IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පූජාගේ ආතා ආතල්

2016-05-12-ent-53පසුගියදා හග්ගල මල්වත්තේ චිත්‍රපට රූපගත කිරීමක් අතරතුරදී සිදුවූ අපූරු සිද්ධියක් ගැනයි මේ සටහන.

මේ චිත්‍රපටයෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ ජනප්‍රිය නිළි පූජා උමාශංකර්. මේ දිනවල අතිසාර්ථක ලෙස තිරගතවන "පත්තිනි" චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන පූජාගේ දක්ෂතාවය වගේම ඇගේ නිහතමානී බව හා අව්‍යාජ බව ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනෙ.

දර්ශන තලය සකස් වනතුරු පූජා මිතුරියන් දෙදෙනෙකු සමඟ මල්වතතේ නවතා තිබුණු වෑන් රථයක් තුළ කතා කර කර හිටියලු. එක පාරටම ඇගේ අවධානය වෙන පැත්තකට යොමු වුණා.

"අනේ එක්ස්කියුස් මී, පොඩ්ඩක් ඔහොම ඉන්න. හොරු කට්ටියක් ඉන්නවා මට පේනවා. මම දුවලා ගිහිං එන්නම්" කියලා වෑන් රථයෙන් බැහැලා ඇය විදුලි වේගයෙන් දිව්වලු.

ඔන්න විනාඩි පහකින් විතර මොනවද කකා ලොකු හිනාවකුත් දාගෙන පූජා වෑන් එකට ආවලු. අර යාළුවො දෙන්නා අන්දුන් කුන්දුන්වෙලා බලන් ඉන්නවලු.

"කොහෙද පූජා වෙඩිල්ල වගේ බැහැලා දිව්වෙ?"

"අයියො නැහැ. පොඩි ආතා ආතල් එකක්," පූජා කිව්වලු.

"ආතා ආකල් එකක්?"

"ඔව් ඔව් අපේ crew එකේ කොල්ලො ටිකට ආතා ගෙඩියක් හම්බවෙලා. ඒ ගොල්ලො මට හොරෙන් ගහක් යටටවෙලා වැඩේ දෙනවා මම දැක්කා. ඒකයි මම දුවලා ගියේ. මාර ආතා ආතල් එක," ඇය සුපුරුදු ලෙස හිනාවෙමින් කිව්වලු.

 

DESHAYA



අදහස් (0)

පූජාගේ ආතා ආතල්

ඉන්දු Sunday, 15 May 2016 04:32 AM

පූජාගේ සිංහල දැනුම ගැන හරි පුදුමයිනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 750 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site