IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පූජාපිටිය බෞද්ධ මුස්ලිම් සමගිය හරි ඉහළයි

පූජාපිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් අඹතැන්න මුල්ලේගම පිහිටි මුස්ලිම් දේවස්ථානයකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තරුණයන් පස් දෙනාට සමාව දීමටත් ඔවුන්ට එරෙහිව අධිකරණයේ ඇති නඩුව ඉවත් කර ගැනීමටත් ඉරිදා (19) මුල්ලේගම ශ්‍රී ප්‍රියදර්ශනාරාම බෞද්ධ මධ්‍යස්ථානයේ දී ප්‍රදේශයේ මහා සංඝරත්නය සහ මුස්ලිම් ආගමික නායකයන් අතර මාධ්‍ය ඉදිරියේ පැවැති සාකච්ඡාවක දී තීරණය විය.



අදහස් (0)

පූජාපිටිය බෞද්ධ මුස්ලිම් සමගිය හරි ඉහළයි

නුවන් Monday, 20 January 2014 12:18 PM

සමගියෙන් ඉන්නවානම් කාටද ආඩම්බර (දී)

:       0       0

සෑම් Monday, 20 January 2014 12:26 PM

මේ සාමදානය ඇතිකරලා තියෙන්නේ මෙව්වා කරවපු අයම තමයි. මොකද සිල්වත් හාමුදුරුවරුවත් මුස්ලිම් පූජකවරුන්වත් මේ සිද්ධි වලට වගකිවයුතු හෝ මැදිහත්විය යුතු නැහැ. තමන්ගේ ඇම්බැට්ටයන්ට හිරේ යන්න වෙනකොට මුස්ලිම් පූජකවරුන්ට බලපෑම් කරලා හාමුදුරු වරුන්ටත් මේ සාකච්ඡා වලට ගෙනැල්ලා සේරම වැරදි වහගන්න උත්සාහ කරන්නේ රටේ ජාතියේ සහ ආගමේ අවාසනාවට පත් වෙලා ඉන්න දේශපාලකයෝ.(නදී)

:       0       0

නදුන් Monday, 20 January 2014 01:22 PM

අනේ වාසනාවන් (දී)

:       0       0

කමනි Tuesday, 21 January 2014 03:37 AM

ගොඩක් ප්‍රකාශවලින් පේන්නේ දැන් සිංහල මිනිසුන්ගේ චින්තනයත් ආකල්පත් මිට දශක කිහිපයකට පෙර තිබුණාට වඩා ගොඩක් දියුණු වී ඇති බවයි. නමුත් තව පිරිසකටත්, බලලෝභී දේශපාලඥයන්ටත් නැති ජාතිවාදයක් ඇවිලවීමට උවමනා වී ඇති බව පේනවා. ජාතික සමගිය වැනසීමට පටු දේශපාලනයට ඉඩ නොදෙමු. (අ)

:       0       0

අස්මිත් Monday, 20 January 2014 02:02 PM

හොද දෙයක් නමුත් සමහර අයට රිදෙනවා කරන්න දෙයක් නැහැ.සෑම ආගමකටම ගරු කිරීමේ පිළිවෙත කුඩා කල සිටම පුහුණු විය යුතුයි.සමගි වුන තරමටම තමයි රටක් වශයෙන් දියුණුවක් ලබන්න පුළුවන්.(දිල්)

:       0       0

ෂෙරිෆ් Monday, 20 January 2014 02:37 PM

සාමකාමී ශ්‍රී ලංකාවක් ගොඩනගන්න සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග, මැලේ වන අපි එකට අත්වැල් බැඳගමු, සැමටම වාසනාවන්ත හෙට දිනක් පතමි.(දිල්)

:       0       0

සුඅන්ත Monday, 20 January 2014 03:16 PM

මේවාට පැලැස්තර දාලා හරියන්නේ නැහැ, දීර්ග කාලින උත්තර අවශ්‍යයි (දී)

:       0       0

ලක්මාල් Monday, 20 January 2014 03:30 PM

ඉතින් කිරිබත් කන්න වටිනා වැඩක්නේ (දී)

:       0       0

දමිත් Monday, 20 January 2014 03:30 PM

ලෝකේ හිනස්සන වැඩ නොකර අපි අපේ පාඩුවේ ජිවත් වෙමු (දී)

:       0       0

සුමිත් Monday, 20 January 2014 03:36 PM

හැමදේකම සීමාවක් තියෙන්න ඕනේ.. ලංකාවේ කිසිම තැනක අලුත් පන්සල් පල්ලි කෝවිල් හදන්න දෙන්න හොඳ නැහැ.. ලංකාවට එක නීතියක් ගෙන්න ඕනේ.. ආගම මාරුවට පනතක් ගෙන්න ඕනේ.. නැත්නම් මේකත් බංග්ලාදේශය වගේ වේවි කවදාහරි.. (දී)

:       0       0

සමන් Tuesday, 21 January 2014 09:31 AM

පිටබැද්දර ජයා, ඒක තමා කිව්වේ ඇෆ්ගනිස්තානේ වෙච්ච දේටත් සමාව දිය යුතු නැහැ. (නදී)

:       0       0

විශ්වා Monday, 20 January 2014 03:55 PM

ආගමික අසමගිය බුදුන් දවසත් තිබ්බා (දී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 20 January 2014 03:55 PM

සමන් , එහෙනම් ඇෆ්ගනිස්තානේ ලොව උසම බුදු පිළිමෙට කරපු අපරාදෙට මොකද කියන්නේ ? (දී)

:       0       0

කමල් Monday, 20 January 2014 05:49 PM

මේ සමගිය නැගෙනහිර පැත්තේ නැති එක තමා දුක(දිල්)

:       0       0

ෂහීර් ඩාවිඩ් Monday, 20 January 2014 06:30 PM

අපි කවදත් සමගියෙන් ඉදිමු (අ)

:       0       0

පුෂ්පකුමාර Tuesday, 21 January 2014 12:08 PM

ඒක තමයි වෙන්න ඕනේ (දී)

:       0       0

සමන් Monday, 20 January 2014 11:00 AM

කිසිදු ආගමික ස්ථානයකට හිරිහැර කරන අයට සමාව දීමේ අවශ්‍යතාවයක් නැහැ (දී)

:       0       0

මොරාල Monday, 20 January 2014 11:03 AM

ඔය එක්කෙනෙක් දෙන්නෙක්ගෙ වැඩ ගැන එට්චර හිතන්ඩ එපා අපි කවදත් වාගේ එකමුතුවෙන්ම ඉමු (දී)

:       0       0

සම්පත් Monday, 20 January 2014 11:05 AM

ඕවට ගහල වැඩක් නෑ. දීර්ග කාලීන වැඩපිළිවලක් තිබිය යුතුයි. (දී)

:       0       0

සන්ද්යා Monday, 20 January 2014 11:50 AM

ආගමික මත බේධ වලින් රටක් ගොඩ නගන්න බැහැ දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 40 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site