IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


පුංචි සභා 138 ක් ඇරීම කල්යයි

(සුජිත් හේවාජුලිගේ)

පළාත් පාලන ආයතන339න්  එකසිය හැත්තෑ අටක් සභික  නම්   ලැයිස්තු භාරදීම ප්‍රමාද වීම  ප්‍රධානීන් පත් නොකිරීම හා  විවිධ නීතිමය ගැටලු  හේතුවෙන්   අද(2) දිනයේ   ස්ථාපනය කිරීම  ගැටලුකාරී වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිකුත් කළ ගැසට් නිවේදනය අනුව   සියලුම පළාත් පාලන ආයතන අද දිනයේ  පිහිටුවා අවසන් කළ යුතුවේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසූවේ  පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයට අදාළව  මෙතෙක් ලැබී ඇති සභික   ලැයිස්තු ගැසට් කර ඇති බවයි.

එසේම සියයට පනහකට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලැබූ ( බහුතරය ලැබූ)  පළාත්  පාලන ආයතන 161ක  නගරාධිපතිවරුන් නියෝජ්‍ය නගරාධිපතිවරුන් සභාපතිවරුන් සහ උපසභාපතිවරුන් පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ බවද ඔහු සඳහන් කළේය.

කොළඹ මහ නගර සභාව ඇතුළු තවත් සභා 178ක නගරාධිපතිවරුන් නියෝජ්‍ය නගරාධිපතිවරුන් නගර සභාපතිවරුන් සහ උපසභාපතිවරුන් ගැසට් කිරීමට තිබෙන බව සභාපතිවරයා ප්‍රකාශ කළේය.

පළාත් පාලන ආයතන 161ක නම් ලයිස්තු  සම්පූර්ණ බවත්   එම සභා අද පිහිටුවීමට ගැටළුවක් ඇති නොවන බවත් මැතිවරණ කොමිසම පවසයි.

පළාත් පාලන ආයතන සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සියලුම සභිකයන්ගේ නම් ලැයිස්තු   මැයි 30 මධ්‍යම රාත්‍රී 12ට පෙර  දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන්ට භාර දිය යුතු බවට  මැතිවරණ කොමිෂන් සභාව  ඉකුත්දා නියෝග කළේය. එහෙත් ඇතැම් දේශපාලන පක්ෂ සමහර ලැයිස්තු තවමත් භාරදී නොමැත. මේ සම්බන්ධයෙන්  රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්  ආලෝක බණ්ඩාර මහතාගෙන් කරුණු විමසීමට උත්සහ දැරුවද එය ව්‍යාර්ථ විය.

අවශ්‍ය බහුතරය නොමැතිකම හේතුවෙන් කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 178ක නගරාධිපතිවරුන් නියෝජ්‍ය  නගරාධිපතිවරුන් සභාපතිවරුන් උපසභාපතිවරුන්  ඡන්දයෙන් තෝරා පත් කර ගැනීමට සිදුව ඇත. මෙම ඡන්ද විමසීම් පළාත් පාලන  කොමසාරිස්වරයා විසින් ලබන සතියේදී සිදුකෙරෙනු ඇත

 

 



අදහස් (5)

පුංචි සභා 138 ක් ඇරීම කල්යයි

Angna Kouross Monday, 02 June 2025 11:34 AM

ආයතනේ නැතිවුනාට මෙච්චර කල් ඔය පලාත් තිබුණනේ. ගිලාබැස්සේ නෑනේ. ඒක හින්ද දිගටම ඔහොමම තිබුණාවේ. පගා කොමිස් පප්පලට යන සල්ලිත් ඉතුරුයි.

:       2       58

Kamal Koyrala Monday, 02 June 2025 12:27 PM

විකෘති මැතිවරණ ක්‍රමය සහ දේශපාලකයන් සියල්ලට උඩින් ඉන්න හන්දා මැතිවරණ කොමිසම හෝ රාජ්‍ය පරිපාලනය කියන දේවල් පයිසෙකට ගණන් ගන්නේ නෑ. හෝ විපක්ෂයේ හවුල් කණ්ඩායම් හැදෙන තුරු මැතිවරණ කොමිසම ඔවුන්ට අවස්ථාව දීලා තියෙනවා.

:       46       12

රුවන් Monday, 02 June 2025 01:27 PM

නගරසභාව, මහනගර සභා හැරුණාම අනිත් සභා ඔක්කෝම ගුල්ලෝ ගහලා වගේ කිසිම වැඩක් නෑ... ජනතා බදු මුදල් නාස්ති වෙන එක විතරයි වැඩේ. අපේම නෑයෙක් ඉන්නවා.. එයා ගමට කර ගත්තේ තමාට කියලා බස් 4-5ක් දාගත්තු එක විතරයි. දැන් නම් වංචා, දුෂණ වලට නඩු වැටිලා...

:       0       10

අරවින්ද මොණරවිල Monday, 02 June 2025 04:32 PM

සභික නම් ලැයිස්තුව නිසි වෙලාවට බාර නොදුන්නොත් ඊළඟට කරන්න ඕනෑ දේ මැතිවරණ පනතේ ලියලා ඇති ඒක නොකර මැතිවරණ කොමිසම කෙකර ගාන්නේ විපක්ෂයේ අර්බුද නිමා කර ගන්නාතුරු වෙන්න ඕනෑ. රනිල් වික්‍රමසිංහ පත් කෙරුව විපක්ෂයට පක්ෂපාති ස්වාධීන මැතිවරණ කොමිසම අනුර කුමාර කරේ තියාගෙන යන ගමන් කෙඳිරිත් ගානවා.

:       27       4

AD Monday, 02 June 2025 05:13 PM

පළාත් පාලන ආයතන ලැයිස්තු බාරදීම ප්‍රමාද වීම, ප්‍රධානීන් පත් නොකිරීම හා විවිධ නීතිමය ගැටළු පිළිබඳ ජනතාව දැනුවත් කිරීම මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් පමණක් සිදුවිය යුතු අතර වෙනත් කිසිවකු හෝ කිසිඳු පාර්ශවයක් විසින් ඒ පිළිබඳ අදහස් හෝ මත නොකළ යුතුවේ. මැතිවරණ පිළිබද ප්‍රකාශ නිකුත් කිරීම මාධ්‍යයට අදහස් දැක්වීම මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් සිදුවිය යුතු වේ..

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 223 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 376 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 709 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site