ තියෙන්නේ ෂෝක් රටක්. මංගල සමරවීර මහත්මයා ගෙනා මිල සුත්‍රයට එරෙහිව මෝඩ මිනිසුන් මොන තරම් මොර දුන්නාද? මම නම් කියන්නේ පෙට්‍රල්, ඩීසල් මිල තව දෙතුන් ගුණයකින් වැඩි කල යුතුයි. ලංකාවේ මිනිස්සුන්ට වාහන පදවන්න දන්නේ නැහැ. මහපාර තුල ආත්මාර්ථකාමිත්වය පිරිලා. වාහනයක සිග්නල් ලයිට් භාවිතා කරන්නේම නැහැ. එකිනෙකාව පරයා යමින්, කුලප්පු වූ මුර්ගයින් ලෙස හැසිරෙන තත්වයක් තමයි දකින්නට ලැබෙන්නේ. විශේෂයෙන් දකුණු අධිවේගයේ ගමන් කරන රියදුරන් දැක්කාම එහි තත්වය ඉතාම දරුණුයි. තිරික්කලේ බැඳපු ගොන්නු ඊට වඩා සංවරව මහා මාර්ගයේ ගමන් කරනවා කියල තමයි මට නම් හිතෙන්නේ.

:       0       3

fairoos Thursday, 02 February 2023 05:08 PM

මේ කාලකණ්ණි ආණ්ඩුව තොලොංචිවෙලා ගිය දවසට තමයි රටට සෙත...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site