(යොහාන් භාසුර)
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2 කින් අඩු කළ බවත් එම පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 309 ක් බවත් ලංකා කනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
මෙම මිල සංශෝධනය අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව එම සංස්ථාව පැවසීය.
ලංකා සුදු ඩිසල් ලීටරයක මිල රුපියල් 3 කින් ඉහළ දැමූ බවත් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 286 ක් ද, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ දැමූ බවත් භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 188 ක් ද, වන බවත් එම සංස්ථාව සඳහන් කළේය.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල තවදුරටත් රුපියල් 371 ක සහ සුපිරි ඩීසල් ලීටරයක මිල තවදුරටත් රුපියල් 313 ක පවතින බවත් එම සංස්ථාව කීය.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පෙට්‍රල් රුපියල් 2 කින් අඩුකරයි
Kumasaru Sunday, 01 December 2024 01:57 AM
කියනකොට එහෙමයි... කරනකොට මෙහෙමයි... ජයවේවා...!
Nirmalan Sunday, 01 December 2024 06:21 AM
තෙල්වලට බදු ගහලාද, බදු වලට තෙල් ගහලාද කියලා අහන්න එකෙක් නෑනේ. තුනෙන් දෙකකුත් දීලා තෙල් මිල අඩු වෙනකන් බලන් හිටපු හැට අට ලක්ශයක ගොන් හැත්තට අපගේ ගෞරවනීය ප්‍රණාමය...!
ඒ වුනාට අපි .... Sunday, 01 December 2024 06:31 AM
හෝදපල්ලා හෝදපල්ලා, දැන් ඇවිත් කියපල්ලා බජට් එක ගේනකන් අඩු කරන්න බෑ කියලා. ඊට පස්සේ පුංචි ඡන්දෙත් දිනලා ඉවර වෙලාම වැඩි කරපල්ලා. අවුරුදු 5ම ඔච්චර තමයි.
primeshika Sunday, 01 December 2024 08:49 AM
හිටපු ඇමැති කාංචන ඉස්සර ලීටරයකින් ගන්නවා කීව රු 160ක කොමිස් එක දැන් කාගේ ගිණුමටද දන්නෑ දැන් යන්නේ...?
pj Sunday, 01 December 2024 09:13 AM
මහ මෙරක් තටමා හූණු බිජ්ජක් වදා ඇත.
Toni Monday, 02 December 2024 10:09 AM
මෙවැනි දැවැන්ත සහනයක් ලබාදුන් සහෝදරවරුන්ට මගේ හදපිරි මෙව්වා එක...