IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පෝට් සිටි මුහුදේ අතුරුදන් වූ සරසවි සිසුවාගේ සිරුර හමුවෙයි

(තිලකරත්න දිසානායක)

කොළඹ වරාය නගර පරිශ්‍රයේ පරීක්ෂණයක නිරතව සිටි කොළඹ විශ්වවිද්‍යාලයෙහි වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන  සිසුවෙකු, ඊයේ (26) දහවල් දියේ ගිලී අතුරුදහන්ව ඇති අතර නාවික හමුදාව සහ ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් අද (27) පෙරවරුවේ එම සිසුවාගේ සිරුර සොයාගෙන ඇති බව පවුලේ ඥාතීහු පවසති.

මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගම්පහ,  අස්ගිරිය, බණ්ඩාරනායක මාවතෙහි පදිංචිව සිටි ජනිදු චමෝද් දෙනගල නමැති 24 හැවිරිදි තරුණයෙකි. 

කොළඹ විශ්වවිද්‍යාලයෙහි වෛද්‍ය පීඨයේ ජීව හනුක විද්‍යා විෂය ධාරාව යටතේ  තෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි මෙම සිසුවා එම පීඨයේ තවත් සිසුන් දෙදෙනෙකු සමග ඊයේ (26) දහවල්, වරාය නගර පරිශ්‍රයේ දියෙහි මුහුදු ශාඛ පරීක්ෂණයක නිරතව සිටියදී දියේ ගිලී අතුරුදහන්වී ඇති බවත් නාවික හමුදාව සහ ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් අද පෙරවරුවේ සිරුර සොයා ගෙන ඇති බවත් මියගිය තරුණයාගේ මවගේ සොහොයුරා වන චින්තක කුමාරසිංහ මහතා පැවසීය. 

දරුවන් දෙදෙනෙකු ගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවාව සිටි ජනිදු චමෝද්, ගම්පහ ගෝතමී විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලබා පසුව බණ්ඩාරනායක විදුහලෙන් උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාලයට ඇතුලත්ව ඇත. 

මියගිය තරුණයා සිය නිවසේ සිට ඊයේ උදෑසන 6 ට පමණ දුම්රියෙන් කොළඹට ගිය බවත් දහවල් මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන් බව දැනගන්නට ලැබුනු බවත් මවගේ සොහොයුරා වන චින්තක කුමාරසිංහ මහතා පැවසූ අතර ඉතා නිහඩ දිවියක් ගත කළ පුත්‍රයා , පාසල් කාලයේදී නව නිපැයුම් සදහා විශාල උනන්දුවකින් කටයුතු කළ බවද පැවසීය. 

මව, පියා සහ සොයුරිය අද සවස මරණ පරීක්ෂණ කටයුතු සහ දේහය බාර ගැනිම සඳහා කොළඹට ගොස් සිටි අතර මව කඩුවෙල අධිකරණයේ සේවය කරන නිලධාරිනියක බවත් පියා යුද හමුදාවේ නිලධාරියෙකු ලෙස කටයුතු කොට විශ්‍රාම ලබා සිටින බවත් කුමාරසිංහ මහතා කීය.

මියගිය ජනිදු චමෝද් ගේ දේහය අද රාත්‍රියේ නිවසට රැගෙන ඒමට නියමිතය. 



අදහස් (2)

පෝට් සිටි මුහුදේ අතුරුදන් වූ සරසවි සිසුවාගේ සිරුර හමුවෙයි

ජයනාත් Friday, 27 June 2025 08:03 PM

අතිශයින් කණගාටුදායක පුවතක්.

:       0       3

FAIROOS Saturday, 28 June 2025 12:39 PM

ඉතාම කණගාටුයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 103 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site