පූජාපිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් අඹතැන්න මුල්ලේගම පිහිටි මුස්ලිම් දේවස්ථානයකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තරුණයන් පස් දෙනාට සමාව දීමටත් ඔවුන්ට එරෙහිව අධිකරණයේ ඇති නඩුව ඉවත් කර ගැනීමටත් ඉරිදා (19) මුල්ලේගම ශ්‍රී ප්‍රියදර්ශනාරාම බෞද්ධ මධ්‍යස්ථානයේ දී ප්‍රදේශයේ මහා සංඝරත්නය සහ මුස්ලිම් ආගමික නායකයන් අතර මාධ්‍ය ඉදිරියේ පැවැති සාකච්ඡාවක දී තීරණය විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමගියෙන් ඉන්නවානම් කාටද ආඩම්බර (දී)
මේ සාමදානය ඇතිකරලා තියෙන්නේ මෙව්වා කරවපු අයම තමයි. මොකද සිල්වත් හාමුදුරුවරුවත් මුස්ලිම් පූජකවරුන්වත් මේ සිද්ධි වලට වගකිවයුතු හෝ මැදිහත්විය යුතු නැහැ. තමන්ගේ ඇම්බැට්ටයන්ට හිරේ යන්න වෙනකොට මුස්ලිම් පූජකවරුන්ට බලපෑම් කරලා හාමුදුරු වරුන්ටත් මේ සාකච්ඡා වලට ගෙනැල්ලා සේරම වැරදි වහගන්න උත්සාහ කරන්නේ රටේ ජාතියේ සහ ආගමේ අවාසනාවට පත් වෙලා ඉන්න දේශපාලකයෝ.(නදී)
අනේ වාසනාවන් (දී)
ගොඩක් ප්‍රකාශවලින් පේන්නේ දැන් සිංහල මිනිසුන්ගේ චින්තනයත් ආකල්පත් මිට දශක කිහිපයකට පෙර තිබුණාට වඩා ගොඩක් දියුණු වී ඇති බවයි. නමුත් තව පිරිසකටත්, බලලෝභී දේශපාලඥයන්ටත් නැති ජාතිවාදයක් ඇවිලවීමට උවමනා වී ඇති බව පේනවා. ජාතික සමගිය වැනසීමට පටු දේශපාලනයට ඉඩ නොදෙමු. (අ)
හොද දෙයක් නමුත් සමහර අයට රිදෙනවා කරන්න දෙයක් නැහැ.සෑම ආගමකටම ගරු කිරීමේ පිළිවෙත කුඩා කල සිටම පුහුණු විය යුතුයි.සමගි වුන තරමටම තමයි රටක් වශයෙන් දියුණුවක් ලබන්න පුළුවන්.(දිල්)
සාමකාමී ශ්‍රී ලංකාවක් ගොඩනගන්න සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග, මැලේ වන අපි එකට අත්වැල් බැඳගමු, සැමටම වාසනාවන්ත හෙට දිනක් පතමි.(දිල්)
මේවාට පැලැස්තර දාලා හරියන්නේ නැහැ, දීර්ග කාලින උත්තර අවශ්‍යයි (දී)
ඉතින් කිරිබත් කන්න වටිනා වැඩක්නේ (දී)
ලෝකේ හිනස්සන වැඩ නොකර අපි අපේ පාඩුවේ ජිවත් වෙමු (දී)
හැමදේකම සීමාවක් තියෙන්න ඕනේ.. ලංකාවේ කිසිම තැනක අලුත් පන්සල් පල්ලි කෝවිල් හදන්න දෙන්න හොඳ නැහැ.. ලංකාවට එක නීතියක් ගෙන්න ඕනේ.. ආගම මාරුවට පනතක් ගෙන්න ඕනේ.. නැත්නම් මේකත් බංග්ලාදේශය වගේ වේවි කවදාහරි.. (දී)
පිටබැද්දර ජයා, ඒක තමා කිව්වේ ඇෆ්ගනිස්තානේ වෙච්ච දේටත් සමාව දිය යුතු නැහැ. (නදී)
ආගමික අසමගිය බුදුන් දවසත් තිබ්බා (දී)
සමන් , එහෙනම් ඇෆ්ගනිස්තානේ ලොව උසම බුදු පිළිමෙට කරපු අපරාදෙට මොකද කියන්නේ ? (දී)
මේ සමගිය නැගෙනහිර පැත්තේ නැති එක තමා දුක(දිල්)
අපි කවදත් සමගියෙන් ඉදිමු (අ)
ඒක තමයි වෙන්න ඕනේ (දී)
කිසිදු ආගමික ස්ථානයකට හිරිහැර කරන අයට සමාව දීමේ අවශ්‍යතාවයක් නැහැ (දී)
ඔය එක්කෙනෙක් දෙන්නෙක්ගෙ වැඩ ගැන එට්චර හිතන්ඩ එපා අපි කවදත් වාගේ එකමුතුවෙන්ම ඉමු (දී)
ඕවට ගහල වැඩක් නෑ. දීර්ග කාලීන වැඩපිළිවලක් තිබිය යුතුයි. (දී)
ආගමික මත බේධ වලින් රටක් ගොඩ නගන්න බැහැ දී)