පිටකොටුව බෝධිය අසල අද රාත්‍රී 7.30 ට පමණ ඇති වු ගින්නක් රෙදිකඩ තිහකට අධික සංඛ්‍යාවකට පැතිර ඇතැයිද එය නිවිම සදහා ව කොළඹ නාගරික ගිනි නිවන අංශය එහි ගොස් ඇතැයි පිටකොටුව පොලීසිය කියයි.
අද 8.30 වන විටත් ගින්න නිවීමට හැකි වී නොමැත.ගින්නෙන් කිසිවකුටත් හානියක් සිදු වු බවද දැනගන්නට නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දුක තමයි
අනේ පව්...හදා ගෙන තිබුන කැදලි ගිනි ගත්තම ගෙවල් වල පොඩි උන් කන්නේ?බොන්නේ?....නගර සභාවේ නොසැලකිල්ල තමයි....කාටත් සහන සලසන්න.(නදී)
පොඩි මිනිස්සුන්ටමනේ වෙන්නේ.....(සුමංගල ඇල්පිටිය) හැමදේටම දේශපාලනය ගාව ගන්න එපා.(නදී)
"බෝධිය ළඟ" " "පොල්තෙල් පහනක්" ...ගින්නට තව මොන මොන හේතු එක් වෙයිද දන්නේ නැහැ. නගර අලංකාරයේදී ඉදිරියේදී ඉවත් වෙන්නේ රදී කඩ විතරක් නොවෙන බව අද දවසේ අනාවැකියක ට මට ඉඩ දෙන්න. "දෙවියන්ට හොඳ නම් යකාටත් මොකද" කිව්වලු. (නදී)
අග නගරේ , 7.30 ට 30ක් පිච්චුනා. ආශ්චර්යක මහත. විපත ගැන කණගාටුයි.(නදී)
පිටකොටුවේ බෝධිය අසල වැඩිහරියක්ම තියෙන්නේ අටවා ගත් කඩවල්. ඒවා ඉතින් ගිනිගන්නා සුළුයි. ඒත් සමහරවිට කඩාකප්පල් කාරීන්ගේ වැඩක් වෙන්නත් පුළුවන්. (නදී)
අල්විස් මහත්තයා,මම ස්වාධීනව නොයෙක් කෝණ වලින් බලනවා මිස දේශපාලන පක්ෂයක් නැහැ. හොඳ දේ අගයනවා වගේම පළ කරනවා නම් වැරදි දේවල් විවේචනයත් කරනවා. ටිකක් හිතන්න. ගිනි නිවීම් ඒකක විතරක් නොව සියලු පහසුකම් ඇති අග නගරෙත් ඔහොම නම්, පිටිසර නගරයක ඔවැනි ගින්නක් ඇති වුණා නම් ........? (නි)
පුදුමයි එත් ඇත්තයි,ඔය ගින්න රජයේ ලේඛනාගාරයේ හෝ අමාත්‍යංශයකට විගණක අංශයකකට නොගිය එක ගැන (අ)
කිසිම කණගාටුවක් නෑ! (නදී)