අගෝස්තු 12 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය වන අශ්තෝෂ් ගවෙස්කාර්ගේ "මොහෙන්ජෝ දාරෝ" චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පොවන රිතික් රෝෂන් එහි ඔහු සමගින් ප්‍රධාන නිළි චරිතයට පණ පොවන පූජා හෙඩ්ජ් පිළිබඳව සහතියක් ලබාදී ඇත.
පූජා දක්ෂ නිළියක බවත්, ඉතා කෙටි කාලයකින් බොලිවුඩ් සිනමාව තුළ ඇය ජනප්‍රිය ලැයිස්තුවේ ඉහළට පැමිණෙන නිළියක බවත් ඔහු පසුගියදා මාධ්‍යය සමග එක්වෙමින් පවසා තිබේ.
පසුගියදා "මොහෙන්ජෝ දාරෝ" චිත්‍රපටයේ පළමු ප්‍රචාරක ගීතය එළිදැක්වු අවස්ථාවේ පූජාට ලැබුණ රසික ප්‍රතිචාර හරහා මේ බව ඔප්පු වන බවත් රිතික් ඇය සම්බන්ධව වැඩිදුරටත් පවසා ඇත. වෘත්තීය මට්ටමේ දක්ෂ මෝස්තර නිරූපිකාවක වන පූජා, මෙම චිත්‍රපටයට පෙර දමිළ හා තෙලිඟු චිත්‍රපට කිහිපයකම රංගනයෙන් දායක වී ඇත. කෙසේ වෙතත් ඇය බොලිවුඩ් සිනමාවට පිවිසෙන්නේ මෙම "මොහෙන්ජෝ දාරෝ" චිත්‍රපටය හරහා වීම විශේෂත්වයකි.
මෙම චිත්‍රපටයේ පූජා, රිතික් සමගින් සරාගි දර්ශන කිහිපයකටම පෙනී සිටින අතර, ඒ සම්බන්ධව මේ දිනවල ඉන්දීය සිනමා වෙබ් අඩවි තුළ දැඩි කතාබහකට ලක්ව තිබේ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පූජා ගැන රිතික් කියපු දේ