පිටි කන්ටේනරයක දමා ගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් අලි පැටවා මාතලේ උකුවෙල සඟවා තැබීමට ගෙන එන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
අලි පැටවාගේ අයිතිය තහවුරු කිරීමට කිසිම ලියවිල්ලක් නොවූ බව ද පොලිසිය පවසයි.
මේ සිද්ධියට මහනුවර දේශපාලනඥයකුගේ සම්බන්ධයක් ඇතැයි සැකකරුවන් පොලිසියට පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා සාමාන්‍ය මිනිහෙකුට කරන්න පුළුවන් වැඩ නෙමෙයිනේ.තේරෙන්නේ නැද්ද.(අ)
වැඩේ හම්බන්තොටත් අලි 2ක් හිටියලු කාගේද මන්දා. මහත්වරුනි මේවා බොහොම වැරදි වැඩ. ජනාධිපතිතුමනි සමාවක් නම් දෙන්ඩ එපා මේ අලි හොරාට.(අ)
අද මේ රටේ වෙන ජරා පාදඩ කම් වැඩිම හරියක් සිදු වන්නේ දේශපාලන කෙරුම්කාර කම ඇති පාදඩ හොර තක්කඩියන් අතින්. මේ අයට ඡන්දය දෙන අයටත් සහය දක්වන අයටත් සාප වේවා කියල අකමැත්තෙන් උවද කියන්න සිදු වෙලා තියෙනවා. මේ රටේ හැම පක්ෂයකටම ගැතිකම් දක්වන බෞද්ධ භික්ෂුන් වහන්සේලා මර නින්දේ කියලයි මට සිතෙන්නේ. මේකද බෞද්ද කම කියල මගෙන් අහන්න එපා.(නදී)
රත්තරන් හස්තයක් මේ පිටුපස ඇති. නැත්නම් කොහොමද මේ වගේ වැඩ කරන්නේ.(අ)
දැන් නම් රටේ අකටයුතුකම් වැඩියි (නි)
ඔය ලොරිය ආවේ මොන පැත්තේ ඉඳලද හැබෑටම? (නි)
එහෙම නොවුනනම් පුදුමයි (දිල්)
මෙච්චර වද විඳින්න දෙයක්ද අනේ හැබෑට.වාහන බලපත්‍ර දීලා ඉවරයක් කළා වගේ අලි අල්ලන්න බලපත්‍ර දීලා අලි ටිකත් ඉවර කළා නම් !අලි කරදරයකිනුත් නිදහස්.(දිල්)
සිළුම නම් ගම ඇතිව මේ වගේ දේවල් හෙළි කරන්න හංගන්න එපා (දිල්)
ඔහොම දේශපාලුවන්ට තමය් රටේ "බුද්ධිමත්" ජනතාව ඡන්දෙ දෙන්නේ. ජයවේවා!!! (නි)
එහෙනම් ඉතිං හෙට විතර නිව්ස් වලට යයි අලි පැටියා තනියම ලොරියට නැගලා ගිහින් තියෙන්නෙ රියදුරා දන්නෙත් පොලිස්යෙන් නැවැත්තුම කියලා. අන්තිමට අනවසරයෙන් ලොරියකට නැග්ගා කියලා අලි පැටියට දඩ ගහලා උසාවී දායි(දිල්)
පුවත පළ කලාට ලංකාදීප පත්‍රයට අපේ ප්‍රණාමය.(දිල්)
මෙවැනි දේශපාලඥයින්ගේ නම් හෙළි කරනවා නම් හොදයි නැත්තන් අනික් අයටත් මේක දැනෙනවා (දිල්)
ගාමිණි, ඒ කට්ටියගේ ලැයිස්තුව දිග වැඩි නිසා "මෙවැනි දේ නොකරන" දේශපාලනඥයින්ගේ නම් ප්‍රසිද්ධ කළා නම් පහසුයි නේද? නම් දෙක තුනයිනේ දාන්න වෙන්නේ. (නි)
දේශපාලනඥයකුගේ සම්බන්ධයක් නැත්නම් මේ වගේ වැඩකට කවුරුත් අත තියන්නේ නැහැ ලේසියෙන්. (නි)
දැන් ඉතින් ලංකාවේ ඉන්නේ වැඩිහරියක් දේශපාලකයෝනේ ...... (නි)
අපි හිතුවා ඕක ඔහොම වෙයි කියලා (නි)
ළඟදීම ගරා වැටෙන්න ඔන්න මෙන්න කියල තියන මේ වලව් වලට මොකටද අලි පැටව්?? (අ)
සැම අලි හොර කමක් පිටුපසම ඉන්නේ දේශපාලකයෙක් හෝ ආගමික නායකයෙක්. එ්ක තමයි තිත්ත ඇත්ත. (නදී)
රටේ වෙන අකටයුතුකම් බොහොමයකට සම්බන්ධ දේශපාලනයට සම්බන්ධ අය තමයි (නි)
කුඩු කන්ටේනර් පිටින් ගෙනල්ලත් කිසිම දෙයක් නොවුණ එකේ අලිපැටියා ගැන කවර කතාද? (නි)