IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පිටරට ගිණුම්වලින් මුදල් අදින කණ්ඩායක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වැල්ලවත්ත හැව්ලොක් පාරේ සුපිරි නිවාස සංකීර්ණයක රැඳී සිටිමින් අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරීමේ යෙදී සිටි සංවිධානාත්මක කණ්ඩායමකට අයත් පුද්ගලයන් 58 දෙනකු අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

එම සැකකරුවන් සහ සැකකාරියන් අතර එහි අධ්‍යක්ෂකවරියක් බව කියන කොළඹ 07 පදිංචි 52 හැවිරිදි කාන්තාවක හා කළමනාකරුවකු ලෙස කටයුතු කළ රාගම පදිංචි 40 හැවිරිදි පුද්ගලයකුද වන බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්  ශ්‍රී ලාංකිකයන් බව පොලිසිය කියයි.

අධිකරණය හරහා ලබා ගත් සෝදිසි වරෙන්තුවක් අනුව එම වැටලීම සිදුකරඇත.

එම නිවාස සංකීර්ණයේ නිවසක රැදි සිටිමින් නීති විරෝධී අයුරින් කණ්ඩායමක් අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

කොරියන් ජාතිකයකුගෙන් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පැමිණිල්ල සිදුකර තිබිණි.

විදේශීය රටක සිට මෙම ජාවාරම මෙහෙයවන බවත් විදේශික පුද්ගලයන් ඉලක්ක කර එහි ප්‍රධාන කඳවුර ලෙස හැව්ලොක් පාරේ සුඛෝභෝගී නිවාස සංකීර්ණයේ මෙම නිවස පවත්වාගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණයවී ඇත.



අදහස් (0)

පිටරට ගිණුම්වලින් මුදල් අදින කණ්ඩායක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site