34 වැනි පොලිස්පති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (20) ජනපති අතින් පත්වීම් ලිපිය ලබා ගැනීමෙන් පසු පොලිස් මූලස්ථානයේ දී වැඩ බාර ගත්තේය.
එම අවස්ථාවට ඔහුගේ බිරිය සහ දරු දෙදෙනාද පැමිණ සිටියහ.
කථානායක කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් දස පුද්ගල ව්‍යවස්ථා සභාවේ වැඩි ඡන්දයෙන් ඔහු පොලිස්පති පදවියට සුදුසු යැයි ජනපතිට දන්වා යවා තිබිණි.
ජයසුන්දර සමඟ තවත් දෙදෙනෙක් තරගයට ඉදිරිපත් වුහ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම් වික්‍රමසිංහ හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙති.
(ඡායාරූප හා වීඩියෝ පොලිස් මාධ්‍ය ඒකකය සහ ජනපති මාධ්‍ය අංශය)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2016 ට පියමන් කරන තුන් හෙලේ කැළෑතුල සිංහ පැටව් නෑ වුන් රට අත හැරගේසින් ... (ර)
නැගී තිබෙන පාතාලය හොරකම් ස්ත්‍රී දුෂන මර්දනය කර පිරිසිදු ශ්‍රී ලංකාවක් හදන්න ඔබ තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා ! (බ)
පොලිස් නිලධාරීන්ගෙන් සාමාන්‍ය පුරවැසියාට සාධාරණය ඉටුවන්නේ කලාතුරකින්. බලයට, ධනයට වගේම මැරයින්ට හා පාතාලයට ඇති සැලකීම සාමාන්‍ය පුරවැසියාට නෑ. ශ්‍රී ලංකා පොලීසියේ කටයුතු පිළිබඳ මට ඇති අත්දැකීම එයයි.(අ)
අපි මුලසිටම දැනගත්තා ඔබතුමා පමණි මේ නිලයට සුදුස්සා කියලා. අපි ඔබතුමාට හදවතින්ම සුබ පතනවා. අපි ඔබතුමාගේ නිහතමනීකමට මනුස්සකමට ගරුකරනවා. ඒක අපිට ආඩම්බරයක්. කටුනායක අපි ඔබ සමඟයි නිරන්තරයෙන්ම (නි)
ආරක්ෂක අමාත්‍යංශයේ වියදම් අඩු කිරීමට පොලිසියෙන් ලැබියයුතු දායකත්වය ඔබතුමාට ලබාදීමට හැකිවේවායි පතමි. ප්‍රභූ ආරක්ෂාවට, ප්‍රභූ උත්සව වලට, වෙනත් අනවශ්‍ය උත්සව වලට මෙකී නොකී වියදම් අඩුකොට ඒ මුදල් බඩු මිල අඩුකිරීමට යොදවන්න. මේ සඳහා පොලිස්පතිතුමා වශයෙන් ඔබගේ දායකත්වයත් ලබාදීමට හැකිවේවායි පතමි (නි)
ලංකාවේ බරපතළ අපරාධ හා අපරාධකරුවන් ඒ ඒ කාලයේ සිටි දේශපාලනඥයන්ගේ අඩු වැඩි අනුග‍්‍රහය මත ක‍්‍රියාත්මක වූ ඒවා බව පැහැදිලි දෙයකි. ඒ නිසා මහ මඟ දී හෝ අන් තැනෙක සිදුවන බොහෝ අපරාධවලට පෙනෙනා දකිනා වගකිවයුත්තන් හඹා යන විට, දම්වැලක පුරුක් සේ වන ඒ ගමන අවසන් වන්නේ දේශපාලකයන්ගේ දෙපා අසලිනි. ඒ නිසා ඔබ තුමා ගෙන් අප බලාපොරොත්තුවන්නේ කාර්යක්‍ෂම අපරාධ විමර්ශන යාන්ත‍්‍රණයක් මගින් මේවායේ සුල මුල සොයා යෑම ය. ඒවායේ වගකිවයුත්තන් නීතිය ඉදිරියට පැමිණවීම ය. සංවේදී අපරාධවල වින්දිතයන්, සාක්‍ෂිකරුවන් සේ ම සැකකරුවන් හා චූදිතයන් ද ආරක්‍ෂා කර ගැනීමට ඉතාමත් විචක්‍ෂණ වැඩ පිළිවෙළක් සකස් කොට ක‍්‍රියාවේ යෙදවීම ය. ඔබට සුබ පැතුම (අ)
