IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පූජනීය ධාතු කොටස් වෙන්දේසියකට සැරසේ

(විමුක්ති එස් රුද්‍රිගු)

බොහෝ බෞද්ධ ජනතාවගේ විරෝධතාව මධ්‍යයයේ පූජනීය බෞද්ධ ධාතු 300කට අධික සංඛ්‍යාවකින් යුත් පුරාණ එකතුවක්, බ්‍රිතාන්‍යය පදනම් කරගත් සුප්‍රසිද්ධ ලලිත කලා, එකතු කිරීමේ භාණ්ඩ සහ ස්වර්ණාභරණ තැරැව්කාර ආයතනයක් වන සදබි වෙන්දේසි සමාගම විසින් හොංකොං ඩොලර් මිලියන 100 ක පමණ (ශ්‍රී ලංකා රුපියල් කෝටි 386 ක් පමණ) මුදලකට එළැඹෙන 7 වැනිදා වෙන්දේසි කිරීමට නියමිතය.

බෞද්ධ ධාතු ලෙස පිළිගැනෙන මැණික් ගල්, ක්‍රිස්ටල්, රත්තරන්,මුතු වලින් සමන්විත මෙම පුරාණ එකතුව 1898 වසරේදී ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි පිප්‍රහ්වා ගම්මානයේ බුදුරජාණන් වහන්සේගේ  ධාතූන් වහන්සේ තැන්පත් කිරීම සඳහා ශාක්‍යය වංශිකයන් ඉදිකළ ස්තූපයකින් සොයා ගෙන ඇත.

මෙම පුරාණ එකතුව කිසිවකට සමානකළ නොහැකි ආගමික, පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික වැදගත්කමක් ඇති එකතුවක් ලෙස විස්තර කරමින් සදබි වෙන්දේසි සමාගම සිය වෙන්දේසි ලැයිස්තුවට එක් කර තිබේ.

කෙසේ වෙතත් වෙන්දේසිය සිදු කරන සදබි හොංකොං කාර්යාලය සඳහන් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ ධාතූන් තැන්පත් කර තිබූ අළු බඳුනේ ඔබ්බවා තිබූ මැණික් ගල් මෙම එකතුවට ඇතුළත් වුවත් බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා ඇතුළත් නොවන බවයි.

 



අදහස් (6)

පූජනීය ධාතු කොටස් වෙන්දේසියකට සැරසේ

kamal Monday, 05 May 2025 01:55 AM

ජනාධිපති මන්දිරයෙන් සොරාගත් පිංතූරයත් ලන්ඩන් වෙන්දේසියේ

:       0       4

Lankaputha Monday, 05 May 2025 05:08 AM

එංගලන්තයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරමු. මැණික්, මුතු සහ ක්‍රිස්ටල් යනු සැබවින්ම බුදුන් වහන්සේ උතුම් නිවන් දැකීමට පරිභෝජනය කළ දේවල් ය.

:       3       2

ජිල්බු Monday, 05 May 2025 06:08 AM

මේ ධාතුද? මැණික්ද?

:       0       18

dds Monday, 05 May 2025 06:53 AM

පංසල් කියන්නේ ව්‍යාපාරික මධ්‍යස්ථාන හින්දා අවුලකුත් නෑ වැඩේ. මේවාට උස්සන් කෑගහන අය බුදු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මය පිළිපැදීම හැර අනික් ඔක්කෝම චාරිත්‍ර කරනවා.

:       2       22

kamal Koyrala Monday, 05 May 2025 11:02 AM

සියලු ජනතාව එක්වී ඔවුන්ගේ තක්සේරුව දී මේවා නැවත තැන්පත් කොට ආරක්ෂා කල යුතු වේ

:       3       3

The Three Idiots Monday, 05 May 2025 02:53 PM

නැවත රාජපක්ෂ යුගයක් එනකන් ද?

:       1       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site