IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පූජාව අස්සේ රන්මාල කඩාගෙන

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

නුවරඑළිය පූඩලු ඔය පහල වීදියේ පිහිටි ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලේ පූජාවකට පැමිණ සිටි කාන්තාවන් තිදෙනකු ගෙල පැළඳ සිටි රන් මාල හතරක් කඩා ගත්තේ යැයි කියන ඉන්දීය ජාතික කාන්තාවක් ඇතුළු කාන්තාවන් හය දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් තිදෙනකු  සැකපිට අත්අඩංගුවට ගත් බව පූඩළුඔය පොලීසිය පවසයි.

කෝවිලට පැමිණ සිටි එක් කාන්තාවක් පැළඳ සිටි රුපියල් 850,000 වටිනා රන් මාල දෙකක් ධනවත් කාන්තාවක් ගෙල පැලඳ සිටි රුපියල් 16,57,500 වටිනා මාලයක් සහ අනෙක් කාන්තාව පැළඳ සිටි රුපියල් 510,000වටිනා රන් මාලයක් ද කඩා ගත් බව කියමින් මෙම නම දෙනා සැකපිට අත්අඩංගුවට ගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

අත්අඩංගුවට ගත් ගත් සැකකරුවන් සහ සැකකාරියන් අතර ඉන්දීය ජාතික කාන්තාවක් සහ ඉන්දීය ජාතික පුද්ගලයකු ද සිටින අතර සෙසු සැකකරුවන් සහ සැකකාරියන් පුත්තලම ,දිගන, කිලිනොච්චිය සහ යාපනය යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 35, 55 ,47 ,39, 47 සහ 29යන වයස්වල පසු වන්නෝ වෙති.

පූඩළුඔය පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් නම දෙනා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

 



අදහස් (0)

පූජාව අස්සේ රන්මාල කඩාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site