ඉස්සර තමන්ට ඕනෑ හෙන්චයියන් පත් කිරීමේ ක්‍රමයත්, දැන් සුදුස්සන් තෝරන නියම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයත් අතර වෙනස මේකයි. යහපාලනයේ අඩුපාඩු පමණක් දකින අයට ඇස් ඇරේවා. (නි)
මිනිසුන්ට තලන සහ කුණුහරුප කියන අය පොලිසියෙන් ඉවත් කරන්න. (බ)
ඔබට උණුසුම් සුබපැතුම්. නිතිය අකුරටම ඉටු කිරීමට හැකියාව ලැබේවා. (බ)
පින්මද පුතුන් 100 යක් ලැබුණත් නිසරු ..එක පුන්සදෙන් දුරුවෙයි ලොව ගණ අදුරු ... (ර)
සුබපැතුම් වගේම යහපාලන රජයට ජය වේවා ! (බ)
ඔබට ඕස්ට්‍රේලියාවේ සිටින අපගෙන් සුබ පැතුම්. (බ)
පොලිස්පතිතුමාට අපේ ප්‍රණාමය! (බ)
ඔබතුමාට ජයවේවා ....! (නි)
කොයිතරම් නිල තානාන්තර ලැබුණත් වෙනස් නොවී ජාතියට ආගමට ඉතාමත් බැතිමත් ඔබතුමාට මගේ සුබ පැතුම් තෙරුවන් සරණයි ! (බ)
එදා පුජිත මල්ලි කියලා කට පුරා අමතන්නට අපට අවස්ථාව තිබුනා. ඉදිරියටත් පොලිස්පතිතුමනි කියලා ඒ විදියටම අමතන්නට අවස්ථාව අපට ලබාදෙන්න. ඔබට නව තනතුරේ කටයුතු එදා වගේම සාධාරණව යුක්තිගරුකව ඉටුකිරීමට ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරමි. දම්රද පුතුන් හැමදා ඉදිරියෙන් තබමු. (නි)
ජාතිය ආගම පාසල මොකක් වුවත් ඔබ ශ්‍රී ලංකා මාතාවට බිහි වූ තවත් යුග පුරුෂයෙක්. පක්ෂ පාට බේද නොතකා රට වෙනුවෙන් යහපත් සේවාවක් ඉටු කරයි යන යහපත් හැගුමෙන් ඔබ තුමාට සුබ පතමි! (බ)
උණුසුම් සුබ පැතුම්! ඔබයි නියම සුදුස්සා (නි)
කොන්ද කෙළින් තියාගෙන, එඩිතරව රාජකාරි කරන්නට අවස්ථාව ලැබේවා! (නි)
එඩිතර තීරණ ගැනීම නොබියව අවංක කමින් සේවය කිරීම විනාණුකූලව සියලු ජන කොටස් හැසිරවිමට ශක්තිය ලැබේවා. දේශපාලකයන්ගේ අතකොලුවක් නොවේවා.ඔබට සුබ පැතුම්, (අ)
කොන්ඩේ කොටට කපලා පිළිවෙලට පීරුවනම් වඩාත් හොඳි වගේ (අ)
මට තිබෙන ප්‍රශ්නය තමයි විශ්ව විද්‍යාල ළමයිගේ ඔලුවට පොල්ලෙන් ගහපු වෙලාවේ පොලිස් නිලධාරින් බෙරා ගන්න වගකීමෙන් බොරු මාධ්‍යට ප්‍රකාශ කළ කෙනෙක්ගෙන් ජනතාවට වැඩක් වෙයිද කියල .මේ ජනතාව වෙනුවෙන් කරපු පත්කිරීමක් නෙමෙයි . රජය බේරගන්න කරපු පත්කිරීමක් (අ)
ඔබතුමාට අපෙන් උණුසුම් සුබ පැතුම්! (නි)
ඔබතුමාට අපෙන් උණුසුම් සුබ පැතුම්! (නි)
අපෙන් සභපැතුම් (අ)
