IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පට්ටිපොළ සිට ඔහියට

2016-03-07-ent-66

2016-03-07-ent-71දුම්රියේ සංචාරය

ශ්‍රී ලංකාවේ උසම ස්ථානයක පිහිටා තිබෙන දුම්රිය ස්ථානය ලෙස පට්ටිපොළ නම් දරා තිබෙනවා. එය පිහිටා තිබෙන්නේ මීටර් 1891 ක උසකින්. කෙසේ වෙතත් ලංකාවේ දුම්රිය මාර්ගයේ උසම ස්ථානය පට්ටිපොළ දුම්රිය ස්ථානයට මදක් නුදුරෙන් පිහිටා තිබෙන අතර, එහි උස මීටර් 1898 ක්. ඔහිය යනු ලංකාවේ උසින් තෙවැනි ස්ථානයේ තිබෙන දුම්රිය ස්ථානයයි. එහි උස මීටර් 1774ක්.

පට්ටිපොළ දුම්රිය ස්ථානය හෝටන්තැන්නටද පිවිසුමක් වන නිසා ඒ ප්‍රදේශයට ආවේණික ශාක හා සතුන් පට්ටිපොළ අවටද දැකිය හැකියි. ඒ අතරින් හැලි වඳුරා ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා. ඊට අමතරව සමනලුන් හා කුරුල්ලන්ද දැකගත හැකි අතර, ඇතැම් අවස්ථාවලදී දිවියන්ගේ කෑගැසීම්වලටද සවන්දිය හැකිවෙනවා.

උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල හා බණ්ඩාරවෙල වෙත ගමන්ගන්නා සියලුම දුම්රිය පට්ටිපොළ දුම්රිය ස්ථානයේදී අනිවාර්යයෙන්ම නවත්වනවා. කුඩා දුම්රිය ස්ථානයක් වුවත් මෙහි මගීන්ගෙන් නම් අඩුවක් නැහැ.

මෙම කෙටි ගමනේදී හමුවන තවත් වැදගත් ස්ථානයක් වන්නේ අංක 18 දුම්රිය උමං මාර්ගයයි. එය උඩරට දුම්රිය මාර්ගයේ දිගින් තෙවැනි ස්ථානය ගන්නා දුම්රිය උමං මාර්ගයද වෙයි. 1951 වසරේදී මෙය නාය යාමකට ලක්වන අතර, නැවතත් 1981 වසරේදී සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. මධ්‍යම හා ඌව පළාත යා කරන මෙම උමං මාර්ගයෙන් ගමන් කරන අයෙකුට කාලගුණයේ වෙනස්වීම හොඳින්ම අවබෝධ කරගත හැකියි.

දුම්රිය මාර්ගයක් දිගේ පයින් ගමන් කිරීම Rail Hike ලෙස හඳුන්වන අතර, පට්ටිපොළ සිට ඔහියේ සුන්දරත්වය නැරඹීම සඳහා සුදුසුම වේලාව උදෑසනයි. කොළඹ කොටුවෙන් රාත්‍රී 8.00ට පිටත්වන බදුල්ල රාත්‍රී දුම්රියෙන් ගමන් ආරම්භ කරන ඔබට අලුයම 4-5 වන විට පට්ටිපොළ වෙත ළඟාවිය හැකියි.

 

චානක චන්ද්‍රසේකර / ඡායාරූප - දර්ශන ජූලියන්


go

2016-03-07-ent-67-new
2016-03-07-ent-68

2016-03-07-ent-69
2016-03-07-ent-70
2016-03-07-ent-72
 

 



අදහස් (0)

පට්ටිපොළ සිට ඔහියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 642 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site