IMG-LOGO

පිටිපන කිරුම් මිනුම් පර්යේෂණ ආයතනයට ලෙඩක්

රුපියල් කෝටි 200 ක් වැයකර 2015 දී හෝමාගම පිටිපන ඉදි කළ දකුණු ආසියාවේ විශාලතම කිරුම් මිනුම් පර්යේෂණ ආයතනයේ ජාතික මිනුම්

විද්‍යාගාරය විස රසායන සහිත වායුවක් පැතිරීම හේතුවෙන්  මාස තුනක පමණ කාලයක සිට වසා දමා ඇතැයි එහි සේවකයෝ කියති.

මිනුම් ඒකක හා ප්‍රමිති සේවා දෙපාර්මේන්තුවට අයත් මෙහි පරීක්ෂණාගාර 60 කින් සමන්විත ජාතික මිනුම් විද්‍යාගාරය මෙලෙස වසා දමා ඇති අතර මෙහි විස හේතුවෙන් සේවයේ නිරත තමන්ට ස්වසන ආබාධ, හිසරදය, උගුරේ ආබාධ නිරන්තරයෙන් කඳුළු ගැලීම ආදි රෝග පීඩා රැසක් හට ගෙන ඇතැයි  එහි සේවක පිරිස සැප්තැම්බර්  21 වැනිදා ලිපියක් මගින් ආයතනයේ අධ්‍යක්ෂකවරයාට දැනුම් දී ඇත.

තම ශරීරවලට මෙම විෂ රසායනික පිළිකා කාරක ඇතුළු වී ඇද්දැයි සොයා බැලීමට විශේෂ වෛද්‍ය පරීක්ෂණයක් කිරීම සහ වෛද්‍ය රක්ෂණාවරණයක් ලබා දෙන ලෙසද ඔවුහු ඉල්ලා සිටිති.

පර්යේෂණාගාරයෙහි යම් පිළිකා කාරකයක් ඇත්නම් එය වර්ධනය වී පිටතට පැතිර ගියොත් මහා ව්‍යසනයක් වීමට ඉඩ ඇති බැවින් වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙසද ඔවුහු ඉල්ලා සිටිති.

මේ සම්බන්ධයෙන් මිනුම් ඒකක හා ප‍්‍රමිති සේවා දෙපාර්මේන්තුවේ අධ්‍යක්ෂ කේ. පේ‍්‍රමසිරි කුමාර මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසූයේ එම

පර්යේෂණාගාරයේ යම් කිසි රසායනිකයක් පැතිරීම හේතුවෙන් ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කර වාර්තාවක් ලැබෙන තුරු කෙටි කලකට වසා දමා තිබෙන බව

සත්‍යයක් නමුත් එහි පිළිකා කාරකයක් පැතිරෙනවාද යන්න තවම සනාථ වී නැති බවයි.

ඒ පිළිබඳ අමාත්‍යාශයේ ඉහළ නිලධාරීන්ගේ අවධානය යොමුකර පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවත් ඔහු සඳහන් කළේය.

 



අදහස් (0)

පිටිපන කිරුම් මිනුම් පර්යේෂණ ආයතනයට ලෙඩක්

වසන්ත රාජපක්ෂ Wednesday, 12 October 2016 09:01 AM

මෙම ආයතනයත් පෞද්ගලිකකරණ පෙර හුරුවක් වගේ.(බ)

:       0       0

රූපසිංහ Sunday, 30 October 2016 05:50 AM

මිනුම් ඒකක හා සේවා දෙපාර්තමේන්තුවේ හොරුටික ගෙදර යවමු ලංකාව පුරාම පගාව අරගෙන හොර තරාදි සීල් කරනවා මේවා කරනකම් ඇමති නිදිද (බ)

:       0       0

ශාන් Wednesday, 12 October 2016 09:33 AM

විස රසායනය ඇත්තේ විද්‍යාගාරයේ නෙමෙයි. හොරා කන ලැජ්ජානැති කිරුම් මිනුම් පරීක්ෂක විස රසායනය ලංකාව පුරාම පැතිරිලා දැන් ගොඩක් කල්. (අ)

:       0       0

බණ්ඩාර Sunday, 16 October 2016 02:42 AM

මිනුම් ඒකක හා සේවා දෙපාර්තමේන්තුවේ හොරුටික ගෙදර යවමු ලංකාව පුරාම පගාව අරගෙන හොර තරාදි සීල් කරනවා මේවා කරන කම්ඇ මති නිදිද (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 72 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 226 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 567 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site