නීතිය අකුරට ක්‍රියා කරන, දහමට ලැදී ඔබවන් කෙනෙක් අපරටට වාසනාවන්. .මහත්මයාණෙනි මගෙන් උණුසුම් සුබපැතුම් . (අ)
තෙරුවන්ගුණ බලයෙනුත් සියලු දෙවිවරුන්ගේ පිහිටෙනුත් කිසිකෙනෙකුගෙන් බාධාවකින් තොරව ,අප මවුබිම ආරක්ෂා කරන්න ලැබේවා. (අ)
ඔබට මාගේ සුබ පැතුම්.! (ර)
බෙනට් හරියට හරි. එ්ත් එ්ක මෙතුමාගේ වරද නෙමෙයි. මේ රට පාලනය කරන එවුන්ගේ වරද. මෙතුමා හරියට රස්සාව කරනම් අද මෙතන නැහැ. පුදුම රටක්. (බ)
ඡන්ද කාලේ යහපාලන ස්ටේජ් වල නැගල, යහපාලන ආණ්ඩුව බිහිකරන්න දුන්නු සහයට කළගුණ සලකල දුන්නු දේශපාලන පත්වීමක් එහෙම නෙවෙයි නේද? (බ)
සර් ඔබට සුබ පැතුම්. තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි. ඔබ තමයි පොලිස්පති ධූරයට නියම සුදුස්සා ඔබ ගැන අපට ආඩම්බරයි (බ)
ඔබතුමාට සාධාරණව සේවය කරන්න ජය ශක්තිය ලැබේවා දෙවි පිහිටයි (බ)
මුලික අධ්‍යාපනය ලැබූ මුකලන්යාය හා ඉබ්බාගමුව අමතක කරන්න එපා (බ)
ඔබතුමා සහකාර පොලිස් අධිකාරී විදියට මුලින්ම අාවේ රත්නපුරේට. අපි යෞවන සමාජ වල කටයුතු වලට ඔබ ඊට උනන්දුවෙන් සහය දුන්න. එදා ඉදන් අද වෙනකම් ඔබතුමා ගැන පලවෙන හැම තොරතුරකදීම අපි සතුටු වුනා ඔබ අපේ කෙනෙක් කියලයි අපට දැනෙන්නේ. ඔබට ලොකු වෙනසක් කරන්න ඉඩකඩ ලැබේවායි පතමු, උඩවෙල විකසිත යොවුන් සමාජය. (බ)
චින්තක දන්නේ නැතුව වෙන්න ඇති එතුමා පත්කළේ ව්‍යවස්ථාදායක සභාවෙන් කියලා. 19 වෙනි සංශෝධනය නිසා දැන් රජයේ නිලධාරීන්ට කොන්ද කෙළින් තියාගෙන රාජකාරි කරන්න පුළුවන් (නි)
මා දන්නා තරමින් කන්ද උඩරටත් රජරටත් යාකරමින් බිහිවූ ප්‍රථම පොලිස්පතිවරයා ඔබයි. අප විදුහලේත් තනතුරේත් ගෞරවය රැකගැනීමට ඔබට හැකිවේවා! (නි)
ඔබට ජයෙන් ජය! (නි)
ඔබට අපේ සුබ පැතුම්! (නි)
අනාගත පරපුර මත්කුඩු විපතින් මුදාගන්නට ඔබතුමාට යෝධ ශක්තිය, බලය ලැබේවා! ඔබතුමාට දළදා හාමුදුරුවන් වහන්සේගේ පිහිටයි. (නි)
ඔබට සාර්ථකව රාජකාරිය කරගෙන යාමට හැකිවේවා! (නි)
පුජිත් ජයසුන්දර මැතිතුමනි ඔබට උණුසුම් සුබපැතුම් !!!!!! (හේ)
ඔබට අපගේ උණුසුම් සුබපැතුම් (හේ)
සුබ අනාගතයක් ඔබ තුමාට....අපේ රටේ බිහිවූ අවංක පොලිස් නිලධාරියෙක්..(බ)
පාතාල මර්දනය ස්ත්‍රී දුෂකයන් මංකොල්ල කරුවන් තුරන් කර ලස්සන සුන්දර රටක් ඔබගේ පාලන කාලය තුලදී අපි බලා පොරොත්තු වෙනවා ඔබට ජය වේවා! (බ)
ඔබතුමාට අපේ උණුසුම් සුභපැතුම් (ම)
ඔබයි නියම සුදුස්සා...ඇති හැකි අයට වඩා නැති බැරි අයගේ ප්‍රශ්නවලදී කාරුණික වන්න............ඔබට ජය...............(ම)
ඔබතුමාට සුබ පැතුම් සමග අපගේ ආචාරය (ම) .
රාජකාරිය දේවකාරියටත් වඩා උතුම් යැයි ඔබ කිවුවා මට මතකයි. පොලිස් නිලධාරියාගේ දුක වේදනාව, ගෞරවය ඔබගේ හදවතේ කැකෑරෙන බලාපොරොත්තු ගැන ඔබ කිවුවා මතකයි. කරදරයකට දුකට බියට පත්වූ මහජනයා පොලිසියට ආවිට පොලිසිය ඒ තැනැත්තාට සැළකිය යුත්තේ කෙසේදැයි ඔබ කිවුවා මතකයි. පළපුරුදු, නීතිගරුක, අවංක, ධර්මිෂ්ට, එඩිතර, දුකහඳුනන ඔබ පොලිස්පති නිලයට පත්වීම මට අරුමයක් නොවේ (නි)
මීට කලින් පත් වු පොලිස්පතිවරුන්ට වඩා ඔබේ ගැන ජනතාවගේ ලොකු ප්‍රසාදයක් සහ බලාපොරොත්තුවක් ඇත.(හේ)
දම්රද මෑණියන්ගේ සෙවණේ හැදීවැඩුන ඔබ කවදාහරි පොලිස්පති වෙන බව දම්රද මෑණියන්ගේ පුතුන් හැමදාම ප්‍රාර්ථනා කළ දෙයක්. අද එය සමරන්න අපට හැකියාව ලැබුනා. රට වෙනුවෙන් යහපත් සේවාවක් කරන්න ඔබට දළදා හිමි පිහිට ලැබේවා! (නි)
මගේ උණුසුම් සුභ පැතුම් (ම)
ඔබතුමාට දළදා සමිදු සරණයි! අපේ උණුසුම් සුභ පැතුම්! (නි)
ජයවේවා ...!! (බ)
ඔබට උණුසුම් සුබපැතුම්. නිතිය අකුරටම ඉටු කිරීමට හැකියාව ලැබේවා. (බ)
ගරු පොලිස්පතිතුමනි, සාදාරන සමාජයක් බිහිකරන්න විනයානුකූල නීතිගරුක පොලිසියක් හා සමාජයක් බිහිකරන්න රටට සාමය උදාකරන්න ඔබතුමාගේ යහපත් සිතුම් පැතුම් ක්‍රියාවට නංවන්න ඔබතුමාට තුණුරුවන්ගේ පිහිට හා 33 න් කෝටියක් දෙවි දේවතාවන්ගේ පිහිට ආශිර්වාදය හා රැකවරණය ලැබෙවා ..!!! නිදුක් නිරෝගි සුව පතමු. චිරං ජයතු! (නි)
ගරු පොලිස්පතිතුමනි, පැරිස් පුරවරයෙන් ඔබතුමාට මේ උණුසුම් සුබ පැතුම් !!! (නි)
ගරු පොලිස්පතිතුමනි, එ.ජා.ප. යුරෝපා සංවිධානය පැරිස් ශාඛාව වෙතින් මේ උණුසුම් සුබ පැතුම් ..!!! (නි)
ධර්මරාජ පුතනුවෙකු වශයෙන් ඔබ ගැන ඉමහත් ආඩම්බරයට පත් වෙමි. දේශපාලන අතකොලුවක් බවට පත් නොවී ඔබේ කීර්ති නාමය රැක ගන්න. සාධාරණ ජනතා අරගල වලදී සංයමයෙන් ක්‍රියා කරන්න පොලිසියට උගන්වන්න.මේ රටේ ජනතාව ඔබව තවත් ඉහලට ඔසවා තබාවි. අනාගත ජාතික නායකයෙකුගේ පෙර ලකුණු අපි ඔබ තුලින් දකිනවා. (අ)
ඉසුරන්දි කියපු දෙය සහතික ඇත්ත. වැදගත් වෙන්නේ පුද්ගලයාගේ ආගම හෝ ජාතිය නොව බාරගත් නිලය නිසිලෙස ක්‍රියා කරවීමයි. (ර)
මේ අවස්ථාවට පොලිසියේ කොස්තාපල්, සාජන් වගේ අයත් සහභාගි කරගත්තොත් හොඳ නැද්ද?පොලිසියේ තරම් නිලධාරිවාදය රජ කරන්නේ නැහැ කොහේවත්. ඔහුට සැබෑ වෙනසක් කර පෙන්වන්න හැකිවේවා! (නි)
සුන්දර මිනිසුන් අතර මිනිසකු පොලිස් මුල් පුටුවට! චිරං ජයතු! (නි)
ඔබට හා රටට ජය! (නි)
සුදුස්සාට සුදුසු තැන යහපාලනයෙන් ලැබුවගයි (නි)
ඔබතුමාට සුභ පැතුම්! (නි)
සුබ පැතුම් ඔබට! (නි)
සුබ පැතුම් අපෙන්! ධර්මරාජයෙන් බිහිවුණු ඔබ අපට ආඩම්බරයකි. (නි)
අවසානයේදී සුදුස්සාට සුදුසු තැන ලැබුනා (නි)
ගරු ජනාදිපති තුමණි, ගරු අගමැතිතුමනි, නව පොලිස්පතිතුමාට සාමය පතුරා නිතිය වපුරා එහි පලනේලන්න යටිතල පහසුකම් හා වටපිටාව සරුකර දුනහොත් රටත් රටෙවිනයත් සුවදින් මලින් ගුණ දර්මයෙන් පලදරා යහපත් සමාජ තලයක හැ ඩකාර මවුබිම අටුකොටු පිරී ඉතිරි යනු නියතයි .මගේ රටට දළදා හිමි සරණයි ඔවු අපේ රටට දළදා සෙවනයි ..!!! (ර)
වැදගත් පවුලක් බව මුහුණු වලින්ම පෙනෙනවා. ඔබ රටට වාසනාවක්! (නි)